තරුණියක හා සමීප ඇසුරකට ගිය විදුලි උපකරණ අලෙවි නියෝජිතවරයකු ගම්වාසීන් විසින් අල්ලා ගස් බැඳ පොලිසියට දැනුම් දීමේ පුවතක් උඩරට ගමකින් වාර්තා වේ.
මෙම පුද්ගලයා කුලී පදනම මත විදුලි උපකරණ විකිණීමේ යෙදෙන්නෙකි. ගෙන් ගෙට ගොස් විදුලි උපකරණ විකිණීමේ දී ඉහත කී තරුණිය සමග පේ‍්‍රම සබඳතාවක් ඇතිකර ගෙන තිබේ.
නිවසේ කිසිවකු නොමැති අවස්ථාවක ඇය හමුවීමට මොහු යනු දුටු ප‍්‍රදේශවාසීහු ඒ පිළිබඳව සැක සිතී නිවස වැටලූහ.
එම අවස්ථාවේ තුවායක් පමණක් ඇඳ සිටි ඔහු පැන යාමට උත්සාහ කර ඇතත් ප‍්‍රදේශවාසීන් ඔහු අල්ලා ගස් බැඳ පොලිසියට දැනුම් දී තිබේ.
මොහු දෙදරු පියෙකි. තරුණිය විසි දෙහැවිරිදි තැනැත්තියකි.
පොලිස් ඇප මත මොහු නිදහස් කර ඇති අතර මේ පිළිබඳව තලාතුඔය පොලිසියේ ස්ථානාධිපති සම්පත් රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නිලන්ත විජේසිංහ හා පොලිස් සැරයන් 29664 සෙනෙවිරත්න, පොලිස් සැරයන් 46577 රාජනායක යන නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 28 කියන්නේ මේ තරුණිය බබෙක් නෙමෙයිනේ. දෙදෙනාම කැමති නම් ප්‍රදේශ වාසීන්ට මොකක්ද තියන අමාරුව.(නදී)
මෙහෙම සම්ප්‍රදායක් ඉතියෝපියාවේ තියෙනවා මා දුටුවා. දෙදෙනා කැමති නම් කවුරු අකමැති උනත් පොලීසිය අත දාන්නේ නැහැ. මේක ඉතියෝපියාවට ගැලපුනත් අපේ රටට නම් ගැලපෙන්නේ නැහැ කියලයි මගේ හැඟීම. (නදී)
ධම්ම මහත්මය, දැන්නම් මෙහෙ ඉතියෝපියාවටත් වඩා අන්තයි. සමහර අය මේවට අත දාන්නේ ඉරිසියාව නිසා. (නදී)
ධම්ම සමග මම එකඟ නැහැ. පැතුම්ගේ තර්කය නිවරදියි. යුරෝපය ඇතුළු ලෝකයේ දියුණු බහුතර රටවල නීති සමප්‍රදාය අනුව මෙතන වරදක් වී නැහැ. (නදී)
ප්‍රසන්න ඔබේ දියණිය විවාහක යැයි උපකල්පනය කරන්න. ඇගේ සැමියාව අඟර දඟර දමා අල්ලාගත් තරුණියක මෙහෙම තහනම් ගහේ ගෙඩි කනවා දැක්කොත් වරදක් නැහැ කියනවා ද ? (නදී)
කාගේ හරි පවුලක් කඩලා හරි පිරිමියෙක් ගෙට ගන්න තමයි අද සමහර තරුණියන් හදන්නේ. ඊට පස්සේ අර බිරිඳට අභියෝග කරනවා පුළුවන් නම් මනුස්සයාව ගෙදර ගෙන්න ගන්න , ඔහේ වගේ වයසක පන්චස්කන්ද්යකින් දැන් එයා ට වැඩක් නැහැ කියල. හැබැයි තමන් වයසට ගිය දාටත් වෙන්නේ ඒ ටිකම කියල හිතන්නේ නැහැ. (නදී)
උඩරට පැත්තේ යනවා නම් පිරිමි පුස් පැටියෙක්වත් ගෙනියන්න එපා. ඔය මැණිකෙලා කියන්නේ කොමල දාලා පිරිමි රවටා ගන්න කප් ගහපු උදවිය . (දී)
ගයනි, වරදක් තියනවා. නමුත් මේ දෙන්නාම තේරෙන දෙන්නෙක්. ප්‍රදේශවාසීන්ට මේවාට අත දැම්මා කියලා නවත්වන්න බැහැනේ. ඔවුන් එහෙම කරන්නේ අනුන්ගේ දේවල් හොයලා පුරුද්දට (නි)
