(හාරිස්පත්තුවේ මොහොමඞ් ආසික්)
තැඹිලි වෙළෙන්දෙකුගෙන් රා බෝතලයක් ඉල්ලීමේ පුවතක් මහනුවරට නුදුරු ගම්බද ප‍්‍රදේශයකින් වාර්තා විය.
සිද්ධිය සැකෙවින් මෙසේය.
මහනුවර නගරයට නුදුරු එක්තරා ගම්බද ප‍්‍රදේශයක තැඹිලි හා කුරුම්බා වෙළෙන්දකු කරත්තයකට තැඹිලි හා කුරුම්බා පුරවාගෙන වෙළඳාම් කරමින් පාර දිගේ ගියේය. එහිදී ඔහු කුරුම්බා විකිණීම සඳහා විවිධ විදිහට හඬ නැගීය. ඔහු විකිණූ කුරුම්බා අතර කුන්දිරා වර්ගයේ කුරුම්බාද විය. ඒ සඳහා ඔහු හඬ නැගුවේ ”කුන්දි රා බොමු කුන්දි රා බොමු” යනුවෙනි. මෙහිදී ඔහුට කුන්දි යන්න සිහින් හඬින්ද රා යන්න සැරෙන්ද කියැවිණ. දුර සිට අහන කෙනකුට කුන්දි යන්න පැහැදිලිව සවනට නොවැටේ.
ගමේ ඈත කොනක සිට මේ හඬට සවන් දුන් එක් පුද්ගලයකු දුවගෙන ඇවිත් ”මට බෝතලයක් දෙන්න” යැයි කීය. ”බෝතලයක් මොන බෝතලයක්දැ”යි වෙළෙන්දා ඇසීය. ”රා බෝතලයක්” ඔහු එක්වරම පිළිතුරු දුන්නේය. රා කොහෙන්ද තැඹිලි කරත්තයේ යැයි වෙළෙන්ඳා නැවත ඇසීය.
”ඇයි එහෙනම් ඔහේ දැන් කෑගැහුවේ රා බොමු රා බොමු කියා” යැයි කී විට වෙළෙන්ඳා සිනාසෙමින් කීවේ මං කෑගහල කිව්වේ රා බොමු කියල නොවෙයි කුන්දිරා බොමු කියලා. කුන්දිරා කියන්නේ හොඳ කුරුම්බා වර්ගයක් ඒවා එකක් නම් කපල දෙන්නම් කියද්දී ඔහුද හිමිහිට එතැනින් නික්ම ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳම 'රා' බොන්නෙක් වගෙයි (නි)
පිටකොටුව- කොට්ටාව බස්වල කොන්දොස්තරලා කෑගහන්නේ පිට ඔට්ටුව - ඔටාවා (කැනඩාවේ අගනුවර) කියලා (නි)
මිගමුව බස්වලට නගින්නේ මීගොන් කියල. සමහරු නගින්නේ ලැජ්ජාවෙන්. (නදී)
බෝතලයක් ඉල්ලුව කෙනාගේ නම "කුන්දී" ද? බොරැල්ලේදී බස්වලට කැගහන්නේ "හොටුව" "පිටඔටුව" කියලා. (නදී)
ඇයි බස්වල කොන්දොස්තර මහත්වරුත් කෑ ගහනකොට ඔය වගේ වචන වෙනස් වෙන්නේ (දිල්)
නුවර සිට අනුරාධපුරයට යන බස්වලට කියන්නේ අන්ඩ පුර කියලයි (නදී)