තරුණියකගේ ආදරය ඉල්ලා බසයේ පා පුවරුවේ ගොස් කලිසම ගලවා ගත් පෙම්වතකු පිළිබඳව මොරපිටිය ප‍්‍රදේශයෙන් වාර්තා විය. සිද්ධිය මෙසේය.
මොහු දිනපතා ඇය පන්ති යන අතරතුර බසයේ පා පුවරුවේ සිට ඇය දෙස බලමින් ගොස් භාෂාවෙන් යම් යම් දේවල් පවසමින් යාම පුරුද්දක් කරගෙන තිබුණි.
එහෙත් ඇය මොහුට අකමැති වූයේ මොහු ඇයට මෙන් දෙගුණයක් වයසින් වැඩි නිසාය. එහෙත් පසුබට නොවූ මෙම පුද්ගලයා දිනපතාම මෙම කි‍්‍රියාව සිදු කරගෙන ගියේය. අකමැත්තෙන් වුවද මෙම සියල්ල ඇයට විඳදරා ගැනීමට සිදුව තිබුණි. සිද්ධිය වූ දිනයේද මෙම පුද්ගලයා ඉනගාවට එල්ලූණු අලූත් තාලේ කලිසමක් ඇද ගෙන බසයේ පා පුවරුවට ගොඩ වී තම සුපුරුදු ක‍්‍රියාව පටන් ගෙන තිබේ. කලිසම ඔහුගේ ඉනෙහි රැුදී තිබුණේ යාන්තමිනි.
ටික දුරක් යාමේදි බසය වයසක කාන්තාවකට බැසීමට නතර කළ අතර බසයෙන් බැසීමේදී මෙම කාන්තාවගේ සාරි පොට පැටළී මෙම පුද්ගලයාගේ කලිසමේ කොනකින් අල්ලාගෙන ඇත. බුරුලට තිබූ කළිසමත් සමඟ කාන්තාව බිම වැටුණු අතර බසයේ පිරිසගේ හූ හඬ මැද්දේ අනංගයා කඩයකට පැන බසය යන තුරු සැඟවී සිට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලවාන උපේන්ද්‍ර ප‍්‍රියංකර ජාතුගම මොකක්ද හලෝ ඔයාලගේ මේ භාෂාවෙන් කියන්නෙ (අ)
අපේ යාළුවෙකුටත් ඔය වගේ වැඩක් වුණා. අනිත් යහළුවෝ ඇත්තටම කලිසම නිකමට වගේ පොඩ්ඩක් පල්ලෙහාට ඇද්ද. මෙන්න බොලේ වැටුන බිමටම. නියම ෆන් එකක් එදා ගත්ත කට්ටියම. (අ)
දැන් දැන් ලංකාවේ පිරිම් ගැන එන ආරංචි එච්චර හොඳ නැති නිසා මේ විදියේ හරි කලිසමක් අන්ඩගෙන බස් එකේ ගිය එක ගැන සතුටුයි විය යුතුයි. (අ)
මොකක්ද මේ මලවිට වෙලා තියෙන්නේ? (අ)
දැන් ඉතින් මේ පුද්ගලයන්ට කලිසමක් තියා සරමක්වත් ඇඳන් පාරේ යන්න බැහැනේ (බ)
දුල්මි හිතුවද අද කාලේ ගැහැණු ගැන අහන්න ලැබෙන්නේ හොඳ කතා කියල . කොල්ලෝ කලිසම ඉන ගාවට ඇඳගන ගියාට ශරීරය වහගෙනනේ යන්නේ. අද කාලේ ගැහැණු යන්නේ ශරීරයෙන් 80% ම ප්‍රදර්ශනය කරගෙනනේ . මේ හැම ප්‍රශ්නයකට මුල ඒකයි. (බ)
අයියෝ අපේ කොල්ලන්ට වෙන දේවල් දැන්වත් මේකට ඉනපටියක් අරන් දෙමු . (අ)
මේක ගැහැණුන්ගේ විලාසිතා වල ප්‍රශ්නයක් නෙවෙයි නන්දදේව. ගෙදර නිදාගෙන සිටිය වයස 70ක වයසක බවලතිව අතවරයට ලක්වුණ රටක් මේක ඔබ කියන්නේ මුළු රටේම කාන්තාවන්ට ෆර්දාව අන්දවන්න කියලද (බ)
එහෙම නම් නන්දදේව අමුඩය ඇන්ද කුඹුරු කොටන ගොවි මහත්වරු දැක්කම කාන්තාවන්ටත් මෙලෝ සිහියක් නැති වෙන්න ඕන නේද ? ඕක ඇඳුමේ නෙවෙයි තම තමන්ගේ මානසික තත්වයේ ප්‍රශ්නයක් (බ)
හොඳ වැඩේ! (නි)
ජයනි,මොනවද අනේ ඔයා මේ කියන්නේ? මේක සිද්ධවෙලා තියෙන්නේ එක කොල්ලෙකුට විතරයි (නි)
කාන්තාවටම වරද පටවන්න හදන අයත් මෙතන ඉන්නවා වගෙයි (නි)
මෙම කතාවේ වැදගත්ම දෙයක් අද කලේ පාසල් යන සිසුවියන් දැන ගත යුතුය. මේවැනි රස්තියාදු කාරයෝ බස් වල කෝච්චි වල යන පාසල් ළමුන්ව යහළු කර ගෙන අවසානයේ ඒ ළමින්ගේ ජීවිත විනාශ කර ඒ ළමුන්ට සමාජයට මුහුණ දීමට බැරි තත්වයකට ඇද දමයි. (අ)