කසාද බැඳපු මිනිහෙක් හිතාමතාම තරුණ ගැහැණු ළමයෙක් අමාරුවේ දැමීමක් බැලු බැල්මට පෙන්නේ . හැබැයි එකක් ,අද කාලේ හන මිනුම් වලට අනුව ගැහැණු හතර දෙනෙකුට ඉන්නේ එක පිරිමියාලු ඉතින් නිකමට හිතල බලමුද එක මනුස්සයෙකුට තව අඩු තරමේ කසාද දෙකක්වත් බැඳගන්න පුළුවන් තරමේ විදියක් , (දී)
මිනිස්සුන්ට වෙන වැඩ නැද්ද (දී)
දම්මි පරිස්සමෙන් ඔයාට බිරිද එක්ක ඉන්න එකටත් අසල්වාසීන් අකමතිවෙන්න පුළුවන් (දී)
නීතියක් කියලා එකක් නැද්ද මේ රටේ (දී)
පිරිමි කසාද දෙක තුන බැඳගන්න පුළුවන් විදි සොයනවා. ඒ වුනාට ඉන්න එකම බිරියවත් නඩත්තු කරගන්න බැරිව එයාව මැද පෙරදිග යවලා තමන් යැපෙනවා. (දී)
කාටවත් වැඩක් නැනේ බල වයස් කාරයෝ නැනේ (දී)
මහන්සියට මූහුණ හෝදගන්න යන්න ඇති (නි)
අවු.22 ක ගැහැණු ළමයෙක් වුණත් ළමයාගේ මෝඩකමට මෙහෙම සිදු වෙලා තියෙන්නේ. තමන්ගේ දරුවට,සොයුරියට මේ දේ සිදු වුණා නම් පිරිමින්ගේ ප්‍රතිචාර කොහොම වෙයිද?(නි)
මේක පුදුම වැඩක්නේ...ගැහැණු ළමයාට කමක් නැත්තම් අනෙක් අයට මොකෝ? (නි)
නුවර මැණිකේ කෙනෙක් නඩත්තු කරන්න කොහොමත් අමාරුයි. මෙයත් ඒ කාරණාවෙන් ප්‍රයෝජන ගන්න ඇත (නි)
මෙහිදී මෙම මනුස්සයාට පමණක් දොස් කීමෙන් පලක් නැහැ. මොකද එයා බලෙන් ගෙට රිංගලා නැහැනේ. මෙම තරුණිය දැනගන්න ඕනෑ සම්බන්ධකම් පවත්වන්නේ කා සමඟද කියලා (නි)
තමන්ගේ රාජකාරි කටයුතු සියල්ල පසෙකලා අනුන්ගේ ක්‍රියාකාරකම් ගැන විපරම් කරමින් ඉන්නා පටු ආකල්ප වලින් පිරුණු ජනකොටසකගේ තවත් එක් ක්‍රියාවක් තමයි මේ. හුදෙක් සමාජ භීතිකාව මත, තම මනස තුලම අසීරුවෙන් හිරකර, යටපත් කරගෙන සිටින හැඟීම් වල ප්‍රතිපලයක් ලෙස ලිංගික ඊර්ෂ්‍යාව හා කුහකකම නමැති මානසික රෝගයෙන් පීඩා විඳිමින් සිටින්නන් තමන් හට ලද අවස්ථාවකින් ප්‍රයෝජන ගැනීම කරනවා (නි)
තමන්ගේ රාජකාරි කටයුතු සියල්ල පසෙකලා අනුන්ගේ ක්‍රියාකාරකම් ගැන විපරම් කරමින් ඉන්න පටු ආකල්ප වලින් පිරුණු මන්ද මානසික අලස ජනකොටසකගේ තවත් එක් ක්‍රියාවක් තමයි මේ. හුදෙක් සමාජ භීතිකාව මත, තම මනස තුලම අසීරුවෙන් හිරකර, යටපත් කරගෙන සිටින හැඟීම් වල ප්‍රතිපලයක් ලෙස ඉරිශියාව හා කුහක කම නමැති මානසික රෝගයෙන් පීඩා විඳිමින් සිටින්නන් තමන් හට ලද අවස්ථාවකින් ප්‍රයෝජන ගැනීමක් තමයි මෙය. නමුත් කාන්තාවකට ස්වභාව ධර්මයෙන්ම ලැබී ඇති සුන්දර බව රැක ගැනීමට වයස බලනොපාන බව කාන්තාවන් අවබෝධ කර ගත යුතුයි. (දී)
බලෙන් නෙමෙයිනේ, අසල්වැසියන්ටත් ඕනෑ නැති දෙයක් නැහැ. (නි)
ඒ ගෑනු ළමයා බබෙක්ද? අවු 22 ක් කියන්නේ පොඩ්ඩක්ද? කොහොම වුණත් දෙන්නම වැරදියි (නි)
වයසේ හැටියටද වැඩ (දී)
සදාචාරය සහ නීතිය යනු දෙකකි. රටේ දණ්ඩ නීති සංග්‍රහයට අනුව මෙය වරදක් නොවන අතර අත්අඩංගුවට ගැනීමට නොහැක. ඉරිසියාව පෙනේ පොලිසියේ සහ ගමේ ඉන්න අයගේ. (දී)
