විරසකවූ තම පේ‍්‍රමවන්තයා සොයා දෙන ලෙස මන්ත‍්‍රකරුවකු නිවෙසට ගෙන්වා ගැනීමෙන් අනතුරුව විසි අට හැවිරිදි තරුණියක කෙලෙසී යැයි කියන සිද්ධියකින් පසු ගම්වාසීන් මන්ත‍්‍රකරුට පහරදී පොලිස් භාරයට පත්කළ පුවතක් රජරට පොලිසියකින් වාර්තා වේ. පොලිසිය පවසන අන්දමට සිද්ධිය මෙසේය. මෙම මන්ත‍්‍රකරු වයඹ පදිංචි මැදිවියේ අයෙකි. සිද්ධියට සම්බන්ධ තරුණිය රජරටය. මාසයකට ආසන්න කාලයක් තිස්සේ නාඳුනන අයගේ නිවෙස්වල පදිංචිව සිට ඔහු ගුරුකම් කරමින් සැරිසැරූ බව ප‍්‍රදේශවාසීහු කීහ. මෙම මන්ත‍්‍රකරුට ලැබුණු පණිවිඩියකට අනුව විරසක වූ පේ‍්‍රමවන්තයකු සොයා ගැනීම සඳහා මවුපියන්ටද නොදන්වා මෙම මන්ත‍්‍රකරු සොයා කාන්තාවක් ගොස් ඇත. ඉන්පසු මන්ත‍්‍රකරු තම නිවෙසට ගෙන්වා ගුරුකමේ නියැලී ඇත. එය සිදු වූයේ ඉකුත් බ‍්‍රහස්පතින්දාය. ගුරුකම සිදු කිරීමෙන් අනතුරුව නිවෙසේ සිටි වැඩිහිටියන්ට නිවසින් බැහැර වන ලෙස මන්ත‍්‍රකරු පවසා ඇත. එය පිළිගත් නිවැසියන් නිවසින් බැහැරව සිටියදි 28 හැවිරිදි කාන්තාව දූෂණයට ලක් කර ඇත. දින ගණනාවක් ගිය නමුදු මවුපියන්ට හෝ අසල්වාසීන්ට මේ කරුණ හෙළි නොකළත් පසුව කරුණු එක දෙක හෙළිවන්නට විය. එය ඇගේ සිත තුළ යටපත් කරගෙන සිටීමට දැඩි සේ උත්සාහ කළත් එය එසේ නොවීමෙන් මවුපියන්ද ඒ කරුණ ගැන සොයා බලා අසල්වාසීන්ද දැනුම්වත් කර ඇත. දින දෙක තුනකට පසු ගමෙන් බැහැර වූ මේ මන්ත‍්‍රකරු තවත් ගුරුකම් සිදු කිරීම සඳහා නැවතත් ඒ ගම් පියස්සට පැමිණ ඇත. අසල්වාසීන්ගේ ගුටි පූජාවකින් පසු මන්ත‍්‍රකරු 28 හැවිරිදි කතගේ මවුපියන්ට භාර දීමෙන් පසුව පෙරේදා පොලිසියට ඉදිරිපත් කර ඇත. සැකකාර මන්ත‍්‍රකරු පොලිස් භාරයට පත් වූ අතර සිද්ධියට සම්බන්ධ කත වෛද්‍ය පරීක්‍ෂණයකට යොමු කළ බව රාජාංගනය පොලිසිය කීය. සිද්ධිය සම්බන්ධයෙන් රාජාංගන පොලිසියේ පොලිස් පරීක්‍ෂක විජේකෝන් මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් පරීක්‍ෂණ පවත්වති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරණ පැත්තෙත් ඔහෙම එකෙක් ඉන්නවා. මිනිහ දොස්තර කෙනෙක් කියලයි කියන්නේ. ඒ උනාට මහා පර හොරෙක්. ඒ හරියේ ඉන්න මිනිසුන්ට කොන්ද පන නැ. ඒ හින්ද ඌ නිදහසේ වැඩ කරන යනවා.
