රැකියාවක නියුතු තරුණියකි. දිනක් ඇය යෙහෙළියක් සමග ඔරලෝසු සාප්පුවකට ගොඩවූයේ ළඟ එන තම උපන් දිනය වෙනුවෙන් අත්ඔරලෝසුවක් මිලදී ගන්නා අදහසිනි. ඔවුන් විවිධ මාදිලියේ ඔරලෝසු පරීක්ෂා කරන අතරේ ඔවුනගේ හිත ඇඳී ගියේ රුපියල් තුන්දහසක් වටිනා අත්ඔරලෝසුවකටය. පසුව මිලදී ගන්නා අදහසින් ඔවුහු සාප්පුවෙන් පිටවූහ.
උපන් දිනයදා වටිනා කේක් ගෙඩියක් සහ කෙසෙල් ඇවරියක්ද රැුගෙන තරුණිය තම කාර්යාලයට පැමිණ කාර්යය මණ්ඩලයට තේ පැන් සංග‍්‍රහයක් පැවැත්වූවාය. සැවොම තළු මරමින් කේක් රස බැලූහ. ”හැමදාම ‘‘බර්ත් ඬේස්” තියනවා නම් කොච්චර හොඳද” නිලධාරියෙක් පැවසුවේ තවත් කේක් කෑල්ලක රස බලමිනි. සේවය නිමා වී තරුණිය ඔරලෝසු සාප්පුවට ගොස් පෙර කී අත් ඔරලෝසුව මිලදී ගෙන පාර්සල් කරවා ගත්තාය. නිවෙසට පැමිණි විට ඇයගේ සොහොයුරා, ”අක්කේ ඔෆිස් එකෙන් ඔයාගේ බර්ත් ඬේ එකට මොනාද ලැබුණේ” යනුවෙන් විමසීය. ඇය තමා මිලදී ගත් කුඩා පාර්සලය ඔහු අත තැබුවාය. සොහොයුරා පාර්සලය විවෘත කළ විට දක්නට ලැබුණේ අලංකාර අත්ඔරලෝසුවකි. ”අක්කාගේ ස්ටාෆ් එකේ අය කොච්චර හොඳද” සොහොයුරා පැවසීය. ඇය නිහඬව සිනාසුනාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කාර්යාලයේත් උපන්දිනේට හැම කෙනාම කේක් දෙනවා අපි තෑගි දෙන්නේ නැහැ.සමහරු ට්‍රීට් දෙන්නෙත් නැහැ.අපිට තෑගි හම්බවෙන්නෙත් නැහැ.ළඟම යාලුවෙක්නම් එදෙන්නා තුන්දෙනා තෑග්ගක් දීගන්නවා.සාමාන්‍යයෙන් කේක් වලට රුපියල් හත් අට දාහක් යනවා.(දිල්)
පව්, නංගී තෑග්ගක් බලාපොරොත්තු වෙලා ඉන්න ඇති කාර්යාලයෙන්. මම නම් තෑග්ගක් අරන් දෙනවා එයාට. (නදී)
මටත් ඔහොම අතීතයක් තිබුනා,සුබ උපන් දිනයක් වේවා සහෝදරිය, ඔබට ජය .(හේ)
ඉතාම නිහතමානී දියණියක් වගෙයි. ඔබ කල කාර්යයේ වටිනාකමක් ඇත. කිසිම වටිනාකමක් නැත්තේ නිකන් කේක කන අය ලඟයි (නදී)
හද ගැහෙන රිද්මයට ගැලපෙන වටිනා ඔරලෝසුවක් ලබේවා ! සුබ උපන් දිනයක් (නදී)
අනේ පවු! (නි)
සුභ අනාගතයක් තියන දියණියක්. සුභ උපන් දිනයක් වේවා. (නදී)
ක‍්‍රිස්ටෝපර් සීපියන් කොහොමද මේක දැන ගත්තේ? තමුසෙද ඔරලෝසුව අරන් දුන්නේ (නදී)
හොඳම හොඳ කෙනෙක් (නි)
සුභ උපන් දිනක් නගා (නදී)
සැහෙන හොද කෙනෙක්, සුබ උපන්දිනයක් (දිල්)
සුභ උපන් දිනයක් නැගණියනි. රස කර කර කේක් කාපු අය ගැන නම් කණගාටුවක් දැනෙනවා.(දිල්)
මම හිතන්නේ ඇය හැම දෙනාවම ආරක්ෂා කරගනිමින් තම උපන්දිනය සමරුවා කියලා. ඔබගේ මතු දිවිය සතුටින් ගතවේවා! සුරකුමරෙක් වගේ හිමියෙක් හිමිවේවා! සිරිලක් මවගේ රැකවරණය හිමිවේවා! උපදින හැම දිනම සුභ දිනයක් වේවා! (නදී)
මට මිස්ටර් බීන් මතක් උනා. අහිංසක උත්සහයක්. සුබ උපන්දිනයක් ඔබට. ලබන වසරේදී ඔයාගෙන් කේක් කාපු අයයි, නොකාපු අයයි දෙගොල්ලොම ඔයාට තෑගි දේවි. ඔයාට සුබ අනාගතයක්.! (ර)
පව්.! අහිංසක කෙල්ලෙක්. දුකත් හිතුනා. (ර)
ඔයාට සුබ උපන් දිනක්. පව්.! අපරාදේ පාටියකුත් දීලා. (ර)
ඔයිට වඩා වෙනස් විදියට ඔය වගේ දේවල් අපටත් සිද්ධ වෙලා තියනවා. (නදී)
අනේ පව් කෙල්ල (දිල්)