IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


තැඹිලි හොරෙන් කපා පින් දෙකක් කරගෙන

බෙන්තොට ජේ. ඉඳුරුවගේ     
නිවෙසක හත් දවසේ දානමය පින්කමකට තැඹිලි වල්ලක් කපා විකුණා මුදලක් සොයා ගැනීමට සිතූ අයකුට ඉමහත් වෙහෙසක් දරා කපා ගත් තැඹිලි වල්ල නොමිලේම ලබා දී හිස් අතින් ගෙදර යාමට සිදුවීමේ පුවතක් බෙන්තොට ගඟ අසබඩ ගම්මානයකින් අසන්නට ලැබිණි.
පොල් කැඩීම ඇතුළු කුලී වැඩ රැකියාව කරගත් ඔහුට පසුගිය දිනවල දිගින් දිගටම පැවැති වර්ෂාව හේතුවෙන් පොල් කැඩීමේ ඇණවුම් නොලැබීමෙන් අතමිට බෙහෙවින් හිඟවී තිබිණි.
යාබද නිවෙසක පසුවදා පැවැත්වෙන දානමය පින්කමකට ලොකු තැඹිලි වල්ලක් සොයා ගෙන කපාගෙන එන්නැයි දානෙ ගෙදර ගෙහිමියා ඔහුගෙන් ඉල්ලා සිටියේ තැඹිලි කැපීමේ කුලිය හා තැඹිලිවල වටිනාකම දෙන බවට පොරොන්දු වීමෙනි.
ඔහු ඇණවුම බාර ගත්තේය. එහෙත් ඔහු උදාවී තිබූ ආර්ථික අහේනිය නිසා ඒ වනවිට සිය ගෙවත්තේ තිබූ තැඹිලි ගස් දෙකේ කුඩා ගෙඩිවලු‍ පවා කපා විකුණා තිබුණෙන් ගෙදර ගස්වලින් තැඹිලි කපා ගැනීම දුෂ්කර විය.
 බාර ගත්  වැඩේ නොකළොත් දානෙ ගෙදර අය දොස් තැබීමට ඉඩ ඇතැයි සිතූ ඔහු තීරණය කළේ අසල්වැසි නිවැසියකුගේ ගෙවත්තේ කුඩා ප්‍රමාණයේ තැඹිලි ගසක තිබුණු තැඹිලි වල්ලක් හොරෙන් හෝ කපාගෙන දානෙ ගෙදරට දී මුදල් ලබා ගැනීමයි.
ඒ අනුව එදින රාත්‍රි එම නිවැසියෝ දානෙ ගෙදර පැවැති හත් දවසේ බණ පින්කමට යාමට නිවෙසේ දොරගුළු දමා පිටත් වූ පසු තැඹිලි ඇණවුම බාර ගත් පුද්ගලයා කඹයක්ද රැගෙන  හෙමින් සීරුවේම එම ගෙවත්තට ඇතුළු වී තැඹිලි වල්ලක් කපා බා ගත්තේය.


තැඹිලි වල්ලත් කර තබාගෙන එම ගෙවත්තෙන් පිටවෙමින් සිටියදීම බණ ගෙදර ගොස්  සිටි ගෙහිමියා යම් අවශ්‍යතාවක් වෙනුවෙන් ආපසු නිවෙසට පැමිණෙද්දී සොරකම අතටම අසුවිය. තැඹිලි සොරා ගෙහිමියාට ඇත්තම කීවේය.
කෙසේ වෙතත් පොල් කැඩීම ඇතුළු  යම් යම් කම්කරු වැඩවලට මොහුගේ සේවය අවශ්‍යවන නිසාත්  දුර නෑ කමක් තිබෙන නිසාත්  මින් පසු මෙවැනි දේවල් නොකරන ලෙස අවවාද කළ  ගෙහිමියා මොහු අමතා කීවේ එහෙනම්  ඔය තැඹිලි වල්ල මම දුන්නා කියා දානේ ගෙදරට ගිහින් දීපං කියාය.
‘අනේ මහත්තය  මාව බේරුවට පින්. දානේ ගෙදරට තැඹිලි නිකම් දෙන එකටත් පින්. මේ ගැන කාටවත් කියන්න එපා. මහත්තයට දැන් පින් දෙකයිනේ කියමින් වහාම එතනින් පිටවූ ඔහු පොරොන්දු වූ පරිදි තැඹිලි වල්ල දානේ ගෙදරට බාරදී තැඹිලි කැපීමේ කුලියත් අහිමිව හිස් අතින්ම ගෙදර ගියේය.
කෙසේ හෝ මේ සිද්ධිය හෙමින් හෙමින් පැතිර ගිය අතර සමහර කොලු‍ ගැටවු මොහු හමුවූ විට පින් දෙකක් කරන හැටි කියාපන් යැයි කියද්දී ඔහුගෙන් හොඳවායින් දෙකක් අහන්නට පුළුවන්ලු‍.



අදහස් (0)

තැඹිලි හොරෙන් කපා පින් දෙකක් කරගෙන

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 667 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 714 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1093 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9417 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 866 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 328 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 720 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2016 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site