එයා කියලා තියෙන්නේ "මේක නම් පහසු ක්‍රියාවක් නොවේය" කියලා.මට නම් සැකයි ඒ ගැන.
මොනවා උනත් කට්ටඩියා කළදේ වැරදි තමයි.. එත් ඔය ගැහැනු පරාණෙට තබුණ නේද එදාම මෙහෙම දෙයක් උනා කියන්න.. එදා නොකියා ඉදල දැන් බොරැවට වටේ මිනිස්සුන්ව ඇවිස්සුවා.. එයාගෙ ගිය පෙම්වතා ලැබෙන්නෙ නැහැනෙ.. කැති, තත්සර කියනවා වගේ මේ ගැහැණු පරාණෙත් අදහන්න ඕන කෙනෙක් වගේ පේන්නෙ..
අනේ මන්ද මේ ගැහැණුළමයට ඒ වෙලාවෙ පරණ පෙම්වතාවත් මතක්වුණාද කියලා...
අනේ මන්ද දැන් මේ ලංකාවේ වෙන දේවල්. ඉස්සරහට ගෑනු ළමයකුට පාරේ බැහැල යන් බැරි වේවි. පාර් යද්දිත් එහෙන් මෙහන් අල්ලයි.
මේවා කරන අයයි, කරවා ගන්න අයයි දෙගොල්ලම මෝඩයෝ. ඒ නිසා තවත් කතා කරලා වැඩක් නෑ
පරණ පෙම්වතා ගොඩින්ම බේරුනා නේද? මෝඩකමට බෙහෙත් නැල්ලුනේ
මේ මිනිස්සු තනකොලද දන්නේ නැහැ කන්නේ .
අනේ වාසනාවන් කෙල්ලගේ දුක නිවෙන්න ඇති අනේ ....
අනේ දැන්වත් කෙල්ලගේ ලෙඩේ හොද වෙයිනෙ ........
අය්යෝ සල්ලි..............
බලුවලිගේ උණ පුරුකේ දාලා තිබුනත් නැ ඇදෙ ඇරෙන්නේ.....
"ගුරුකම සිදු කිරීමෙන් අනතුරුව නිවෙසේ සිටි වැඩිහිටියන්ට නිවසින් බැහැර වන ලෙස මන්ත‍්‍රකරු පවසා ඇත. එය පිළිගත් නිවැසියන් නිවසින් බැහැරව සිටියදි...?" මේ අය කන්නේ තණකොළද ??
ප්‍රේමවන්තයව නම් අපහු මතක් වෙන එකක් නැහැ එයාට
ඒ කියන්නෙ සුරයක් දාලා???
ගෑණු කොහොමත් මෝඩ වැඩ වලට හරිම දක්ෂයි
මෙ ඉතාමත් නොහොබිනා පහත් ක්‍රියාවකි. මෙවැනි දේ සිදුවීමට පෙර තරුණිය අදාළ ක්‍රියාවට ඇගේ බලවත් අකමැත්ත ප්‍රබලව ප්‍රකාශ වන පරිදි ක්‍රියා කළා නම් මේ ක්‍රියාව වළක්වා ගැනීමට අවශ්‍ය තරම් ඉඩකඩ තිබුණා යැයි සිතේ.මන්ත්‍ර ගුරුකමකින් සුළු වේලාවකට දපනේ වට්ටවා මෙසේ සිදු කිරීමේ හැකියාවක්ද ඇත. නමුත් මේවා පාඩමකට ගෙන මින් පසුව මෙවැනි ගුරුකම් කරන අයගෙන් ප්‍රවේශම් වීම වඩාත් යෝග්‍ය යැයි සිතමි. මන්ත්‍ර ශාස්ත්‍රය භාවිතා කර මෙවැනි පහත් ක්‍රියා කරන අයට ඒවා මෙලොවදීම ඵල විපාක විඳීමට සිදුවනු ඇත.තෙරුවන් සරණයි !!!
