වායුසමීකරණය කළ සුඛෝපභෝගී බසය පානදුරේ සිට පිටකොටුව දක්වා ධාවනය විය. තරුණ කොන්දොස්තරවරයා ටිකට් නිකුත් කරන්නට විය. සුළු වේලාවකින් ඔහු පැමිණියේ මැදි වියේ පුද්ගලයකු වෙතය. ”මට කොටුවට ටිකට් එකක් දෙන්න” හෙතෙම රුපියල් දහසේ මුදල් නෝට්ටුවක් දිගු කරමින් පැවසීය.
”මොනාද අන්කල් උදේ පාන්දර රුපියල් දාහක් දික් කරාම හරියනවද? මාරු සල්ලි ගේන්න එපායැ ඔයාල වගේ අය ආවාම අපිට හරිම කරදරයක්” කොන්දොස්තර සැරෙන් පැවසීය. ”මොනා කරන්නද අතේ තියෙන්නේ එච්චරයි” මගියා නිවුණ හඬකින් පිළිතුරු දුනි.
”ඔයාලා දාහේ කොළ අරන් එනවා. එතකොට අපිට තරහ එනවා. ටිකක් කල්පනා කරලා බලන්නකෝ. අපි මේවා කොහෙන් මාරු කරන්නද?” ඔහු පැවසුවේ කේන්තියෙනි. රුපියල් දහස අතට ගත් කොන්දොස්තරවරයා අනෙක් මගීන්ට ටිකට් නිකුත් කරන්නට විය.
මේ අතර තරුණියක්ද රුපියල් දහසේ නෝට්ටුවක් දී ”පිටකොටුවට එකක්” යැයි කෝමළ ස්වරයෙන් පැවසුවාය. එවිට තරුණ කොන්දොස්තරවරයා ”නංගී මතක් කරලා බහිද්දී ඉතිරි සල්ලි ඉල්ල ගන්න” මනමාල ස්වරයෙන් පැවසීය. දෙබස ඇසුණු මගීන්ගේ මුහුණු සිනහවෙන් පිරුනි.
මුලින් රුපියල් දහස දුන් මගියා, මගියකු අමතා ”බලන්න මිනිහගේ තියෙන කරුණාව. මම රුපියල් දාහක් දුන්නම පාට් දැම්මා, අර ගෑනු ළමයා දුන්නම පාට් ඔක්කොම ඉවරයි”
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය සාමාන්‍යයෙන් දිනපතා සිදුවන සාමාන්‍ය දෙයක් මිස අසාමාන්‍ය දෙයක් නොවේ .(අ)
අනේ මේ මල් කඩනවයසේ ඉන්න අයට මලක් කඩා ගන්නවත් දෙන්නේ නැති හැටි, වයසක අයට රුදාව ඒවා දකිනකොට (දී)
ඉහත නිලූ විදානගේ සෞදි අරාබිය 2014-02-01 03:55:42 මගේ කොමන්ට් එකක් නෙවෙයි.(නදී)
මට නම් ඔතන ඇති මනමාලකමක් නැහැ. තරුණ අයට හොඳට මතක තිබෙන නිසා ඉතුරු සල්ලි කොහොම හරි ඉල්ලනවා.වයසක අයට අමතක වෙන්න පුළුවන් නිසා ඉතුරු සල්ලි දෙන්න මග හරිනවා. (නි)
අන්කල් ඔයාට මල් කඩන්න බැහැ කියල කඩා ගන්න වයසේ අයට අබිලික් අදින්න එපා. අර මල් කැකුලට කඩවල් ගානේ ගිහින් සල්ලි මාරු කරන්න වෙලාවක් කොහෙද? ඔයාට තිබුනනේ කලින් සල්ලි මාරු කරගෙන එන්න. (දී)
ඔය 64න් එකක් (දී)
මගේ නමින් ලියන කෙනාට වැරදිලා.මන් ලංකාවේදී යන්නේ මගේ පාස් එකට ඉතින් මන් ටිකට් ගන්නේ මොකටද.(දී)
එයා අංකල් කෙනෙක් වෙච්ච එකයි මෙයා නංගියෙක් වෙච්ච එකයි කොහොමද එක විදිහකට බලන්නේ (දී)
ඔයාල හැමෝම කියන්නේ ගණන් ගන්ඩ එපා කියල , එ උනට මට නම් තරහයි හැමෝටම එක විදිහට සැලකිය යුතුය. ( මොකද ඒයාට විතරක් විසේසයක් ) නැද්ද අනේ (අ)
මේ වගේ දේවල් ගණන් ගන්න එපා (දිල්)
මේ වගේ දේවල් කොහොත් වෙනවානේ ගණන් ගන්න එපා (දිල්)
ගනන් ගන්න එපා ඕක වයසට හැදෙන රෝගයක්.(නදී)
දවසක් මට මාරුවට දීලා තිබුනේ හොර රුපියල් 500 එකක්. ඒක් තේ කඩේකට දීල අහුවෙලා පැ ය 3ට වැඩිය තපින්න උනා කෙසෙල්වත්ත පොලිසියේ - කට උත්තරේට (අ)
අර මනුස්සයට ඉතුරු දුන්නද දන්නේ නැහැ (දී)
මම ඒ මගියා වුනානම් කොන්දොස්තර මල්ලීගේ කන අතගාලානේ (දී)
ගොඩක් වෙලාවට ගැණුන්ගේ මායම් වලට පිරිමි රැවටෙනවා (දිල්)
කොහොමත් ගෑනුන්ගේ මායම් හැට හතරෙන් එකක් පෙන්වල තමයි කොන්දගේ සැර බාල කළේ. තව එකක් දැම්ම නම් නංඟී සල්ලි ඕන නැහැ ඕන තැනකින් බහින්න කියයි. (අ)
ඕක උනේ දිලිනිටද එයා ඉන්නෙත් පානදුරේ නේද? (නදී)
අනේ කොන්දොස්තර කොල්ලෝ ,කෙල්ලන්ගේ මායම් වලට අයෙත් අහුවෙන්න එපෝ .(අ)
ගණන් ගන්න එපා වයසේ වැරැද්ද. වයස 30ට වැඩි අය මාරු සල්ලි රැගෙන ආ යුතු අතර වයස 30ට අඩු අය 2000 හේ කොළ ගෙනාවත් කමක් නැත (ගැහැණු ළමයින්ට විශේෂයි ) (නදී)
පුදුම වෙන්න ඕනෑ මෙහෙම නොවුණා නම්... (නි)