මාල කඩන කොල්ලකරුට, තමාගේ ගෙල බැඳි මාලය ගලවා අතට දුන් තරුණියක් ගැන සබරගමුව ප‍්‍රදේශයේ ගමකින් වාර්තාවේ. සිද්ධිය මෙසේයි. ඇය ගමේ තරුණියකි. නගරයේ පෞද්ගලික ආයතනයක කාර්යාලයේ සේවය කරයි. රැකියාවට යන්නේ තරුණ වියට ගැළපෙන නව විලාසිතාවන්ගෙන් සැරසීගෙනය. එදින සේවය නිමාවී ගෙදර යෑමට බස් රථයෙන් බැස ගමේ අතුරු පාරේ ගමන් කරන විට, හදිසියේම පැමිණි යතුරුපැදියක් ඇය ඉදිරියේ නතර විය. නංගී අද පරක්කු ඇයි දැයි ඇසූ තරුණයා, ඉණේ සඟවාගෙන තිබූ උල් පිහිය අතට ගෙන කෑගහන්න එපා යැයි ඇයට තර්ජනය කළේය. ඔහුගේ සූදානම වටහාගත් තරුණිය, අනේ අයියේ කරදර කරන්න එපා කියමින් කරේ තිබූ මාලය ගලවා ඔහුගේ අතේ තැබුවාය. මාලය අතටගත් ඔහුට වැඬේ වැරදුණු බව වැටහිණි. කෝපයටපත් තරුණයා, ජොලියට දමාගෙන යන්නේ ඉමිටේෂන් බඩුයැයි කියා මාලය ඇගේ මූණට දමා ගසා යන්නට ගියේ දවස් තුනක් පිච්චූ ඉන්ධනවල ගණන අතින් පාඩු යැයි කියාගෙනය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් රත්තරං අරන් හංගගෙන ඉන්න තමයි වෙන්නේ.විවාහයකටවත් දාන්න බෑ
මොනව උනත් හොද හොරෙක්.. පෙන්ඩන්ට් එකට මොකුත් කරල නැහැ.. සමහර විට ඒකත් ඉමිටේෂන් කියල හිතන්න ඇති..
මම මේක මීට පෙර කියවල තියෙනවානේ අනේ....
ලංකාවෙ තියෙන නීති රීති මදි නිසා තමයි මිනිස්සු සල්ලි නැති උනාම හොරකමේ හරි යන්න පුරැදු වෙලා තියෙන්නෙ.. අපේ රටේ නීති හොදටම වැඩි නොකොලොත් මිනිස්සු බය නැතිව ඔය දේවල් කරනවා.. අපේ රටේ මිනිසුන්ට තමන්ගෙ ආර්ථිකේ ගොඩනගා ගන්න මොකක් හෝ හොද වැඩ පිළිවෙලක් රටේ නායකයන්ට බැරි කම තමයි අද අපේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ.. රටේ ජනතාව දියුණු වෙනවට මේ පාලකයන් කැමැති නැහැ..
ඉල්ලන්නත් කලින් දීල ..හොද....ළමයා
හොඳ වෙලාවට මාල හොරෙක් වුණේ....ඇඳුම් හොරෙක් වුණානම්.....
අමිල කටුනායක ඒකාලෙ මොටර් බයිසිකලෙන් ඇවිත් මාලෙ හොරකම් කලා කියන්නෙ අද කාලෙ බෙන්ස් කාර් එකෙන් ඇවිත් මාලයක් කඩාගත්ත වගේනෙ?
තරුණිය, "අනේ අයියේ කරදර කරන්න එපා කියමින් "...... ගලවා ඔහුගේ අතේ තැබුවාය. බඩුව ආච්චිගේ වගේ !!! අතටගත් ඔහුට වැටහිණි. කෝපයටපත් තරුණයා, "ජොලියට දමාගෙන යන්න මෙහෙම බඩුයැයි ඇගේ මූණට දමා ගසා යන්නට ගියේය.
චේන් එක ඉමිටේෂන් නම් දෙන එක හරි...
බෙන්ටෙන්ගේ කතාව හරි....
ඔය තරැණිය දැන් ආච්චි කෙනෙක්.. අපේ තාත්තලගේ තරැණ කාලෙ කිව්ව කතාවක්නෙ ඕක..
හී හී හී.... හරි හිනා....
කතාවත් ටිකක් ඉමිටේෂන් වගේ ...?? ඊට වඩා තිසා හාමිගේ කමෙන්‍ට් එක හොඳයි...
මොලේ කල්පනා කරල වැඩ කරන කෙල්ලෙක්...
ආසියාවේ ආශ්චර්ය................
මේ මාල හොරු ඔක්කෝම රත්ත්‍රන් කඩ හිමියොද කොහෙද නැත්තම් කොහොමද අතට ගත්ත ගමන් හොද නරක කියන්නේ ....
අනේ අයියෝ........ඉල්ලන හැමදේම ඔහොම දෙන්න එපා.....
පිරිමින් රැ. 10,000 ක් වත් සාක්කුවේ දාගෙන ඉන්නේ නැහැ කොතැනක හෝ කවුරැ මංකොල්ල කයිද කියා බියෙන්. ඒ වුනාට කෙල්ලෝ ලක්ෂ ගණන් වටිනා රත්තරං බඩු සොරැන්ට පෙනෙන්නම දාගෙන පාරේ යනවා. පිරිමියෙකුගේ සාක්කුවේ නොපෙනෙන මුදල් කොල්ල කන ඒකද ලේසි කාන්තාවන්ගේ කරේ තිබෙන ලක්ෂ ගණන් වටින මාලය කඩා ගන්න එකද ලේසි? ඉතින් කවුද වැරදි? හොරාද ? අපිද?
මාල හොරෙක් නිසා හොදට ගියා..... ඇදුම් හොරෙක් එහෙම ආවනම් කිරි අප්පට බල්ලෝ පැනපි කිව්ව ලු.....
අනේ හසන්ත ළමයෝ මේක තමයි ආශ්චර්ය ,දැන් රට වැසියන්ටත් මොලේ පෑදීගෙන එනවා,බලන්න කොච්චර සුභදායක දෙයක්ද කියලා ?
ශ්රී ලංකාවේ ආර්ථිකය ඉතා ඉහළයි..
නුවනක්කාර ළමයෙක්.