ඒක මනුස්ස අයිතියක් නොවෙයිද (දී)
යමක් කමක් බැරිි මිනිස්සුත් මේවට ඉරිසියයිනේ. (නදී)
ලසන්ති...මට පේන විදියට ඔයාට තාම බඳින්න බැරි වෙලා වගේ. උත්සහ කලොත් බැරි වෙන එකක් නම් නැහැ (දී)
නීතියෙන්නම් මෙම පුද්ගලයා කිසිම වරදක් කරලානැහැ.මොකද නැත්තේ,ගෙදර බිරිඳගේ,දරුවන්ගේ විස්වාසය කඩකිරීම,කෙල්ලකු රැවටීම,මේවා වැරදි නෙවේද? (දී)
අනේ නැහැ ජීවන්ති මම බැඳලා දරුවන් දෙන්නෙකුගේ අම්ම කෙනෙක්. මට පේන්නේ ඔයාට තනිකඩ පිරිමියෙක් සොයාගන්න බැරිව විස්සෝපයෙන් ඉන්නවා වගේ. (නදී)
අනුන්ගේ ගෙවල් වලට එන මිනිස්සු ගැන හොයල බලන්න මේ ගමේ මිනිස්සුන්ට පුදුම අමරුවක්නේ තියෙන්නේ. මෙතන වරදක් මම නම් දකින්නේ නැහැ. බලෙන් රිංගල නෙවෙයිනේ. (නදී)
මොකද්ද විශ්ව අයිතිය ? අනුන්ගේ පවුල් කඩන එකද ? හරි නම් ගස් බඳින්න ඕන අර බවලත් කෙනාව. (දී)
ජීවන්ති ඔබේ ක්‍රමය මොකද්ද කියලා අවිවාහක පාඨක මෙනෙවියන්ට කියලා දෙන්නකෝ. ඒක ලොකු සමාජ සේවයක් වේවි. කී දෙනෙක් අද රටේ ඉන්නවද පිරිමියෙක්වත් බැඳගන්න බැරිව. (දී)
රුවන් කොහොමද දන්නේ කෙල්ලව රැවට්ටුවද නැද්ද කියල? කව්ද දන්නේ කෙල්ල දැන දැනම ආවද කියල. මෝඩ කතා කියන්න එපා (දී)
ඉතින් ගමේ අය මොකටද අල්ලන්නේ ඒක ගැහැණු ළමයාගේ කැමැත්තෙන් නේද වෙලා තියෙන්නේ (දී)
අනුන්ගේ පිරිමියෙකු උදුරා ගැනීමේ පාපය ගෙවන්න වෙන්නේ ආත්ම ගානක් තමන්ට කිසිම පිරිමියෙකු නොලබා අන්ත පිළිකුල් ස්ත්‍රී සහ නපුංසක ආත්මවල ගෙවන්න සිද්ධවීමෙන් බව අසා තිබෙනවා. (දී)
මෙතන විවාහකයා පිරිමියා වුන නිසා "අනේ කමක් නැහැ". හැබැයි කාන්තාව වුනා නම් "උල තියනු" තමයි. (දී)
ලසන්ති, මට පේන්නේ ඔයාගේ මහත්තයට ඔයාව නඩත්තු කරගන්න බෑ, ඔය කියන විදියට. (දී)
මෙතන පිරිමි පාර්ශවයේ සමහරුන්ගේ අදහස් අනුව පෙනී යන්නේ මේ පුවතේ පිරිමියාට ලැබුන අවස්තාව ලැබුනා නම් කොහෙත්ම මග නොහරින බවයි. (දී)
මේ ජීවන්ති කියන කෙනාට මොකද්දෝ අසහනයක් තිබෙනවා වගේ . අනිත් බවලතුන් එක්ක කෙහෙවලු පටලවා ගන්න යන්නේ . (දී)
ජීවන්ති මහත්මිය අනෙක් ගෙවල් වල මහත්තුරුන් නෝනලා නඩත්තු කරන්නේ අමාරුවෙන් කියල ඔච්චර හොඳට දන්නේ කොහොමද ? (දී)
ජීවන්ති අද මහත්තයා එක්ක උදේ පාන්දර රණ්ඩුවක් අල්ලලාද පාඨක සභාවට ආවේ ? (දී)
එහෙම අමාරුවෙන් මාව නඩත්තු කරන්න සිද්ධ වෙන්නේ ඔයා වගේ උදවිය අපේ අහළින් පහළින් ගියොත් තමයි ජීවන්ති. දැනට නම් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ . (නි)
මට හිතෙන්නේ මේ ජීවන්ති නමින් අදහස් දමන්නේ පිරිමි කෙනෙක්. නැත්නම් ලසන්ති කියූ දෙයට අනිත් පිරිමි උදවියට නැති තරහක් මෙයාට කොහොමද ඇති වුණේ? (නි)
