තම අනාගත සැමියා නිල ඇඳුමකින් නිවසේ දී දකින්නට කැමැති නැති බැවින් එසේ නිවසට නොඑන ලෙසට පොරොන්දු වන්නේ නම් පමණක් විවාහයට තමන් කැමැති බවට කොන්දේසියක් පැනවූ තරුණියක ගැන මාඔය අසබඩ ගමක සිටී.
නිල ඇඳුම් අඳින රැුකියාවක නිරත තරුණයකු පසුගියදා මනාලියක බලන්නට ආයේය. මනාලිය ඇඟලූම් සේවයේ නිරතව සිටින්නීය. කපුවකුගේ අනුදැනුම මත ආ මනාලයා නිල ඇඳුම් අඳින රජයේ රැුකියාවක නිරත බව දැන ගත් මනාලිය ඊට අකැමැත්ත පළ කළාය. එසේ වුවත් දෙදෙනාගේ කේන්දර පරීක්ෂා කිරීමෙන් පසු මනාලයා මෙම මංගල්ලයට තමන් කැමැති බව දන්වා එව්වේ ද කපු මහතා අතය.
මනාලියගේ පවුලේ උදවිය ද මනාලයාට කැමැති වුවත් මනාලිය කැමැති කර ගැනීම අපහසු විය. පවුලේ අයත් කපු මහතාත් ඇය හා වාද විවාද කරන්නට වූයේ මේ මංගල්ලය කෙසේ හෝ කරන අදහස ඇතිවය.
තමන් නිල ඇඳුමට මහත් බියක් දක්වන බව කී තරුණිය මනාලයා කිසි විටෙක තමන් හමුවට නිවෙසට කිසිදා නිල ඇඳුමින් නොපැමිණෙන බවට එකඟ වන්නේ නම් පමණක් තමන් විවාහයට කැමැති බව අවසානයේ ඇය කීවාය.
කපු මහතාගෙන් මේ බව දැනගත් මනාලයා ඊට කැමැත්ත දී ඇති අතර මේ දෙදෙනාගේ මංගල්ලය ළඟදීම සිදු කිරීමට නියමිත බව ද වාර්තා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙල්ල හැඩද දන්නෙ නැහැ නේද? (අ)
ගෑණු අයට කොන්ද නමන්නෙ මොන නිල ඇඳුමද මන්දා.? (ර)
නිල ඇඳුමින් එන්න එපා - කළු ඇඳුමින් එන්න එපා - රතු ඇඳුමින් එන්න එපා - කොළ ඇදුමින් එන්න එපා.... (නි)
රවී ගේ කතාව තමයි දවසේ කියමන. තනියම ඉන්න මට හොඳටම හිනාත් ගියා. (ර)
ගෙදර ළඟ පොඩි මුර කුටියක් හදල එතනදී ඇඳුම් මාරුකර ගෙන ආවා නම් හොඳයි.(හේ)
හරිම බොළඳයි. යහපත් විවාහ දිවියකට ඕවයින් වැඩක් නැහැ. අද අපේ ජනසමාජයේ සංකල්ප ගැන කනගාටුයි. විවාහ ජීවිතයක් පෞද්ගලිකයි , රහසිගතයි . එන එන ප්‍රශ්නය විසදන්නට දිනපතා අවබෝධය තුලින් අධ්‍යනය කළයුතු සංස්ථාවකි. පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙම අත්දැකීම් වෙනස්ය. (දිල්)
අපි දන්නා පවුලක පුතාගේ යෝජිත විවාහය අන්තිම මොහොතේ අවලංගු වුණේ, මනමාලියගේ පැත්තෙන් මනමාලයාට විවාහ දිනයේ මුල් ඇඳුම් අඳින්න කියලා බල කළ නිසා. ඔය මුල් ඇඳුම් ඇඳගෙන දවසෙම පෙනීසිටින්න මට හරිම අපහසුයි, ඇඳුමටත් නීති දානවා නම් පස්සේ කොහොම වේවිද කියලා තරුණයා පැත්තකට වුණා. (නි)
පුදුම වෙන්න දෙයක් නැහැ. නිල ඇඳුමෙන් ඉන්න වැඩි දෙනෙක් අද කරන වැඩ දැක්කම මේ ළමයා මෙහෙමවත් කැමති වුණ එක ලොකු දෙයක්. (නි)
නිල ඇඳුම පැත්තකට දාලා ගෙදර එන්න කැමති කෙනෙක් ලැබුන එකත් පුදුමයි. අද කාලයේ බඳින්න කෙනෙක් සොයාගන්න එක පහසු වැඩක් නෙමෙයි. ඔක්කොටම වැඩිය තමන්ගේ තත්වය ඉහළින් ඇස්තමේන්තු කරගෙන මනමාලයින් සොයන හින්දා. අපේ අසල්වැසි ගෙදරක යන්තම් උසස්පෙළ සමත් ගෙදර දොරේ වැඩක්වත් නොදී මව්පියන් හුරතල් කළ ගැහැණු ළමයකුට දොස්තර කෙනෙක් හරි බැංකු කළමනාකරුවෙකු හරි සොයනවා. හේතුව ඒ ළමයට ගෙදර වැඩ කරන්න පුරුදු නැති නිසා වැඩකාරයෙකුට වියදම් කරන්න පුළුවන් ආදායමක් තියන මනමාලයෙක්ලු සොයන්නේ. ඔන්න දැන් සමහර මනමාලයන් සෙවිලි ! (නි)
