එය මීටරයක් සවි කරන ලද ත‍්‍රිරෝද රථයකි. ටයි පටියක් පැළඳි තරුණ මහතෙක් හවස් වරුවේ එයට ගොඩවිය. ‘‘ඉස්සරහට යමු’’ හෙතෙම පැවසූ විට මීටරය ක‍්‍රියාත්මක කළ රියැදුරා ගමන ආරම්භ කළේය.
තම සේවා ස්ථානයට පැමිණි තරුණ මහතා, පොඞ්ඩක් ඉන්න මං ටක්ගාලා එන්නම් යැයි පැවැසීය. මීටරයේ රුපියල් හැත්තෑවක් සටහන්ව තිබිණි. මීටර් ත‍්‍රිරෝද රථයකින් පාරිභෝගිකයකු ගමණක් ගොස් නැවත පැමිණෙන තුරු නවත්වා සිටින විට පොරොත්තු ගාස්තු විනාඩියකට රුපියල් දෙකක් ගාස්තුවට එකතු වේ. පැය භාගයක් ගතවිය. තරුණයා පැමිණියේ නැත. පොරොත්තු ගාස්තු වශයෙන් රුපියල් හැටක් එකතු වී තිබිණි.
රියැදුරා අසල සිටියකු අමතා ‘‘දැන් බලන්න මහත්තයා කීවේ ටක්ගාලා එන්නම් කියලා. දැන් පැය භාගයක් ගිහිල්ලා. ‘වෙයිටින්’ වැටෙනවා තමයි. ඒ වුණාට මේ පැය බාගෙට පාරේ හිටියා නම් රුපියල් තුන්සීයකටත් වැඩියෙන් හොයලා’’ ඔහු පැවැසීය. ස්වල්ප වේලාවකින් නැවත පැමිණි තරුණයා රියැදුරාගේ පිටට තට්ටුවක් දමා, මල්ලී තව ටිකක් යැයි පවසා යළි ඇතුළට ගියේය. ‘‘මම කැමතිම නැහැ ඔය වගේ හයර් යන්න’’ රියැදුරා නෝක්කඩු ස්වරයෙන් අයකුට කීය. පැයක් ගතවිය. රුපියල් හැත්තෑවේ ගාස්තුව රුපියල් එකසිය අනූවක් බවට පත් වී තිබිණි. ‘‘එහෙනම් අපි යමු’’ තරුණ මහතා රථයට ගොඩවෙමින් පැවැසීය. ත‍්‍රිරෝද රියේ පසුපස අපූරු වදන් පෙළක් සටහන් වී තිබිණි.
‘‘යන්නෙත් නැහැ. ගියත් ඉන්නත් බැහැ, ඒත් ටක්ගාලා එන්නම් හොදේ’’
(ක‍්‍රිස්ටෝපර් සීපියන් - අනුරාධපුර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මේ පුවත සම්පුර්ණයෙන්ම කියවන්න කලින් හිතුවා, මහත්මයා " ටක් ගාලා එන්නම් " කියලා ගිහිල්ලා,ගාස්තුවත් නොදී අතුරුදහන් වෙලාම ගියා කියලා.ආපහු ආපු එක ලොකු දෙයක්. (දී)
අනේ අහිංසක අසරණයා! දුෂිත අයත් ඉන්නවනේ කොච්චරවත් (නි)
මට නම් මේක හිතාගන්න බැහැ (නි)
පැයට 600 නම් දවසට පැය 8ක් වැඩ කලොත් මෙයා 4800 ක් හොයනවා. මගෙ අම්මෝ මන්ත්‍රී තුමෙක්ගෙ මාසෙක වැටුප මෙයා දවස් 6න් හොයනවානේ.... (දී)
ලූලා ඔයා හුල්ලන්න එපා අහිංසක මිනිස්සුන්ට. ඔයත් ත්‍රීවීල් එකක් ගන්න. (දී)
ඔය කොළඹ ඉන්න බහුතරයක් ත්‍රීරෝද රියදුරන් කියන්නේ අමු කපටි කට්ටියක්. කොළඹ ගැන දන්නේ නැති කෙනෙක් අවොත් සුද්ද කරලා යවන්නේ. ඔය මිනිස්සුන්ට කොච්චර සල්ලි හම්බ වුනත් ඒවා වගතුවක් නැති වෙන්නේ ඔය මිනිස්සු කරන කපටි වැඩ නිසා. රුපියල් 70 හයර් එකට රුපියල් 120-150 කඩනවා මමනම් ආසම නැති කට්ටියක් තම පිට කොටුවේ රියදුරන්ව . (දී)
ගයාන් ගමක කෙනෙක් බව වැටහෙනවා. ත්‍රී වීල් ස්ටෑන්ඩ් වල ඉන්න අය එක්ක ගියොත් නම් ඔයවගේ වැඩ වෙනවා.හැමතැනම හොඳ සහ නරක දෙගොල්ලක් ඉන්නවා. (දී)
ත්‍රි විලර රියදුරාට පාඩුවක් වුනේ නැහැනේ . කොහොම හරි ඇවිත් ගාස්තුව ගෙව්වනේ , ටක් ගාල වැඩක් කරන්න ගියාට ලංකාවේ කොහෙද ඒවා. හැමතැනම රස්තියාදුව , මේවා ත්‍රි විලර රියැදුර දන්නවනේ ? (දී)
ඒකනම් ඇත්ත ලකී.අපේ ලංකාවේ හැම කෙනෙක්ම, වෙලාවට වැඩ කරනවා නම් කොච්චර හොදද ?(දී)
දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග (දී)
සාමාන්‍යයෙන් කොටුවේ දුම්රිය ස්ථානයේ සිට රාජගිරියේ කොස්වත්ත හන්දියට මීටර් ත්‍රීරෝද රියක ගාස්තුව වැටෙන්නේ රු.250/= ට අඩුවෙන් එදා වැස්ස දවසක් මා රථයට ගොඩ වී කොස්වතට කී විට ඔහුගේ මුල් පැනය වුයේ කොයි කොස්වත්තද? මා රාජගිරිය කී විගස ඔහු රු. 650/= යි පිළිතුරු දුනි. ඇයි මීටරය වැඩ කරන්නේ නැද්දැයි මා අසු විට '' වැස්ස දවස් වලට මීටරයට දුවන්නේ නැහැ'' යි ඔහුගේ පිළිතුර විය. නීතිය හා සාදාරනය කොතනද? (දී)
ඒ වෙලාවේ හයර් ගියානම් වැඩි ගාණක් හොයාගෙන.(හේ)