දෙන්නගෙම වයස18 ට වැඩි නම්, දෙන්නා කැමති නම් අනිත් අයට මොකෝ? මේක පැහැදිලි ඉරිසියාව (නි)
විදුලි උපකරණ විකුණලා මහන්සියට ඇඟ අතපය හෝදගන්න තුවාය අඳින්න ඇති. (නි)
මට පෙනෙන්නේ ජීවන්ති නගා අද ඇඳේ වැරදි පැත්තෙන් නැගිටලා. (නි)
මට පෙනෙන හැටියට තරුණියගේ ගෙට රිංගූ කෙනා ඉන්නේ මේ සභාවේ වගේ . (නි)
ලසන්ති, කමනි කියන්නේ දෙන්නම එක්කෙනෙක් කියලායි මට හිතෙන්නේ. (නි)
මොකද දන්නේ නැහැ ඒ වෙලාවේ පිරිමියාගේ වස්ත්‍රය විතරක් ප්‍රශ්නයක් වුණේ? (නි)
අදාළ පුවතට එහා යන සංවාදයක් මෙතන ට සුදුසු නැති නිසා මම මීට වඩා යමක් අදට ලියන්නේ නැහැ . (දී)
තිබෙන දෙයක් ගැන එපැයි අජිත් ප්‍රශ්නයක් ඇතිවෙන්න ? (නි)
මගේ මහත්තයා නම් ලස්සනට මාව සහ දරුවන්ව නඩත්තු කරනවා. මට පෙනෙන හැටියට ලසන්ති, ශ්‍යාමලී, දිමුතු වගේ අයගේ පවුල්වල ප්‍රශ්න තියනවා වගේ (නි)
කෝ අද ලංකා තිලක් උන්නැහේ නැද්ද සභාවේ ? බවලතුන් සම්බන්ධ පුවතක් නම් මඟහරින්නේ නැති කෙනානේ. (නි)
අනේ මන්දා! මට නම් පෙනෙන්නේ අද පොර කිකිළියෙක් පාඨක සභාවට සැපත් වෙලා වගේ. (නි)
මොකද මේ ජීවන්ති කියන එක්කෙනා මෙහෙම කන් කෙඳිරිගාන්නේ ? අපි ඇහුවද එයාගේ පවුලේ වගතුග ? (නි)
නැතුව නැතුව කුෂි නෝනා, හැබැයි මේවා ප්‍රසිද්ධියේ නම් කියන්නේ නැහැ. පරිගණකයට මුවාවෙලා තමයි මෙහෙමවත් ලිව්වේ. (නි)
මට නම් හිතෙන්නෙ කට්ටියම වලිග පාගගන (ගම්මු සහ පාටකයෝ). මේ මනුස්සයා ඉස්සල්ල දවසෙ කාපු කොත්තුවකට බඩ අවුල් වෙලා. ඒ නිසා මිනිහා දන්න අඳුනන්න නිසා ඒ ගෑනු ලමයගෙ ගෙදර වැසිකිලියට ගිහිල්ල!! අපේ කට්ටිය නියමෙට නවකතා ලියනවා (දී)
කිසිම ගැහැණියෙක් මම දන්නා තරමට තමන්ගේ සැමියා තව ගැහැණියක් සමඟ බෙදාගැනීමට අකමැතියි. ඒ අකමැත්ත ප්‍රකාශ කළවිට අනෙක් අය ඇයට කියන්නේ ලිංගික ඊර්ෂ්‍යාවෙන් සහ කුහකකමින් පෙළෙන ගැහැනියක කියායි. (නි)
රටේ මීට වඩා ප්‍රශ්න තියෙනවා බොලවූ (දී)
අපේ මේ ගෑනු ශරීරය කවදා හරි සැන් පවුඩර් දාලවත් ගොඩ ගන්න බැරි දවසක් එනවා කියලා මෙතන සමහර බවලතුන්ට වැටහිලා නැහැ වගේ. (නදී)
ගෙයින් ගෙට වෙළඳාමේ යන අය ගැන සැලකිලිමත් වීම වඩා හොඳයි (නදී)
නුවර මැණිකෙලා කොහොමත් අනුන්ගේ බත් හැලියෙන් බෙදා ගෙන කන්න දක්ෂයි කියල අහලා තියනවා. (නදී)
සමහර විට ඔහු අවිවාහක කෙනෙක් කියල තරුණියට හොද ඇක්ෂන් පාරක් දෙන්න ඇති, ආදරේ ලග ගැහැනුන් (මෝඩ නැති උනත්)බොලද වෙන නිසා බොරුකාර පිරිමින්ට ඉක්මනට රැවටෙනවා, කසාද බිරිද ගෙදරට ආවාම හෝ ටෙලිෆෝන් කරාම තමයි ගිනි පත්තු වෙන්නේ.., දැන් සමහර පිරිමින් වගේ රටවල් වල ඉන්න හැම කෙනෙක්ම වගේ ඩිවෝස් වෙලා නේ ........? (දී)
සරසි මම ඔබේ අදහසට එකගයි.....!!
