IMG-LOGO

2024 ඔක්තෝබර් මස 22 වන අඟහරුවාදා


තරුණියගේ සාරි කටුව බසයේදී නැතිවී ජංජාලයක්

බස් රථය ගල්කිස්සේය. ඒ වනවිටත් කිටි කිටියේ සෙනගය. අතුරු සිදුරු නැත. ඇඟිල්ලක් ගැසිය නොහැකි තරමට පිරීතිබිණි. ආසන දෙකක ඇඳි දෙකක් අල්ලාගෙන සිටගෙන සිටි මැදිවියේ පිරිමියෙකි. ඔහු කවුළු අතරින් ඉවත බලාගෙන යයි. කුමක්දෝ වෙනසක් දැනී මද වෙලාවකින් ඔහු පසුපස හැරී බැලූවේය. තරුණියක් ඔහුගේ පිටුපසින් හිටගෙන සිටි අතර ඉගටිය ප‍්‍රදේශය එක් අතකින් අල්ලාගෙන සිටි ඇය තම ඉදිරිපසින් සිටි පුද්ගලයා අමතා මෙසේ කිව්වාය. අනේ කරුණා කරලා මට උදව්වක් කරන්න. ඔහු නැවතත් පිටුපස හැරී බැලූවේය. මගේ සාරියට ගහලා තිබුණු කටුව ගැලවිලා වැටුණා. මට ටිකක් වාඩි වෙන්න ඉල්ලා දෙන්න පුළුවන්ද? තරුණියට සිදුවී ඇති අකරතැබ්බය ඔහුට තේරුම් ගියේය. ඔහු ඒ අසල වාඩිවී සිටි අයෙකුට යමක් කණට කොට කීවේය. ඔහුද ඉද්ද ගැසුවාක් මෙන් නැගිට තරුණියට ආසනය පරිත්‍යාග කළේය. සැණින් තරුණියද සාරිය ගුලියක් සේ අතින් අල්ලාගෙන වාඩි වූවාය. දැන් ඔයා බහින්නේ කොහොමද? කටුව මෙතන වැටුණේ. හොයා ගත්තනම් හරි. එසේ කියූ ඇය බිමට නැමී සෙරෙප්පු සපත්තු කුඩ බෑග් අතරින් කටුව සොයන්න වුවාය. මේ අතර ඇයට ආසනය දුන් තරුණයා සෙනඟ අතරින් රිංගා ඉදිරියට ගියේය. රියැදුරුට යමක් කීවේය. යළිත් දොරටුව අසලට පැමිණියේය. මදවෙලාවකින් බසය නතර කැරිණි. හරි යං. හඬක් ඇසුනි. නැවත සෙනග අතරින් තරුණිය අසලට පැමිණියේය. නංගී ආ. ඔයාට අවශ්‍ය තැනකට ඔය කටුව ගහගන්න. මේ බසයේ කටුවක් තියා රේක්කයක් වැටුනත් හොයන්න පුළුවන්ද....මේ ඉන්න සෙනඟත් එක්ක.



අදහස් (0)

තරුණියගේ සාරි කටුව බසයේදී නැතිවී ජංජාලයක්

සුද්දා Thursday, 03 May 2012 02:01 PM

කතාව තියෙද්දී සාරිය වැටුනනම් එහෙම...

:       0       0

හිමාෂ Tuesday, 01 May 2012 06:12 PM

ඒ කොල්ලා නිසාම හොදයි...

:       0       0

නිශ්ශංක Tuesday, 01 May 2012 06:15 PM

මනුස්සකමේ වටිනාකම...

:       0       0

ගුණේ Friday, 04 May 2012 12:26 PM

තැන්ක් යු මල්ලි..........

:       0       0

දම්මික Saturday, 05 May 2012 08:18 AM

තාම හොඳ කොල්ලෝ ලංකාවේ ඉන්නවා..

