බසයක් සමග තරගයට පිම්පේ ගිය බස් රථය මුල් බසය ඉස්සර කිරීමෙන් පසුව වේගය අඩු වුණේ බාල තෙල් නිසා බව එහි රියැදුරු ප‍්‍රකාශ කිරීම නිසා බසයක් තුළ කලබලයක් හට ගත්තේය. එය මහනුවර ප‍්‍රදේශයේ දුෂ්කර ප‍්‍රදේශයකට යන බසයකි. මෙම මාර්ගයේ ප‍්‍රධාන මාර්ගයෙන් හැරීම සඳහා කිලෝ මීටර් 15ක් පමණ යා යුතුය. ඒ අතරතුර මාර්ගයේ ගමන් කරන අනෙක් බස් රථ අභිබවා යාමට තරඟයට ධාවනය කිරීම පුරුද්දක් කරගෙන සිටියේය. මෙදිනද බස් රථය ධාවනය වූ අර පිටුපසින් පැමිණි අනෙක් බසය සමග තරඟයට ධාවනය වීම සිදු විය. කිලෝමීටර් පහක් පමණ එක පිම්මට හැටට හැටේ ගමන් කර පිටුපසින් පැමිණි බසය ඉස්සර කිරීමත් සමග එක්වරම බස් රථයේ වේගය බින්දුවට බැස ගියේය. බසයේ සිටි මගියකු මොකද ඩ‍්‍රැයිවර් මහත්තයෝ වේගය අඩු වුණේ යැයි ඇසූ විට රියැදුරු මහතා ප‍්‍රකාශ කළේ බාල තෙල් වගයක් ලැබිලා ඒකයි මේ ...... ඉතින් වෙන මොනවා කරන්නද?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්ධන ටැංකිය දෙමුහුන් වගේ. (නි)
මෙන්න මේ රේස් යන අය අල්ලලා ජීවිතාන්තය දක්වා හිරේදාන්න ඕනි. මෙ අය තමයි පාරවල් මලගෙවල් කරන්නෙ. මේ රේස් හින්දා අහිංසක මිනිස්සු කී දාහක් අකාලයේ නැතිවුනාද?(නදී)
මේක මුසාවක්. බස් එක ඉස්සර කරලා ගියාට පස්සේ එක පස්සෙන් යන්නේ නැතුව මග කොට කොට යන්ඩ තමයි සැර බාල කලේ. (ස)
ලංකාවේ ඉන්දන වල ඉඳන් පැනඩෝල් පෙත්ත දක්වා සියල්ල බලාවී ඈත රටේ ජීවත්වෙන්නෙත් අඳබාලයන් නිසා ඕව පුදුමදෙවල් නෙවෙයි.. (ස)
චෝදනා ,පරීක්ෂණ ,දඩුවම්,උපදෙස්... නමුත් ක්‍රියාවලිය එකමයි. (නි)
ප්‍රසන්න හරියට හරි. (ස)
බස් එකේ ගිහින් තියෙන්නේ මිනිස්සුද, ඕක කිවුවට පස්සෙත් කටවල් වහගෙන ඉඳලා තියෙන්නේ? (නි)
ප්‍රසන්න කියන කතාව හරි, මුන් පාරේ යන්නේ මිනිස් ජීවිත ගෙන කිසිම තෙකීමක් නොකර. (ස)
ජර්මනියේ කොපමණ හොද බස් තිබුනත් රියදුරන් ඒවා ධාවනය කරන්නේ පරිස්සමින්. ජෙර්මනිය ධනවාදී රටක් වුනාට , බස්, උමන් දුම්රිය සේවා පවතින්නේ රජය අතේ. ලංකවේ ප්‍රවාහන සේවය රජයට පවරා ගත්තානම් මේ වගේ බස් රෙස් , බස් ස්ට්‍රිකේ අඩු වේවි. අපිට එතකොට ගැමුනුලගේ ආඩම්බර බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ .ඉස්සර ලංගම බස් මෙහෙම රේස් ගිහින් මිනිස්සු මැරුවේ නැහැ.(නදී)
මින් පසුව බස්වලට බාල තෙල් ලබා දීමේ වැඩ පිළිවෙලක් සකස් කල යුතුය.(නදී)
වේගයෙන් රථ පදවන්න කියන්නේ රජයෙන්මනේ (නි)
දිනුවනම් ඒත් තෙල් බාලයි කියයිද ? (ස)
ජර්මනියේ තිබෙනවා වේග සිමා නොමැති අධිවේගී මාර්ග. නමුත් මේවයේ බස් වලට යාහැකි උපරිම වේගය පැයට කිලෝමීටර් 80 යි. නමුත් ලංකාවේ අධිවේගී මාර්ගය බස් සහ ලොරි පැයට කිලෝමීටර් 100 ක වේගයෙන් යනවා. බරවාහන වලට අධිවේගී මාර්ගයේ යාහැකි උපරිම වේගය 80 කරන්න , එතකොට අනතුරු අඩුවේවි.(නදී)