හරියටම හේතු නොදැන අපිට මොකුත් කියන්න බැහැ (දී)
ශ්‍රියාගේ ඒ ගැහැණු ශරීරය සැන් පවුඩර් ටොන් ගණනින් දමල වත් ගොඩගන්න බැරිබව ඇයට දැනටමත් වැටහිලා වගෙයි. පතිවත රැක ගන්න ඔයාට හරිම පහසුයි ශ්‍රියා. (දී)
මෙන්න අහගනිල්ලා ළමයනේ .........මිනිහගේ අතේ වැරැද්ද ..ඒ ගැහෙනු ළමය දන්නේ කොහොමද මිනිසා විවාහකයෙක්ද කියල.. ඔය වගේ බාල වැඩ කොරන අය ඇත්ත කියාවිද .........පුරස්නේ කොහොමද ගමේ උන්දෙලා දන්නේ මිනිහ විවාහකයෙක් බව ගහේ බඳින්න ඉස්සෙල්ල .......මිනිහ මීට ප්‍රතමත් මෙවෙනි වැඩ වල යේදීල ඇති (දී)
අනේ මටත් නුවර අනුන්ගේ බත් හැලියෙන් කන්න කැමති මැණිකේ කෙනෙක් හොයල දෙන්නකෝ (දී)
විලි ලැජ්ජයි (දී)
සමන්, ඔයාට විලි ලැජ්ජාව ඇති වුණේ කොහොමද? (නි)
ශ්‍රියා, මට පීනසේ නිසා අවුරුද්ද පුරාම හෙම්බිරිස්සාව. ඒ හින්දා මම ඔයාට කැමතියි. (නි)
මෙතන උඩ තියෙන ප්‍රතිචාර වලින් 70%ක්ම කියන්නේ මේ දෙදෙනා බාල වයස්කාරයන් නොවන නිසා වරදක් කර නොමැති බවයි. 1%ක් කියනවා කොල්ල බැදපු නිසා ඔහු වරදක් කර ඇති බවත්, කෙල්ල කොල්ලාව රවටාගෙන ඇති බවත්. (නි)
විකුම් පුතා, මගේ වයසේ ඉන්න, ඔබේ අම්මාත් කාන්තාවක් නේද කියලා ටිකක් හිතාබලන්න (නි)
විකුම්, ඔයාගේ අම්මා සහ ගෙදර සහෝදරියන් ගැනත් හිතන්නේ ඔය විදියටද? ඉතා අශෝභනයි. (නි)
විකුම්, මෙතන නොයෙක් වයස් වල බවලතුන් අදහස් ලියනවා. පාසල් ගිහිල්ල තියනවා නම් ටිකක් වැදගත් විදියට අදහස් ප්‍රකාශ කරන්න. අපිටත් මව්වරුන් සහෝදරියන් ඉන්නවා. (නි)
සමහරු මෙතන තිබෙන පුවතට අදාලව තමන්ගේ අදහස් ලියනවා වෙනුවට අදහස් ලියන අනිත් අයට නම් සඳහන් කරමින් පුද්ගලික මඩ ගැසීම් කරන එක නම් හරි නැහැ. (නි)
විකුම්, ඔයා අනුන්ගේ පතිවත සොයන්නේ නැතුව තමන්ගේ දෙයක් සොයලා බලන්නකෝ. (නි)
අසල්වැසියන්ට පින්සිදු වෙන්න අවුරුදු විසි අටේ බබා බේරුනා. (නි)
අපේ රටේ දැන් වෙන දේවල් දැක්කම ඕක සුළු දෙයක්නේ. (නි)
අපරාදේ කියන්න බැහැ, අනෙක් පැතිවල කාන්තාවන් මීට වැඩිය ගොඩක් හොඳයි (නි)
සමහර අය බවලතුන් පිළිබඳ තමන්ගේ මානසික අසහනය පිටකර ගැනීමට මෙතන පාඨක කාන්තාවන්ට නොහොබිනා කතා කීම හොඳ නැහැ. (නි)
විකුම් සහ නිරන්ජන්, ඔබලා වැනි හැදියාවක් නැති උදවිය මේ පාඨක සභාවට සුදුසු නැහැ. ගෙවල් වලත් මෙහෙම බවලතුන්ට නොමනා කතා කියා කියාද ඉන්නේ? (නි)
නිරන්ජන හදපු වඩපු අය කවුරු වුණත් ඔබට ආචාර ධර්ම කියලා දෙයක් නම් කියලා දීලා නැහැ (නි)
මෙතන අදහස් දමන්නේ උගත් , සමාජ අත්දැකීම් ඇති පාඨකයන්. නමුත් සමහරුන් මේ පුවත් තීරය තමන්ගේ පුද්ගලික අසහන පිටකරගන්න පාවිච්චි කරන බව පේනවා. මෙතන පාඨක කාන්තාවන්ට අශ්ලීල කතා කියන උදවියට මම කියන්නේ ඒවා ඔබලාගේ ගෙවල් ඇතුළට සීමා කරගන්න කියායි. මෙතන වැදගත් පාඨක සභාවක්. (නි)
