හොස්ස ළගින් මැස්ස ගියත් තරහවී දරුවන්ද දමා මහගෙදර යන භාර්යාවට ගිය පයින්ම යළි නිවෙසට ඒමට සැමියා දැමූ අපූරු උප්පරවැට්ටියක් පිළිබඳ අපූරු පුවතක් දකුණු පළාතේ ගමකින් අසන්නට ලැබේ.
ලොකු දෑවැද්දක් සමග ඔහු සමහ සහේට පැමිණී ඇය සිටියේ තරමක් උඬගු අයුරෙනි. තමාගේ අනෙක් සහෝදර සහෝදරියන් ලොකු ලොකු රස්සාවල නිරතවී සිටීම ද තවත් හේතුවක් විය.
නිතරම වංශෙ කබල්ගාමින් සිටින ඇය නිවසේ පොඩි කතා බහක් ඇතිවූ සැනින් මහ ගෙදරට දිවවිත් නැවතුණාය. කැන්දන් යාමට සැමියා සිය දෙපතුල ළගටම එන තෙක් ඇය ද සිටියාය. කසාද බැඳපු දා පටන් පටන්ගත් මේ කාර්යය ඇය දරුවන් ලැබුණු පසුවද කරගෙන ගියේ පුරුද්දට මෙන්ය. මේ නිසා ඇයගේ මේ ක්‍රියාව නිසා ඔහුත් දරුවනුත් විදි පීඩා බොහෝය.
භාර්යාව තරහවී නිවෙසින් ගිය පසු රැකියාවට නොගොස් උයන්න පිහන්න සිදුවූයේ ඔහුටය. දරුවන්ට කවන්න පොවන්න රැක බලා ගන්න සිදුවූයේ ද ඔහුටය. මෙය මහත් කරදරයක් බැවින් භාර්යාව තරහවී මහ ගෙදර ගිය සැනින් ඇය අතේ වරදක් තිබුණද ඔහු භාර්යාවගේ දෙපතුල ළගටම ගොස් ඇය යළි කැන්දාගෙන එන්නේ ඊට වෙනත් විකල්පයක් නොමැති නිසාය.
මෙය පලිහක් කර ගත් බිරිය තරහවූ සැනින් මහ ගෙදර බින්න බැසීමට යන පුරුද්ද පුරුද්දක්ම කර ගෙන තිබුණාය.
මේ මෑතකදී ද ඇය තරහවී දරුවන් දමා මග ගෙදර ගියාය. ඇය ගිය පසු මේ නිවසට කාන්තාවන් දෙතුන්දෙනකුම ආවේ ගියේ ඒ පිළිබඳව මහ ගෙදර ගිය භාර්යාවට ද මේ පණිවිඩය ලැබෙන ආකාරයටය.
වෙනදා දිනක් දෙකක් යාමට මත්තෙන් සිය දෙපතුල ළගටම පැමිණ කැන්දාගෙන යාමට සැමියා වෙනදා මෙන් නොපැමිණියේය.
ගතවූයේ ටික දිනකි තරහවී නිවෙසින් ගිය භාර්යාව මේ අඹුසැමි ඉතිහාසයේ පළමු වරට ගෙන ගිය පොට්ටනියත් සමගම තනිවම නිවෙසට පැමිණියාය.
තරහවී ගිය සිය භාර්යාව නිවෙසට කිසිදු ආයාසයක් නොදරා ගෙන්වා ගැනීමට සහයෝගය සහ සහභාගීත්වය දුන් සිය කාර්යාලයේ සේවක,සේවිකාවන්ට ඔහු මුව නොසෑහෙනසේ ස්තූති කළේ ඔවුනට හොඳ සංග්‍රහයක්ද ලබා දෙමිනි. ටික දිනකින් ඔහු සහෝදර සේවක, සේවිකාවන්ට පවසා ඇත්තේ ආයෙත් නම් භාර්යාව තරහවී නිවෙසට යන පාටක් දක්නට නොලැබෙන බවය.
එසේ යාම සදහා පාදකවූ කරුණු කාරණා රැසක්ම මේ දිනවල සිදුවුවද ඇය තරහාවී මහ ගෙදර නොගිය බව ඔහු පවසා ඇත්තේ එදා ද කාර්යාලයේ කට්ටියටම තේ පැන් ඔහුගේ ගානේ ලබා දෙමින්ලු.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තරහවී ගෙදර ගිය නෝනා කන්තෝරු ගැටේකට අහුවෙලා