අගනුවර තරුපහේ හෝටලයකදී පසුගිය දිනෙක සිදු වූ අපූරු සිදුවීමකි මේ. පෞද්ගලික ආයතනයක් මගින් කොළඹ සුඛෝපභෝගී හෝටලයක සම්මන්ත‍්‍රණයක් පැවැත්විණි. දෙස් විදෙස් නියෝජිතයනට අමතරව විවිධ ආයතන වල නිලධාරීහුද එයට සහභාගි වූහ. උත්සව ශාලාවේ හයසීයකට අධික සංඛ්‍යාවක් අසුන්ගෙන සිටි අතර ඔවුන්ගේ අවධානය යොමු වී තිබුණේ වේදිකාව දෙසය.
ජරxබරාස් යන හඬ නගිමින්, දොරක්, සවි කර තිබූ සරනේරුද සමග ගැලවී පහත්විය. දොර අසල රැඳී සිටි කිහිප දෙනෙකු ද ක්ෂණිකව ක‍්‍රියාත්මක වී දොර වැටෙන්නට නොදී අල්ලා ගත්තේ ඉතාමත් අසීරුවෙනි. ඝනකමින් යුක්ත දැව දොරක් වූ එය අධික බරකින් යුක්ත වීම නිසා ඔවුන්ට එය අල්ලා ගැනීමට නොහැකි වූවා නම් විශාල අනතුරක් සිදු වීමට ඉඩ තිබිණි.
කෙසේ හෝ දිවා ආහාරයට පෙර දොර යථා තත්ත්වයට පත් කිරීමට හෝටලයේ නඩත්තු අංශයේ සේවකයෝ සමත් වූහ.
සිද්ධිය සියැසින් දුටු අයකු පැවසූවේ දොර වැටෙන අවස්ථාවේදී තමාගේ හෘද ස්පන්ධනය නැවතුනාක් මෙන් දැනුණු බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරුණ ඔයත් කොන්ත්‍රාත් ගන්නවද? අපේ ගෙදරත් වැඩක් තියනවා! (අ)
හදිසියට දොර හේතු කරලා තියන්න ඇති (අ)
ඉන්දු ප්ලැටිනම් ඇඩ් එක අයින් කලහම ලංකාදීපේ සල්ලි හොයාගන්නේ කොහොමද ?(නදී)
මරු හතේ හෝටලයක්.(නදී)
අපි එක සැරයක් ලෝක ප්‍රසිද්ද පරිගණක සමාගමක ප්‍රෝග්‍රෑම් එකකට ගිහින් තරු 5 හෝටලයක කෑම නැතුව ආවා.(නදී)
කෙවින් ඔබේ ඔය කතාව හැමවිටම අත්තක් වෙන්නේ නැහැ.ඇතැම් රිය අනතුරුවලදී එහෙම උදවුවට එන අය සුද්දෙ දානවා.කොළඹ මහා රෝහලේ මැරෙන ලෙඩ්ඩුන්ගේ බඩු උස්සන්න වෙනම කැටියක් ඇත. හැම වෙලාවේම "පොසිටිව් තින්කින්"හරියන්නේ නැහැ කියලයි මන් නම් හිතන්නේ. (දී)
හිල්ටන් හෝටලය පෙරේරා මහත්තයෝ.කොළඹ සුපිරි හෝටලය. නැතුව වෙන කොහෙද?. (ස)
වැරදිලා හරි කව්රු හරි යට වුනා නම් අම්මපා, තරු තව කීපයක් ඉහල යාවි නේද මාමේ? (නි)
කටුගෙයි තරප්පු පේලිය හදපු කට්ටියද දන්නේ නැහැ මේ දොරත් හැදුවේ නේද? (නි)
දෙයියෝ සාක්කි එකේ තියෙන්න ඕනි හිනායන ඒවමද? (අ)
වටුනට් මොකද අම්මේ තාරු පහේ දොරක්නේ (අ)
ජගත් වික්‍රමසිංහ කියන නමටත් ලැජ්ජයි අහන මෝඩ කතා.(නදී)
කරදරයකදී සිංහලයෝ හිනා වෙන්නේ නැහැ. (නි)
අනේ මේ ප්ලැටිනම් ඇඩ් එක අයින් කරන්නකෝ, මේක මහ කරදරයක්.(නදී)
ඔවා මොනාද ගුවනේ ගමන් කරමින් තියන ගුවන් යානයේ දොර අරින්න හදන අය ඉන්න රටකට.(නදී)
කෙවින්, ඒක නම් වෙන්න බැහැ. ඉන්දියාවේ උට්‍රකන්ඩ් ගංවතුර හා අනෙකුට් විපත් වෙන කොට අපේ අය දාන අදහස් ටිකක් බලන්න (නි)
මම එදාට කලින් රෑ ගිහින් ඔකේ සරනේරු වල ඈන බුරුල් කරලා අවේ. අර බඩ ලොකු අපේ රට කන දේශ පාලුවෙක් උන්නා, එයාගේ ඇගට පත බැවිලා ඔය කියන බොරු වලට දත් ටිකවත් කැඩෙන්න කියලයි මම එහෙම කලේ. බොරු කරන හොර දෙටුවන්නට ආයුෂ වැඩියි කියලා අපේ කිරි අම්මා දවසක් කීවා.(නදී)
ඔයාලට හිනා යනවද? (නි)
මම හිතන්නේ දොරේ බරට සරිලන ඇන හා සරනේරු දාල නෑ වගේ කොන්ත්‍රාත් කාරයන්ගේ වැඩ ඔහොම තමා (අ)
මේක දෙයියෝ සාක්කි ද? (අ)
මොකක්ද හෝටලේ නම? (නි)
මෙම සමුළුවට සමහරවිට මැර දේශපාලකයෙක් සහබාගි වෙන්න ඇති .ඔහු රසබර චරබර පචබර දේශනයක් කරන්න ඇති. මිනිස්සුන්ට ඕවා අහල පුරුදු නිසා කිසි ප්‍රතිචාරයක් දක්වන්න නැතුව ඇති .කියන බොරු අහගෙන ඉන්න බැරුව දොර කඩාගෙන වැටෙන්න ඇති. එහෙම නැත්නම් දෙල්කොල ගොඩේ හරක් දුවනවා වගේ කරන දේශනයේ ශබ්දය ඇහිලා මැර දේශපාලකයාගේ සහෝදරයා ලනුව කඩාගෙන ඇවිත් දොරට අනින්න ඇති.දොරට පමණක් නොවෙයි හිටපු මිනිස්සුන්ට ඇන්නත් දුවලා බේරෙනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද .....? (නි)
කවුරු මොනවා කිවුවත් කරදරයකදී සිංහල මිනිස්සු ගොඩක් සුහදව කටයුතු කරන බව මුළු ලෝකයම දන්නවා (නි)
හොඳ වෙලාවට වහලේ කඩා නොවැටුණේ (නි)