පාර අයිනේ සිටි වෙළෙන්දෙකුගෙන් පැණි කොමඩු ගෙඩියක් මිලට ගෙන එයද පසුපස අසුනේ තබාගත් ත‍්‍රිරෝද රථ රියැදුරෙක් නගරයේ ත‍්‍රිරෝද රථවලට පැමිණියේය. ඔහුට ඒ ගමන්ම ගමන් වාරයක් පැමිණියේ තරුණ යුවළක් රැගෙන යාමටය. ති‍්‍රරෝද රියට නැගී තරුණ යුවළ ගමන යන අතරේ රියැදුරු දෙස හොරෙන් බලමින් පැණි කොමඩුවද ගමන් මල්ලට ඔබා ගත්හ. රියැදුරු කිසිත් නොදොඩා ඔවුන්ට ඇවැසි තැන දක්වාම ගොස් ත‍්‍රිරෝද රිය නතර කළේය. තරුණ යුවළ ති‍්‍රරෝද රියෙන් බැස ගාස්තුව ගැන විමසූහ. ”රුපියල් තුන්සීයයි’’ රියැදුරු ඇඟට පතට නොදැනී පැවසීය. ”වෙන අය රුපියල් දෙසීයයිනෙ ගන්නෙ’’ තරුණිය බිම බලාගෙන කීවාය. ‘‘හරි නෝනා.... ගමනට දෙසීය හරි... අර මම ගෙදර ගෙනියන්න ගත්ත කොමඩු ගෙඩියට සීයයි එතකොට තුන්සීයයි’’ තරුණයා කිසිත් නොදොඩා රුපියල් තුන්සීය ගෙවා වහා නිවස දෙසට පිය නැගීය. තරුණියද කරබාගෙන ඔහු පසුපස ගියේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොල්ල හිතන්න ඇති මම පැණිකොමඩු ගන්නව දැක්නෙ නෑ කියලා
පැනි වැක්කරුනද දන්නෑ...
ගොඩක් හොදයි...
මේ අනේ! ගෑනු ළමයට කොමඩු කන්න ... ආසාව ඇතිවෙන්න ඇති ... හොයාගන්න අමාරු වෙන්න ඇති එකයි මගේ හිතේ .... පවු ..
මේ අනේ! ගෑනු ළමයට කොමඩු කන්න ... ආසාව ඇතිවෙන්න ඇති ... හොයාගන්න අමාරු වෙන්න ඇති එකයි මගේ හිතේ .... පවු ..
විහිළුවක්වත් තේරෙන්නෙ නෑ මේගොල්ලන්ට
ත්‍රීවීල් එකේ කොමඩු හරි ලාබයිනෙ...
අනේ අපි හොරකම් කරේ නෑ අනේ....
කෝ අපේ අලි...
එදා රැ නම් කොමඩුවෙ පැනි එන්න නැතුවා ඇති.
දුප්පතාටමයි ඔහොම වේනන.. ඒ ඇයි අනේ?
හොරුන්ට හොදපාඩමක් උගන්නන්න තිබ්බා...
මේ මේ මේ කරපු කැත වැඩේ...
කැතයි තරුණ යුවලක් කොමඩු ගෙඩියක් හොරකම් කල කියන්නේ ඇදුමක් ඇදගෙනද ඔය වගේ වැඩක් කලේ. ජම්මෙට වැඩිය පුරුද්ද ලොකුඉ කියනවනේ
ලෝභයගේ දේ කූඹි කනව කියන්නේ ඕකට තමයි...
පැණි කොමඩු කන්න ඇති දෙන්නා හොඳට
ළඟ පොලීසියක් නැතිව ඇති...
පිටුපස ආසනවල වාඩිවෙන තරුණ ළමයි හිතන්නේ එයාල කරන වැඩ අනෙත් අයට පේන්නේ නෑ කියලයි....
වදුරන්ගේ පුරුද්ද දුටු දේ ඇල්ලීමයි..
ඔන්න නියම දඩුවම්.හැබැයි කරපු වැඩේ හැටියට දඩුවම සැර මදි
මරු
එම යුවළ හිතන්න ඇති වෙන කාටහරි අමතක වෙලා කියලා
අය්යෝ ගමේ නම්බුවත් ඉවරයි..
කරපු හොර වැඩේට මේ ගාණ අරන් මදි