නිරන්ජන්, ඔබ කරුණාකර වැදගත් පිරිමියෙකු ලෙස මෙතනට අදාළ අදහස් ලියන්න. පරිගණකයට මුවා වී කාන්තාවන්ට නොහොබිනා යෝජනා ගැන කතා කීම පිරිමියෙකුට ගැළපෙන්නේ නැහැ. (නි)
අනේ ඇත්තට මෙහෙමත් වැඩ! (නි)
නිරන්ජන් කරුණාකරලා මේ සභාවේ කාන්තා පක්ෂය ට ශීලාචාර විදියට අදහස් පල කරන්න . මෙතන මේනියාකාරයන් ඉන්න තැනක් නෙවෙයි. උගත් බුද්ධිමත් ස්වාධින අදහස් ලියවෙන තැනක්. (අ)
ඔය නිරන්ජන් නමින් ලියන කෙනා ටිකක් ශීලාචාර විදියට අදහස් ඉදිරිපත් කරන්න. මේක ඔබේ බජාර් එක නෙවෙයි. එතන අහලින් පහලින් යන බවලතුන්ට විසිල් ගැහුවට මෙහෙම අති විශාල මහජන පාඨක තීරයක ඒ වගේ තුට්ටු දෙකේ වැඩ හොඳ නැහැ.(අ)
නිරන්ජන් ඔයාට තියෙන අදහස් වල හැටියට මට හිතෙන්නේ මෙතන පුවතේ තරුණියගේ ගෙට රිංගලා පාඩමක් ඉඳගෙන ගත්තේ ඔයාවත්ද කියලා.(අ)
අනේ පව් කෝ ලසන්ති. බය වෙලා වගේ.(අ)
මහජන මුදල් හොරාකන දේශපාලුවන්, රජයේ නිලධාරීන්, වැනි අය ගැනත් මිනිස්සු මෙයින් සීයෙන් පංගුවක් වත් විමසිලිවත් වෙනව නම් කොච්චර හොඳද. (ස)
මෙතන නිරන්ජන කියල අදහස් ලියපු කෙනාට මේනියාවක් තියනවද කොහෙද. (ස)
නිරන්ජන කරුණාකර මේ වැදගත් පාඨක තීරයට අදාළ විදියට ශීලාචාරව අදහස් ලියන්න. මේක මංගල යෝජනා තීරයක් නෙවෙයි නේ. (අ)
නිරන්ජන් ට හෙම්බිරිස්සාවට අමතරව මොලේ අමාරුවකුත් තිබෙනවා වගේ. මොනවද මේ ප්‍රසිද්ධ පුවත්පතකට ලියන පහත් උපහාසාත්මක කතා ?(අ)
කාලෙකට පස්සේ අපේ කට්ටිය ඔක්කොම ළිද ලගට ඇවිල්ලා. (මමත් ඇතුළු) (අ)
පෙනෙන හැටියට මේ ජීවන්ති මහත්මියට ඇත්තටම යම්කිසි මානසික ආපදාවක් වෙලා තිබෙන හැඩයි. දැන් ඔය සුරංගි අර ලසන්ති කියන කෙනාට ආයෙත් ඇයි සටනට කතා කරන්නේ? ඇත්තට මේ බවලතුන්ට මොකද්ද වෙලා තියෙන්නේ ? (නි)
මම හිතන්නේ ලසන්ති මහත්මිය ඔබ කියන්න තියන දෙයක් කියලා නිහඬ වුණ එක හොඳයි. මේ තීරයට නොයෙක් මානසික මට්ටම් වල උදවිය ලියනවා. ඒ ගැන කල්පනාවෙන් අදහස් ලිව්වාම ප්‍රශ්නයක් නැහැ. (නි)
සමහරු දැන් මේ පාඨක තීරුව තමන්ගේ පුද්ගලික අසහනය පිටකරගන්න තැනක් කරගෙන. (නි)
මෙතන නිකම් කුලප්පුවෙලා දඟලන්න දෙයක් නැහැ. උඩබලාගෙන තමන්ගේ මුහුණටම කෙළගහගත්තේ ශ්‍රියා කියලා අදහස් දමලා තියන කෙනයි. එයා මෙතන එයාගේ ශරීරය ගැන හිතලා මුළු කාන්තා පරපුරටම අපහාස කරලා. (නි)
හොදක් කලොත් හොද ප්‍රතිපල නරකක් කලොත් නරක ප්‍රතිපල (දී)
මානසික ව්‍යාකුල තාවයක් කියලයි මට හිතෙන්නේ (දී)
තරුණියකට ආලවන්ත කම් පාන්නත් බැරිද අනේ මේ සමාජයේ (දී)
අපිට අදාළ නැහැ (දී)
