කරේ පැළඳ තිබූ යන්තරයේ බලයෙන් රුපියල් ලක්ෂයක් පමණ වටිනා රත්තරන් මාලය බේරුණු පුවතක් නගරයට ආසන්න ගමකින් වාර්තා වේ.
සිද්ධිය මෙසේය. තරුණියක් තම මව සමග මාර්ගයේ ගමන් කරමින් සිටිය දී පිටුපසින් පැමිණි යතුරුපැදියේ සිටි තරුණයකු එක්වරම තරුණියගේ කරේ තිබූ මාලය කඩාගැනීමට උත්සාහ දරා ඇත.
හදිසියේම මාලය කඩාගැනීමට උත්සාහ දැරූ ඔහුගේ අතට අසුවී ඇත්තේ කහ පැහැති නූලකින් කරට දමා තිබූ යන්තරය සහිත සුරය පමණි. තරුණියගේ සහ මවගේ කෑගැසීම නිසා එහි අහළ පහළ අය වටවන විට යතුරුපැදිකරුවන් දෙදෙනා පළාගොස් තිබේ.
කරේ තිබූ රුපියල් ලක්ෂයක් පමණ වටිනා මාලය වෙනුවට ඔවුන්ට ගෙන යා හැකිවී ඇත්තේ කහ පැහැති නූල සහිත යන්තරය අඩංගු සුරය පමණි. අසල වෙළෙඳසලක කැමරාවේ යතුරුපැදිකරුවන්ගේ තොරතුරු සටහන් වී ඇති බවද කියති. (බලන්ගොඩ නන්දසේන පිනිදියආරච්චි*
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වේලාව හොදයි ඒ අයගේ.(හේ)
දැන් පිටබැද්දර කෙනා කියාවි මේ තරුණ බවලතිය නිසා අසරණ පිරිමියා අමාරුවේ කියලා. (ර)
අද අපේ රටේ සිදුවෙන දේවල් වල හැටියට, සුරෙන් ගියා ඇති. (ර)
දැන් සමහරු කියාවි අහිංසක පිරිමියෙක් බවලතෙකුගේ මාලය නිසා අමාරුවේ වැටුනා කියා. (ර)
දැන් මේකටත් කාන්තාවන්ට දොස් කියාවිද දන්නේ නැහැ රත්රන් පළඳා ගෙන ගිහින් පිරිමි අමාරුවේ දැම්මා කියලා. (ර)
යන්තරරේ බලය නිසා මාලය ආරක්ෂා විය. (ර)
අද කාලේ රන් ආභරණ පැළඳගෙන මඟතොටේ යන එක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි (නි)
සුරය නැතිවුණ කෙනාටත් වැඩිය අමාරුවක්නේ තියෙන්නේ, මෙතන ඉන්න සමහරුන්ට. (නි)
ඒත් ඉතින් තමන්ට තිබුණ ආරක්ෂාව නේද කඩාගෙන ගියේ? (නි)
බෙල්ල බේරුනා ඇති. මොකටද රත්තරන් පළඳින්නේ. කාලයේ හැටි දන්නවනේ. (නි)
අපි නම් කොහොමත් දන්නවා පිටබැද්දරගේ මොළය හොඳ නැහැ කියලා. ඒ නිසා ගණන් ගන්නේ නැහැ (නි)
හොද වැඩේ සෝබනේට මාල දානවට.. (බ)
සුමිත්‍රා යන්තරය නිසා ඇයගේ බෙල්ලද ආරක්ෂා විය (බ)
සුභාෂ්ටත් වළලු දාපු අතකින් මදි නොකියන්න ලැබිලා වගේ. (අ)
සුභාෂ්ටත් වළලු දාපු අතකින් මදි නොකියන්න ලැබිලා වගේ. කතාවෙන්ම තේරෙනවා (නි)