:       0       0

කසුන් Tuesday, 01 May 2012 07:59 PM

ඇත්තටම අගේ කලයුතු දෙයක්ග... අපේ තරුණයන් අතර තාමත් හැදියා‍ව රැඳීම ගැන අපි ලාංකිකයන් හැටියට ආඩම්බර වෙන්න ඕනෙ.

:       0       0

අසංක Wednesday, 02 May 2012 07:02 PM

ඔහොම යන් නංගී...

:       0       0

හසාන් Sunday, 06 May 2012 02:56 PM

සාරිය රඳවන්නේ කටුවෙන්ද ?

:       0       0

ශානක Wednesday, 02 May 2012 09:30 PM

හිත හොඳ කම කොල්ලන්ගේ ගතියක් ඒක ප්‍රයෝජනයට ගැනීම කෙල්ලන්ගේ ගතියක් (ස)

:       0       0

සේනානායක Tuesday, 01 May 2012 11:34 PM

මේ වගේ ඉලන්දාරි ඉන්න බව අහන්නත් සතුටුයි

:       0       0

ෂෙරීෆ්- riyadh Wednesday, 02 May 2012 01:23 AM

අපේ අත්තලා මුත්තලාගේ කාලේ ඉදලා පවතින සිරිත් විරිත් නොවැ

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 03 May 2012 09:59 PM

ඒයි කිව්වත් වගේ මේ අර නංගියානේ.එයාගේ හැමදාම ඔහොම සාරි ගැලවෙනවා තමයි සීට් එකක් ඕන වුනාම. හැබැයි ඔය විදිහේ උදව්වක් කලේ ඒ කොල්ල විතරමයි මගේ හිතේ...

:       0       0

බුද්ධික Wednesday, 02 May 2012 08:06 AM

ඒක මනුස්ස කම

:       0       0

රුවන් Wednesday, 02 May 2012 09:15 AM

‍‍කොයි තරම් ‍හොද වැඩක්ද ..වාසනාවන්ත දරු‍වෙක්..මෙම සිරිත් විරිත් රැක‍ගෙන , ඉදිරියටත් රැ‍ගෙන යමු

:       0       0

එස්.ඒ. Monday, 07 May 2012 06:37 PM

ආසනය ගන්න දාපු මායමක් වද්ද

:       0       0

සමන් Thursday, 03 May 2012 10:13 AM

අයියෝ, සල්ලි අපරාදේ...

:       0       0

දිනේෂ්-saudi Tuesday, 01 May 2012 10:30 AM

සාරි කටුව නිසා හොදයි

:       0       0

වාසලා Wednesday, 02 May 2012 10:31 AM

එල කොල්ලෙක්

:       0       0

ඇනෝයි Wednesday, 02 May 2012 10:44 AM

අපේ රටේ මිනිස්සු හරි වෙනස්, ඒ වෙනසට අපි ගරු කරමු

:       0       0

කොල්ලා Tuesday, 01 May 2012 11:26 AM

ඇත්තටම හොද නුවණක්කාර හිත හොද තරුණයෙක්

:       0       0

චන්ද්‍ර Tuesday, 01 May 2012 11:28 AM

හොදයි...

:       0       0

ප්‍රියදර්ශන Tuesday, 01 May 2012 11:51 AM

මාර කොල්ලෙක් තමයි නේද?

:       0       0

තුශාර Friday, 04 May 2012 10:00 AM

කට්ට දීලා නතර වුණා ඇති..කටුව ගහන්න නොයා...

:       0       0

කපෝතියා Thursday, 03 May 2012 12:09 PM

කොල්ලෙකුට හදිස්සියේ ඔහොම දෙයක් වුණානම් හිතන්නේ වැරදියට... බලන්නේ වපරෙට... ඒ මදිවට බැණුම් අහලා තමයි බැහැලා යන්න වෙන්නේ

:       0       0

රංජිත් Tuesday, 01 May 2012 12:04 PM

මිතුර ඔබ අවංක සිතෙන් කල උපකාරයක් බව හැගේ

:       0       0

නිසල් Wednesday, 02 May 2012 12:25 PM

ගොඩක් හොදයි

:       0       0

සමිපත් Tuesday, 01 May 2012 12:46 PM

අද තාලෙ සාරිය අදින්නේ ඉනටත් නැතිව බඩටත් නැතිව,වෙලාවට කටුව ගැලවුනේ නේද...?

