IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


තරුනියගේ උදව්වට ආ යතුරුපැදිකරු උගුලේ හිරවෙලා

මාවරල පී.එස්. මද්දුමගේ
නාඳුනන  තරුණියක රැගෙන ගිය, තරුණ යතුරුපැදිකරුවකුට  සිදු වූ අලකලංචියක් ගැන  මොරවක් කෝරළයේ දුෂ්කර ගම්මානයකින්  අසන්නට ලැබුණි. ඒ මෙසේය.
  ඇය උසස් පෙළ විභාගය ලියා ප්‍රතිඵල එන තෙක් වෘත්තීය පුහුණු අධිකාරියේ පාඨමාලාවක් හැදෑරීමට නගරයේ  මධ්‍යස්ථානයකට ගියාය. පදිංචි නිවසේ සිට  බස් රථ ධාවනය වන  ප්‍රධාන මාර්‍ගයට  කිලෝමීටර්  5 ක පමණ දුරක් පයින් පැමිණීමට ඇති නිසා දිනපතා පයින් හෝ අඳුනන අයෙකුගේ යතුරුපැදියක හෝ ත්‍රී වීලර් රථයකින්  බස් පාරට පැමිණීමට මැය පුරුදුව සිටියාය. ගමන් මාර්‍ගය කඳු සහිත  වූ අතර, මගතොට පයින් යන අය සුළු පිරිසක් වූ අතර පාර පාළු ස්වරූපයක් ගත්තේය. කඳු  ප්‍රදේශයක් වූ මෙම ගම්මානය මැදින් ගලා ගිය දොළ පහර පාර හරහා ගලා ගියේ පරිසරය චමත්කාර ලෙස සුන්දරවත් කරමිනි.
  දිනක් පුහුණු පාඨමාලාව නිමා කර ගෙදර යාමට පැමිණි මෙම තරුණියට  පැය කීපයක්  නිවසට යන පාරේ කාලය ගත කළද ගමන් පහසුවට කිසිම  වාහනයක්  නොපැමිණි නිසා, පයින් යන්නට සිතා ගමන ආරම්භ කළාය. ගත වූයේ විනාඩි කීපයකි, කොණ්ඩය  පිට මැදට හෙලාගත් අව්කණ්ණාඩියක් සහ මාස් එකක් පැළඳි, තරුණියක යතුරු පැදියක්  පැදගෙන විත් මෙම තරුණිය ළඟ නතර කර “යනවානම් නගින්න අක්කේ” කියා කීවාය. යතුරුපැදිය පැදවූ අය හඳුනන්නේ නැති නමුත් පයින් යනවාට වඩා යතුරුපැදියෙන්  යාම, වෙලාවේ හැටියට  වාසියක් ලෙස සිතා, නංගී කෙනෙක් නිසා සැකයක් නොසිතා, යතුරු පැදියේ පසුපස හිඳගෙන ගමන් ඇරඹීය.
“අක්කා කොහාටද යන්නේ ?  යතුරුපැදි පදවන්නා විමසීය. 


“මම ගෙදර යන්නෙ. කිලෝමීටර 5 පමණ දුර ඇති” තරුණිය කීවාය  ගමනට ගත වූ විනාඩි කීපය තුළ තොරතුරු කතා බස් කළ  යතුරු පැදි කරු එකවරම යතුරු පැදිය නතර කර, අක්කේ  පැට්‍රල් ඉවර වුණා. යන්නෙ  කොහොමද? කියා  යතුරුපැදිකරු යතුරුපැදියෙන් බැස, වැහි කබාය ගලවා  යතුරුපැදිය මත තැබුවාය. අව්කණ්ණාඩිය ද  ඉවත් කර තරුණිය දෙස ආදර බැල්මක් හෙළා, “දැන් මොකද කරන්නේ? යයි ඇසීය.
තරුණියට  සිදුව ඇති  වෙනස  ගැන  විශාල බියක් ඇති විය. තරුණියකැයි තරුණයකුට රැවටී යතුරුපැදියෙන් පැමිණ  ඇති බව තේරුම් ගත් තරුණිය, අවස්ථාවේ හැටියට  උපද්‍රවයකින් තොරව ගැලවීමට  සිතා “අයියේ මේ ළඟ මම අඳුරන කඩයක පැට්‍රල් විකුණනවා. මම ගිහින් තෙල් බෝතලයක් අරගෙන එන්නම් . සල්ලි දෙන්නකෝ” කියා මුදල් ඉල්ලීය. යතුරුපැදිකරු යතුරුපැදිය  නතර කළේ බොරුවට වුවද, තරුණියගේ ඉල්ලීමට පිටුපෑමට නොහැකි යතුරුපැදිකරු රුපියල් පන්සීයක් තරුණිය අතට දෙන ගමන්  ඇයගේ අත ස්පර්‍ශ කිරීමටද  අමතක නොකළාය. තරුණිය විදුලි වේගයෙන් දිව ගියේ නිවසටය. යොදා ගත් උපායෙන් රුපියල් පන්සීයක වාසියක් ලබාගත් ඇය, මවට සිදු වූ දෙය කීවාය.
යතුරුපැදිය නතර වූයේ තරුණියගේ නිවස ආසන්නයේ බව යතුරුපැදිකරු දැන නොසිටියේය. තරුණිය තෙල් රැගෙන කඩිනමින් එනු ඇතැයි ඔහු සිතමින් කාලය ගෙව්වේය.
යතුරුපැදිය නතර කර  තරුණිය සමග අල්ලාප සල්ලාපයේ යෙදෙමින් ඇසුරකට මුල පිරීමටත්, කිසියම් රසාස්වාදයක් විඳීමටත් අදහස් කළ  යතුරුපැදිකරු තරුණිය තෙල් රැගෙන එන තෙක් පැයක් පමණ කාලය ගත කළේය. 
ගත වූ කාලය තුළ තරුණිය නොපැමිණීමෙන්  තමන් රැවටුණ බව සිතාගත් යතුරුපැදිකරු, අනුන් රවටා වාසි  ප්‍රයෝජන ගැනීමට  සිතා කරන ලද රඟපෑමෙන්  තමන් අපහසුතාවටත්, පාඩුවකටත් මුහුණ පෑම ගැන තමන්ටම දොස් කියාගත්  යතුරුපැදිකරු  නැවත තම  ගමන ඇරඹීය.

 



අදහස් (0)

තරුනියගේ උදව්වට ආ යතුරුපැදිකරු උගුලේ හිරවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 479 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 595 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1062 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 894 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2348 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 819 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 308 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 250 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site