(විශ්ව ගැමුණු පි‍්‍රයංකර)
ටිකට් පරීක්ෂාවට බසයට ගොඩවූ නිලධාරියකුට සිදුවූ පටළැවිල්ලක් පසුගියදා බස් රථයකදී දැක ගැනීමට හැකිවිය.
ඔහු නවක නිලධාරියෙකි. ටිකට් පරීක්ෂාවට පෙර දින කිහිපයක් ඔහුට පුහුණුව ලබා දුන්නද ඔහු තුළ තිබුණු පෙනුම ඊට බාධාවක් විය. ටිකට් පරීක්ෂකවරුන් බසයේ ඉදිරි දොරටුවෙන් ඇතුළු වී මුලින්ම කරනුයේ බසයේ සිටින කොන්දොස්තරවරයාගේ අතෙහි ඇති ටිකට් යන්ත‍්‍රය ඔවුන් භාරයට ගැනීමයි. මේ නවක නිලධාරියාද ඒ පුහුණුව එම අයුරින්ම අනුගමනය කොට බසයකට ගොඩ විය.
බසයේ ඉදිරි අසුණේ පෙනුමෙන් සිත් ඇද බැඳ ගන්නා තරුණියෝ කිහිප දෙනෙක්ද සිටියහ. වරක් ඔහු ඉන් එක් තරුණියක දෙස බැළුවේය. තවත් වරක් තවත් තරුණියක දෙස බැළුවේය.
බස් එකට ”චෙකර්ලා” පැනලා අයෙක් කියනු ඇසුණි.
ඒ සමඟම නවක නිලධාරියා තරුණියන් ඉදිරියේ සිය බලය පෙන්වීමට සිතමින් සැණෙකින් ඉදිරියට පැන කොන්දොස්තරවරයාගේ අතේ තිබූ ටිකට් යන්ත‍්‍රය උදුරා මෙන් අතට ගත්තේය. යන්ත‍්‍රය අතින් නිදහස් කොට ඔහු මූණ ඇඹුල් කර ගත්තේය.
අනේ මහත්තයෝ ඕක මම හම්බ කරන් කන මැෂින් එක ඕකට මුකුත් කරන්න එපා.
එවිට නවක නිලධාරියා මෙසේ කීවේය. හරි හරි හම්බ කරගෙන කන හැටි තමයි අපි මේ පරීක්ෂා කරන්න යන්නේ.
එසේ කියමින් නිලධාරියා ටිකට් යන්ත‍්‍රය එහාට මෙහාට හැරෙව්වේය. ඔහු අන්දුන් කුන්දුන් වීය. කෝ මේකේ ටිකට් කොහෙන්ද එන්නේ. නැවතත් ඇසීය.
අනේ මහත්තයෝ ඕකෙන් ටිකට් දෙන්න බෑ ඔය මොබයිල් ෆෝන්වලට රී ලෝඞ් දාන මැෂිමක්.
තත්ත්පර ගණනකදී නිලධාරියාට සියල්ල වැටහුණේය.
කොන්දොස්තර යැයි සිතා ඔහු යන්ත‍්‍රය උදුරාගෙන තිබුණේ බසයට ගොඩවී මගීන් වෙනුවෙන් පෙරගෙවුම් නිකුත් කරමින් සිටි පුද්ගලයකුගෙන්ය. ඔහු වේගයෙන් බසයේ පසුපස දොර අසළට ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ බහුතරය තරුණ ගැහැණු ළමයින් ඉදිරියේ බොරු සෝබන දානවා. එහෙම වුණාම වෙනදේවල් තමයි ඕවා (නි)
කෙනෙකුගේ සිත එහෙමයි මෙහෙමයි කියන්න අපි කවුද? කලබලයෙන් සිදුවෙන මෙවැනි සිදුවීම් අපි කාටත් පොදුයි. (නි)
පස්සේ හරියයි. අාපු ගමන්නේ. (නි)
ඕක ඉතින් වයසේ වැරැද්ද.ඔය වාගේ අය දැක්කහම ඉන්නේ කොහෙද,මොනවාද කරන්නේ කියලා සියල්ල අමතක වෙනවා. (නි)
පිස්සු හැදෙයි කිවුවාලු... නියමයිනේ! (නි)
වස ලැජ්ජාවනේ... කෙල්ලෝ ටික බඩ අල්ලගෙන හිනාවෙන්න ඇති (නි)
නවකයන්ට සිනා නොවන්න (දිල්)
කාලෙකට පස්සේ දෙයියෝ සාක්කි!(හේ)
ඇයි ඉතින් ඔය මහා පෞරුෂයක් ඇති පිරිමින් ගැහැනු පරානයක් දැක්කාම ඔය තරමටම හෑල්ලුවට පත්වෙන්නේ, එකෙන් පෙනෙන්නේ පුරුෂ පක්ෂේ ඇති මානසික දුර්වල කම...? (අ)
අනේ රූපවතී, පිරිමින්ගේ පෞරුෂයක් නැත්නම් ලෝකයේ පැවැත්මට මොකද වෙන්නේ? ඔයාලගේ කැමැත්තට මොකද වෙන්නේ? (නි)
මෙහෙමත් පිස්සු මනුස්සයෙක්! ඇති ඔයින් ගියා. (නි)
මෙතන මේ වෙලා තියෙන්නේ පොඩි පටලැවිල්ලක්.මොකද ගැහැණු ළමයි දිහා බලන්නේ නැතුව පිරිමි ළමයි දිහා බලන්න කියලද කියන්නේ? (නි)
ටිකට් පරීක්ෂක දන්නේ නෑ ටිකට් මැෂිම මොකක්ද රී ලෝඩ් මැෂිම මොකක්ද කියලා. ඔය විදිහේ රජයේ නිලධාරීන් තමයි අපේ රටේ වැඩි හරියක් ඉන්නේ.(හේ)
හරි හරි...ටෙනිසන් අයියත් චන්දෙ ඉල්ලන්නකෝ ....අපි ගැහැණු පරාන ටික ඉන්නකම් ඔයා දිනයි (නදී)