නරක වැඩ කලොත් අත්වෙන ඉරණම ගැන ශ්‍රියා නැන්දා ඇතුළු නැන්දලා මාමල ටික අත්දැකීමෙන්ම අදහස් දමල තියනවා. (දී)
විකුම් හා නිරන්ජන් කියන්නේ අර ලංකා තිලක් බන්දුල පෙරේරා ගේ ගෝලයෝ දෙන්නෙක් වෙන්න ඇති. එත් ශ්‍රියා මොකටද එයාගේ පෞද්ගලික කාරනා මෙතන ලියන්න ගියේ? (දී)
ආදරයට කොහේදෝ භාධා නැත්තේ (දී)
එතකොට ශ්‍රියා නැන්දේ, බවලතුන්ට විතරද ඔය ප්‍රශ්නය මතු වෙන්නේ? වයසට යද්දී පිරිමි අයට එහෙම වෙන්නේ නැද්ද? නොදන්නා නිසයි අහන්නේ... (දී)
මේක පුදුම සමාජයක් ආදරය කරන්න ඕනෙත් මිනිසුන්ට ඕන විදිහටද (දී)
කාන්තාවක් කියන වචනය කොයි තරම් වටිනා දෙයක්ද විහින් නැති කර ගන්නේ (දී)
මෙතන අදහස් ලියන කවුරු හරි එක්ක කුඩ මිටි හරස් කරගන්න තියන උවමනාවට වගේ ඔය ජීවන්ති සභාවට සැපත් වෙලා තියෙන්නේ. ඔය සුරංගි නමින් ආයෙත් අර ලසන්තිට සටනට අරාධනා කරලා තියෙන්නෙත් එයාම තමා. (දී)
මෙතන අද සෑහෙන අසහන කාරයන් පිරිසක් ඉන්නවා වගේ. පුවතට අදාලව තමාගේ අදහස් ලියනවා වෙනුවට , තමන්ගේ හැදියාවක් නැති පවුල් පසුබිම පෙන්නනවා. (දී)
රවිඳු ඕක ශ්‍රියා ගෙන් අහල වැඩක් නැහැනේ . (දී)
මම හිතන්නේ බන්දුල පෙරේරා දැන් වෙනත් නම් වලින් මෙතන කාන්තාවන්ට උපහාස කරනවා වගේ. රවිඳු ට පෙන්නුම් කරන ලෙඩෙත් බන්දුල ගේ ලෙඩේට සමාන නිසා මම කිව්වේ. (දී)
රවිඳු වයසට ගියාම ඔබට නම් මෙතන කාටවත් නැති ප්‍රශ්නයක් ඇති වෙන බව පේනවා. (දී)
නරකද රවිඳු ඔය ප්‍රශ්නය ඔයා දන්නා කියන තලත්තානි පිරිමි කෙනෙක් ගෙන් ඇහුවානම් ! (දී)
මට නිකන් පිස්සු වගේ (දී)
මඩේ ලගින තාරාවෝ නාවන අයට ඔහොම වෙනවා තමයි ශ්‍රියා. පව් ඉතින් ඔයාට. (දී)
එතකොට වසන්ත ඔබට හැදිලා තියන ලෙඩේ මටත් හැදෙයි කියල උපකල්පනය කරනවද? වරුණ එක්ක ගිහින් එකම තැනින්ද බෙහෙත් ගත්තේ? (දී)
හුඟ කාලෙකින් අනුෂ්කා අක්කාත් සබයට ඇවිල්ල තියෙන්නේ අහල පහල බවලතුන්ටත් හූ කියාගෙන !(දී)
අද පාඨක සභාවේ බොහොම දෙනෙකුට අර්ශස් අමාරුව උත්සන්න වී ඇති බව පෙනේ. (දී)
අද හඳ මුදුන් වුන දවසක් ද ? මෙතන සෑහෙන දෙනෙකුට තමන් ඉන්නේ ලක්ෂ ගණනක් අදහස් බලන පාඨක සභාවක කියල අමතක වෙලා. (දී)
ඇත්තමයි ශුභා මටත් නිකම් පිස්සු වගෙයි. මේ අයට මොකද මේ වෙලා තියෙන්නේ? අපේ ටෙනි මහත්තය විතරයි අද කූල් එකේ ඉඳගෙන අදහසක් පලකරලා තියෙන්නේ. අර්ශස් අමාරුවට එතුමා ගත්ත බෙහෙත නම් අද ටක්කෙට වැඩකරලා තියනවා. (දී)
අනුන්ගේ පවුල් කඩන කාන්තාවන්ට අර ශ්‍රියාට අත්වෙලා තියන ඉරණමම අත්වේවායි කියල තමයි මමත් ප්‍රර්ථනා කරන්නේ. (දී)
අපොයි, ශ්‍රියාට මෙතැනදී ඉරණම තව හොඳ වෙලානේ සුජීවා. මංගල යෝජනාත් සභාවෙන්ම කීයක් ආවාද? සමහර බවලතුන්ගේ ඉරිසියාවටත් ලක් වුණානේ. (නි)
ශ්‍රියා කියන එකේ අර්ථය ශරීරයෙන් හමන ගඳ සුවඳ නොවේද? (නි)