ගුටි පූජාවෙන් කොටසක් ගෙදර වැඩිහිටියන් කියා ගන්නා බාලයින්ටත් දෙන්නයි තිබුනෙ.නරියට කිකිලිව බාර දුන්නට. පත්තරයක්,ප්‍රවෘත්තියක් නොබලන එකේ වරද.
මේවා කරනකල් උඩබලාගෙනද හිටියෙ...
හරි ශෝක්,කෙල්ලට කෑගහන්න තිබ්බනේ අතවරයක කරනවානම්..
දුශාන් කවුද මේ හොරණ ඉන්නවයි කියන කෙනා... කොන්ද පන තියෙන කෙනෙක්ට හරි අල්ලගන්න කියමු බලන්න විස්තර ටිකක්. මෙහෙම උන්ට නිදැල්ලෙ ඉන්න අරින එක ජාතික අපරාදයක්. කවද හරි යහපත කියන දේ බල්ලටම ගිහින් නරක දේවල්ම පිරෙන්න ගනියි. සමාජය මේ දේවල් ගැන දැනුවත් වෙන්න ඕනෙ. මෙහෙම තිරිසනුන්ට දෙන දඩුවම් ප්‍රසිදධියෙ පෙන්වන්න ඕනෙ. ඒත් අද වෙන්නෙ ඕකෙ අනිත් පැත්ත. වැරදි කාරයව හංගල සිද්ධියෙන් බැටකාපු පුද්ගලයින්වම ප්‍රසිද්ධ කරනව. විශේෂයෙන්ම මේ වගේ දූෂන සිද්ධියකදි වෙන්නෙම ඒක.
අනේ ඒ ගෑණු ළමයගෙ බොරැවක්ද කොහෙද?
ගමේ අයට තිබ්බෙ කට්ටඩියගෙ ජනනෙන්ද්‍රේයටත් දුම්මල පාරක් ගහල එලවන්න ....
ලංකාවෙත් ඵන්න ඵන්නම අසහනකාරයන් වැඩිවෙනවා.
මුලු රටේම නීතිය වල් වැදිලා.අපරාධ,දූෂණ,වංචා රජ කරනවා.කවුරුත් හිතා ගෙන ඉන්නේ කවදාවත් මැරෙන්නේ නෑ කියලා
අනේ මන්දා ගෑණුන්ගෙ මොලේ හැදි මිටේලුනේ,මෝඩ කම.. දැන් ඉතින් ගිය පෙම්වතා අතහැර දාල කටටඬියව වත් බැදගන්න...දෙයියෝ දුන්න මනමාලය...
අහල පහළ ගෙවල් තිබ්බෙ නැද්ද? දෙමව්පියො මෙච්චර මෝඩද? එහෙම බලහත්කාරයෙන් දූෂණය කරපු කටටඩියා ආයෙත් ඒ ගමට එයිද? කට්ටඩියා විතරද වැරදි..
"ගුරුකම සිදු කිරීමෙන් අනතුරුව නිවෙසේ සිටි වැඩිහිටියන්ට නිවසින් බැහැර වන ලෙස මන්ත‍්‍රකරු පවසා ඇත. එය පිළිගත් නිවැසියන් නිවසින් බැහැරව සිටියදි........" මෙම මී හරක් තණ කොළ නොකෑම තණ කොළ කන මී හරක්ගේ වාසනාව....
ඕක පහසු කාර්යයක් නෙමෙයි.ඒ ළමයගෙත් කැමැත්ත පිට තමයි සිද්ධවෙන්න ඇත්තේ.ගෑණු දරුවෝ ගොඩක් පරිස්සම් වෙන්න ඕන.