:       0       0

කොන්ඩා Wednesday, 02 May 2012 12:31 PM

මල්ලි අහුවෙලා, ගල්කිස්සෙන් බස් එකට නගින ඒ නංගිගේ සාරි කටුව හැමදාම ගැලවෙනවා. එතකොට සීට් එකක් ලැබෙනවා

:       0       0

dhananja Wednesday, 02 May 2012 02:03 PM

අහන්නත් ආසයි මේ වගේ අය ඉන්නවා කියලා. හොඳ හිතින් කළ ඒ උදව්වට අපේ හදපිරි ස්තූතිය!!!

:       0       0

ප්‍රියදර්ශන Sunday, 06 May 2012 08:57 AM

බැරිවෙලාවත් කොල්ලෙක්ගේ කලිසමට ඔහොම උනානම් කෙල්ල සලකාවිද ??

:       0       0

indu Tuesday, 01 May 2012 05:23 PM

ආදර්සවත් තරුණයෙක්

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

මිතුරා මළැයි කියා සිතා බූරුවා ගහන්න ගෙදර ඇවිත්
2024 ඔක්තෝබර් මස 22 306 0

ගාල්ල නගරාසන්නයේ ගමක විසූ මිතුරන් දෙදෙනෙකි. දෙදෙනාම සුරාවට ලොල්ය. පසුගිය දිනක සවස දෙදෙනා හොඳටම රත්වූහ.


බිරින්දෑවරුන් මාරුකරගෙන මඟු‍ලත් කැඩිලා
2024 ඔක්තෝබර් මස 21 917 0

සිය බිරින්දෑවරුන් දෙදෙනා වෙනසකට වගේ මාරුකරගත් යහළුවන් දෙදෙනෙකු ඔවුන් දිගටම ඇසුර පවත්වාගෙන යෑම හේතුවෙන් එය විසඳා ගැනීමට එක් බිරියක රුහුණේ පොලිසියක


මං ගොනා බිලට පොලු තියා අමාරුවේ වැටිලා
2024 ඔක්තෝබර් මස 19 609 0

පිටේ දවටා තිබුණු යමක් සමච්චලයට ලක් කිරීමෙන් මිතුරා උරණ වීම හේතුවෙන් හෝටලයක කෑම බිල ගෙවා ගත නොහැකිව තවත් මිතුරන් පිරිසක් දැඩි අපහසුතාවකට පත්වූ පුවතක්


කප්පාදු කරන්න කීවාම තේ ගස් පිටින්ම කපලා
2024 ඔක්තෝබර් මස 19 610 0

කළයුතු දේ හරිහැටි සොයා නොබලා කටයුතු කිරීමෙන් තම බිරියගේ පවුලේ අයගේ දෝෂ දර්ශනයට ලක් වූ පුද්ගලයකු පිළිබඳ පුවතක් මාතර මොරවක්කෝරළය පෙදෙසින් වාර්තා වෙයි.


සංගීතයේ පුටු ගෙවල්වලට පියාබලා
2024 ඔක්තෝබර් මස 19 193 0

වැස්සට පිං සිද්ධ වෙන්න පුටු තොගයක් සිය නිවෙස්වලට රැගෙන ගිය පිරිසක් පිළිබඳව කතාවක් ඇල්පිටියෙන් අසන්නට ලැබේ.


ගුලි දෙක මාරුවී ඉහ මොළ රත් වෙලා
2024 ඔක්තෝබර් මස 19 225 0

මෙය බලංගොඩ ප්‍රදේශයේ එක්තරා ගමක සිදුවූ අපූරු සිදුවීමකි. නිවසක පෙර දින රාත්‍රියේ ආහාරයට ගෘහණිය විසින් කුරක්කන් තලප සූදානම් කර තිබිණි නිවසේ සිටින්නේ ව


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 90 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 788 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 543 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site