ත‍්‍රීරෝද රථයකින් ගමනක් ගිය කාන්තාවක් එහි ගාස්තුවද නොගෙවා ත‍්‍රීරෝද රථයේ රියැදුරාගෙන් රුපියල් 500ක මුදලක් ද ඉල්ලාගෙන ඔහු රවටා හෙමිහිටි මාරුවුණ පුවතකි මේ.
සිද්ධිය මෙසේය. එක්තරා ත‍්‍රීරෝද රථ රියැදුරකු කුලී ගමනක් ගොස් පිරිසක් ඇරලවා ආපසු එමින් සිටියදී අතර මගදී එම ත‍්‍රීරෝද රථය නතර කරනු ලැබූවේ මාර්ගය අසල සිටි සාරියකින් සැරසුණු වැදගත් පෙනුමක් ඇති කාන්තාවක් විසිනි.
‘‘මල්ලි මට ටවුන් එකට යන්න ඕනෑ. මාව එක්ක යන්න පුළුවන්ද මං ගාස්තුව ගෙවන්නම්. කීය වුණත් කමක් නෑ.’’ ඇය පැවසූවාය.
දෙවරක් කල්පනා නොකළ ත‍්‍රීරෝද රථයේ රියැදුරා ත‍්‍රීරෝද රථය ආපසු හරවා කාන්තාව එහි නංවාගෙන කිලෝමීටර් 6ක පමණ දුරක් ගෙවා නරගයට පැමිණි අතර කාන්තාව රියැදුරාට පැවසූවේ එදින නගරයේ සතිපොළ පැවැත්වෙන බවත් පොල අසල ත‍්‍රීරෝද රථය නවත්වන ලෙසත්ය. ඇය කී පරිදි රියැදුරා පොල ඉදිරිපිටට පැමිණ ත‍්‍රීරෝද රථය නතර කළේය.
‘‘මල්ලි මට මේ ළඟ නෑදැ ගෙදරක යන්න තියෙනවා. පොළෙන් හොඳ කෝලි කුට්ටු කෙසෙල් ඇවරියක් ගන්න ඕනෑ. හරි වැඬේ මං ළඟ තියෙන්නේ රුපියල් 5000 නෝට්ටු දෙකක් ඒක මාරු කරගන්නත් බැරිවුණා. උදෙන්ම කෙසෙල් වෙළෙන්දන්ට මේ 5000 නෝට්ටුව දික්කලාම මට බනීවි. මොකද කරන්නේ”
රියැදුරා වහා ඔහුගේ සාක්කුවට අත දමා රුපියල් 500 නෝට්ටුවක් ගෙන කාන්තාවගේ අත තැබූවේ මෙලෙස පවසමිනි.
‘‘මිස් මේ රුපියල් 500න් කෙසෙල් මිලදී ගන්න. මගේ හයර් එකේ ගාස්තුව රුපියල් 300 සල්ලි මාරු කරලා මට රුපියල් 800ක් දෙන්න.’’
එම නෝට්ටුව අතට ගත් කාන්තාව වහා පොළ ඇතුළට ගියේ වටිනා බඩු වගයක් ඇති ත‍්‍රීරෝද රථයේ අසුන මත ඇති එම පාර්සලය ද බලාගන්නා ලෙස රියැදුරාට පවසමිනි.
විනාඩි 40ක පමණ කාලයක් ත‍්‍රීරෝද රථයට වී බලා සිටියද කාන්තාව ආපසු පැමිණියේ නැත. පොළ ඇතුළට ගොස් සොයා බැලූවද ඇය සොයා ගැනීමට නොහැකි විය.
රියැදුරා ආපසු පැමිණ ත‍්‍රීරෝද රථයේ වූ පාර්සලය ලිහා බැලූ විට එහි තිබූනේ රෙදි කැබලි තොගයකි. කාන්තාවගේ කපටි උපායට ඔහු රැුවටී ඇති බව ඔහුට වැටහුණේ එවිටය. ත‍්‍රීරෝද රථය පණගන්වා ඔහු නැවත ත‍්‍රීරෝද රථ නැවතුම්පොළට පැමිණියේ මහත්වූ සිත් වේදනාවකිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩි වැඩ කරන්න ගියාම ඔහොම වෙනවා (බ)
ඕනාවට වැඩි දේවල් කරන්න ගිහින් හොඳට ඇන ගත්තා. හොඳ වැඩේ. පිරිමියෙක් නම් ඔය කිසි දෙයක් කරන්නේ නැහැ. (ර)
කාන්තා ගැටෙකට අහු උන තවත් අහිංසකයෙක් , ලබන්නාවූ නව වසර සියලුම හිතවතුන්ටත් ලංකාදීප කාර්ය මණ්ඩලයටත් වාසනාවන්ත නව වසරකම වේවා.! (ර)
අයියෝ මල්ලි, මදැයි කරගත් දේ! (නි)
නව වසර පටන්ගත්තා විතරයි, පිටබැද්දර ජයා ස්ත්‍රී සංහතියටම බැණගෙන. මොකද මේ? (නි)
ඒක නම් පුදුමාකාර උපායක් තමයි. අපි වුණත් අහුවෙනවනේ! (නි)
ජයා බලන් ඉන්නේ මෙතැන බවලතුන්ගේ වැරදි මතුවන පුවතක් පළවෙනකම් ඉඳලා අත්පොලසන් දෙන්න (බ)
මේවා හොඳ පාඩම් කාටත්.(හේ)
මේ අපේ පාර්ශවයේ අයත් කරන්නේ පුදුමාකාර වැඩනේ කාන්ති ඉතින් නොබැන ඉදියිද. (ර)
සුබ නව වසරක් වේවා සැමටම! චන්දි අක්කා හරි. (නි)
දැන් චන්දි හිතන්නේ පිටබැද්දර පාර්ශවය මාර්ගඵල ලබලා කියලා වෙන්න ඇති. (නි)
අයියෝ සල්ලි! (නි)
චන්දිලාගේ වැඩ අපිට පුරුදු නැති දේවල් නෙමෙයි. මේ කාගෙත් හැටි අපි දන්නවා. (නි)
ජයා කියල තියෙන්නේ ඇත්තනේ. සමාජයේ හොද මිනිසුන්ගේ හොදහිත බාල්දු කරන මේ වගේ අයට මඩුවලිගෙන් තලන්න ඕන.අ
මට ඕන මුදල් නෝට්ටු ගැන විස්තර