ඔය කොන්දේසිකාරියෝ බැඳගත් අයට වගතුවක් වෙන්නේ නැහැ. අපේ ඥාති අයියා කෙනෙක් නුවර ගැහැණු ළමයෙක් බැන්ඳා. තරුණිය පවුලේ බාලයා කියලා කොන්දේසි ගොඩකට හා කියලා ඇගේ ගෙදර නැවතුනා. දැන් ඉතින් නැන්දම්මාට විතරක් නෙමෙයි ඒ ගෙදර ඉන්න නෝනාගේ බැඳපු නැති ලොකු අක්කාටත් ඔලුව නමාගෙන ඉන්නවා. (නි)
නැහැ නැහැ විකුම් මහත්තයෝ, තරුණිය නිල ඇඳුමට අකමැති වුණේ ඇය හෙරක් හින්දා නෙමෙයි. ඒකෙන් එන ඌෂ්ණය ඉවසගන්න බැරුව. විකුම්ටත් කවුරුහරි නිල ඇඳුමක් අන්දවලා වගෙයි. (නි)
අයියෝ මෙහෙමත් පිරිමි! (නි)
විකුම්, ඒ නංගී ඇත්තටම බය ඇති. එයාට අපහාස කරන්න එපා (නි)
අපූරුයි අදහස් ටික. මම වැඩියෙන්ම කැමති අදහස් බලන්න. (නි)
අනේ මන්ද! කොහෙද කියල හිතාගන්නවත් බැහැ. මා ඔය කොච්චර දිගද? ඒ උනත් පුෂ්පකුමාර මීරිගම නේ. ඒ කිට්ටුව වෙන්න ඇති? (ස)
මනමාලි හෙරක් වෙන්න ඇති එකනේ නිල ඇදුමට බය...........(අ)
අනේ මන්දා! නිල ඇඳුමට බයවෙන අයත් ඉන්නවද? (නි)
පුදුම කොන්දේසිනේ! මනමාලයාට තිබුනේ නිල ඇඳුමට අකමැති නම් , අර භානු කියපු හෙළ ඇඳුමින් සැරසිලා ගෙදර එන්න.(අ)
නිල ඇදුම නැතත් අපි රාජකාරි ගැටළු, හවස්කාලෙට ගෙදර ගෙනෙනවා....අඹු දරුවො හා සමග ගෙවිය යුතු සොඳුරු කල, හිසේ ගිනි පත්තුවී දැවෙනවා.....රටේ ඇති ප්‍රශ්න දෙස නෙත් යොමා බලනමුත් නිවසෙ සහජීවනය බිදෙනවා...එවන් කල මේ ළදගේ දුර දක්න නුවන ගැන, මල් මිටක් පුදන්නට වටිනවා...(අ)
නිල ඇඳුම කොහොමත් ගෙදරට ආවට පස්සේ ගලවනවනේ..ඔය ගණන් කාර කම් නිල ඇඳුමින් ඉන්න කොට විතරයි...ඒ හින්ද බය වෙන්න එපා ..හුඟක් එඩිතර,ගාම්බීර නිලධාරීන් නෝනට කීකරුයි.(අ).
පිස්සු ගැහැණියක්. (අ)
ඔව් අනිවාර්යෙන්ම ආරක්සක හමුදාවක කෙනෙක් වෙන්න ඇති , නංගිට මොලේ තියෙනවා, දැන්ම කනෙන් අල්ල ගත්තේ නැත්නම් පහුවෙලා කරනවා බොරු කියල කෙල්ලට හිතෙන්න ඇති (බ)
හලෝ වරුණ ගොඩ කාලෙකින් පස්සේ, කොහෙද හිටියේ මෙච්චර කාලයක්. කෝ අර උරුලෑව? (අ)
මම නම් හිතන්නේ මනාලයා පොලිසියේ කෙනෙක් වෙන්න ඕනි. එහෙම නම් මනාලිය බය වෙන එක අහන්න දෙයක්ද?(බ)
විවාහ වුණාට පස්සේ කොහොමත් ගොඩක් අයගේ නිල ඇඳුමේ සැර බහිනවා (නි)
අනේ පවු ඒ නංගී! (නි)
රවී, නියම කතාව (නි)
මේ ගැහැණු ළමයා එදා අර සාජන් මහත්තයා බට්ටිට ගහපු ගැහිල්ල දකින්න ඇති. (නි)
දැන් ඉතින් බැන්ඳට පස්සේ නිල ඇඳුම ඇඳගෙන ආවම මොනවාද කරන්න යන්නේ? (නි)
මේ ගැහැණු ළමයා බිය වුණේ මොන විදියේ නිල ඇඳුමකටද දන්නේ නැහැ. ලොකු හෝටල්වල පාන් බක්කරේටත් නිල ඇඳුමක් තිබෙනවානේ. (නි)
කපුවා නිල ඇඳුමක් කිව්වේ අර කුඹුරට බහිනකොට අඳින හෙළ ඇඳුමටද දන්නේ නැහැ. (නි)