තරුණිය 18 ට වැඩියි. ඒ නිසා බාලවයස්කාර වරදට ලක් නොවේ. දෙදෙනාගේ කැමැත්තෙන් සිදු වෙන්නට ගිය දෙයක් නම් නීතිය මෙසේය.මෙහිදී ප‍්‍රබලතම කාරණය වන්නේ අදාළ ස්ත‍්‍රියගේ කැමැත්තයි. ඇගේ කැමැත්ත ඇය කැමැත්ත දීමට හැකි අවස්ථාවක, එනම් හොඳ සිහිබුද්ධියෙන් පසුවන අවස්ථාවක ලබාගත්තක් විය යුතුය. (නි)
අද කීදෙනෙක්ට මෙතන ශ්‍රියා නිසා උතුර දකුණ හිතාගන්න බැරිවුණාද? විකුම් මල්ලි තවම නම කියවනවා. අනේ හොඳයි. (නි)
එහෙත් මෙහි සදාචාරාත්මක ප්‍රශ්නයක් තිබෙනවා. පිරිමියා විවාහකයෙක්, දෙදරු පියෙක්. බොහෝවිට මේ විස්තර ගැණු ළමයා දන්නේ නැතුව ඇති. එහෙම නම් ඔහු වංචාවක් කර තිබෙනවා. (නි)
සමහර කාන්තාවන් මෙවැනි සම්බන්ධකම් ඇති කරගන්නේ දැන දැනමයි. පිරිමියාව ගෙදරටම බයක් සැකක් නැතිව ගෙන්වා ගත්තේ දුර දිග ගිය සම්බන්ධයක් තිබෙන නිසානේ. (නි)
ඇයි පිරිමියාව විතරක් ගස් බැන්දේ? අනෙක් කෙනා තොත්ත බබෙක්ද? අනෙක මෙතන බාල වයස්කාර ප්‍රශ්නයක් නෙවෙයිනේ. එකත් එකටම තරුණියටත් වෙනත් අයිතිකාරයෙක් ඉන්න ඇති. ඒකනේ ගමේ මිනිස්සු මෙච්චර කලබල වුණේ. (නි)
නියම හෝ අනියම් සම්බන්ධකම් ඇතිකර ගැනීම එකිනෙකාගේ පෞද්ගලික කාරණයක්. අනුන්ගේ දේවල් හොයා හොයා ඒවා විශ්ලේෂණය කරකර ඉන්නේ නැතිව පලකට ඇති යමක් ගැන හිතුවොත් නරකද? කතාවේදී නම් ගොඩක් අය තොත්ත බබාල තමයි. (ස)
අනේ ඔව් සරත්, ගොඩ කාලෙකින් අද ලිඳ ලඟ සංගමේ රැස් වෙලා. නියමයි. (ස)
නදීකට වදින්න ඕන තැනට වැදිලා වගේ. (ස)
ඉතින් එහෙම නම් මොකටද ඒ පුවත මෙතන පල වුනේ නදීක ? තමන්ට කැමති දේවල් ලිව්වම සුදුසු නම් පල වෙනවා. එහෙම බැලුවම ඉතින් රට තොට දේශපාලනය යනාදී හැම දෙයක් ම අනුන්ගේ දේවල් තමයි. (ස)
මෙම පුවතට අදාල බුද්ධිමත් වටිනා අදහස් කීපයක් මුලින්ම පලකොට තිබෙනවා. නමුත් වටිනා අදහස් වලට එලව එලව පහර ගැහීමේ අමන ක්‍රියාව මෙතනදීත් සිදු වෙලා තියනවා. (අ)
ඒ මනුස්සයා නිරුවතින් නොවෙයිනේ හිටියේ, සාලුවක් ඇඳගෙනනේ (නි)
බලන්නකෝ ඒකෙත් හැටි නේද? (නි)
තමාගේ පවුලේ ගැහැණු කෙනෙකුට මෙවැනි සිද්ධියක් වුණොත්, මෙහි ප්‍රතිචාර දැමූ බොහෝ දෙනෙකු වස කනවා (නි)
සමස්තයක් අදහස් වලින් පෙනෙන්නේ තුන්වන සිල්පදය කැඩීම වරදක් නොවන බවයි (නි)
නැහැ මෙතන වරදක් නැහැ මේක සාමාන්‍ය දෙයක්. දෙදෙනාම වැඩිහිටියෝ.. ගෙදර මිනිස්සු අල්ලලා ගහන එක වෙනම දෙයක්. මේ වගේ දේවල් වලදී පිටස්තර අය මැදිහත් වෙන එක තේරුමක් නැති දෙයක් (දී)
බැඳපු අයගේ පස්සේ තමයි එන්නේ. (අ)
මදැයි දෙදරු පියෙක් වෙලත් මනමාලකමේ තරම කොහොමද? (දී)
දෙන්නාගේ කැමැත්ත.කාටවත් දොස් කියන්න බැහැ. (නි)
අබුද්දස්ස කාලෙට සිද්ධවෙන දේවල්! (නි)