කට්ටඩියා වැඩිහිටියන්ට යන්න කිව්වහම එහෙමත් යනවාද? මොලක් නැද්ද? අනික කේල්ලට වයස අවුරැදු 28ක් කියන්නෙ බබෙක්ද?
බලි තොවිල් විශ්වාස කරන අයට හොඳ පාඩම
සැන් නම් ප්‍රේමවන්තයා කොහෙත්ම කැමති වෙන්නෙ නැති වෙයි නේද? අනේ පව් මෙහෙමත් මිනිස්සු ඉන්නවානෙ... දැන් ඉතිං තියෙන්නේ මොන මන්තරයක් හරි ජප කරල කට්ටඩියා බැද ගන්න එක තමයි..
අම්මල තාත්තල ගෙදරින් ඉවත්වෙන්න කිව්වහම කෙල්ලව දාල යන්නම ගියාද දන්නෙ නැහැ නැත්නම් කෑගහලත් නැද්ද දන්නෙ නැහැ ගුරැකම කරනකම්ම හිටියද කැගහද්දිත්.. හොද කීකරැ දෙමව්පියෝ අපරාදෙ කියන්න බැහැ..
මෙච්චර දෙයක් වෙලත් ඇයි මේ ගැහැණු ළමයා කෑගහලවත් නැත්තෙ...
මමනම් කියන්නේ දෙන්නගෙම කැමැත්තෙන් වෙච්ච දෙයක් වෙන්න ඇති.. නැත්නම් මොකද කීවෙ නැත්තෙ..
මෙයා ගොලු කෙල්ලක්ද? ගෙදර බිත්තිවලට කතා කරන්න පුළුවං නම් උන දේ හරියටම කියයි...!!
කාගෙද වැරැද්ද ????????
මේවා හොඳ පාඩම්. සාත්තර කාරයෝ ආවම මොකටද ඔලුව උඩ තියාගන්නේ...
මේකනම් කැමැත්තෙන්ම කරගත්ත දෙයක් වගේ .........
මෙච්චර දෙයක් වෙලත් මේ ගැහැණු ළමයා කෑගහලවත් නැත්තෙ, පෙම්වතා අතහැර දාල කටටඬියව බැදගන්න කැමැත්තෙන්. දෙයියෝ දුන්න මනමාලය... ගුරැකම කරනකම් කීකරැ ළමයා හිටිය. අපරාදෙ කියන්න බැහැ හොද කීකරැ ළමයා.
අනේ අපි නොදන්න බබාලා...
මේකට අදහසක් දක්වන්නත් ලැජ්ජයි
මේකේ මාතෘකාව මෙහෙම වෙන්න ඕනේ .. "මන්ද බුද්දික තරුණියකට අමුතු මන්තරයක් ජප කල කට්ටඩියට ගුටි පූජාවක් "
ඔවැනි ස්ථාන වලට තනියම නොයායුතුයි. වරද ඇගෙමයි
මේ දෙන්නම ගෙනියන්නෙ බොරැව...
තරුණියට හැරගිය පෙම්වතාවත් සැට් කරල දුන්නේ මේ කට්ටඩියාමද දන්නේ නැහැ. කට්ටඩියා වුනත් මනුස්සයෙක්නේ වැරදි කරන්න පුළුවන්. ගෙදරින් එළියට යන්න කිව්වහම දෙමව්පියෝ ගමෙන්ම පිටවෙලා ගිහිල්ලද? මෙහෙම දෙමව්පියන් ඉන්නකං තව අයටත් කට්ටඩිකං ඉගෙනගන්න හිතෙනවා ඇති.
"ගුරුකම සිදු කිරීමෙන් අනතුරුව නිවෙසේ සිටි වැඩිහිටියන්ට නිවසින් බැහැර වන ලෙස මන්ත‍්‍රකරු පවසා ඇත. එය පිළිගත් නිවැසියන් නිවසින් බැහැරව සිටියදි...?" මේ තණකොළ කන පිරිසක්ද?