තී‍්‍රරෝද රථයට ඉන්ධන ලබාගැනීම සඳහා තරුණයකු සිය මිතුරකු සමඟ වැලිවේරිය ප‍්‍රදේශයේ ඉන්ධන හලක් වෙත පිවිසියේය. රුපියල් 130ක ඉන්ධන රථයට ලබාගත් තරුණයා සිය මිතුරා ලබාදුන් රුපියල් 5000ක මුදල් නෝට්ටුව ඉන්ධන හලේ සේවකයාගේ අතේ තැබුවේය.
ඉතිරි මුදල් ලබාගැනීමට අමතක විය. සිය නිවෙස ආසන්නයේදී මිතුරා, රුපියල් 5000යේ ඉතිරි මුදල තරුණ තී‍්‍රරෝද රථ රියැදුරුගෙන් ඉල්ලා සිටියේ ගමනේ ගාස්තුව ලබාදීමේ අදිටනෙනි. තරුණයාට දෙවියන් සිහිවිය. ඉතිරි මුදල් ලබානොගත් බව පවසා ඔහු මිතුරාද කැටුව යළිත් ඉන්ධන හළ වෙත රථය පැදවුයේ දෙවියන් අයදමිනි. ඉන්ධන ගැසූ සේවකයා ඉතිරි මුදල දුන් බව පවසා රුපියල් 4870ක මුදල සඟවා ගැනීමට උත්සාහ කළේය.
‘‘හරි ඔයා කියනවානේ අපි 5000 නෝට්ටුවක් දුන් නෑ කියලා. හරි වැරදි කවුද කියලා බලා ගන්නා ඔයාලගේ මැනේජර්ට මම කතා කරන්නම් යැයි’’ පැවසූ තරුණයා දුරකතන ඇමතුමක්දී ඉන්ධන හලේ කළමනාකරුට මේ බව පැවසීය. දෙවරක් සිතා නොබැලූ කළමනාකරු මේ පිළිබඳව සොයා බැලීමට එවලේම ඉන්ධනහලට පැමිණියේය. කළමනාකරු සී.සී.ටී.වී. රූප රාමු ඔස්සේ සිද්ධිය නිරීක්‍ෂණය කළේය.
සේවකයා ඉතිරි මුදල නොදී සඟවා ගන්නා අයුරු පැහැදිලිවම රූප රාමුවල සටහන්ව තිබිණ. නැවත වරක් මෙවැනි වංචාවක් සිදු නොකරන ලෙසට අවවාද දී සේවකයාගේ පඩියෙන් මුදල් කපා ගන්නා බව පවසමින් කළමනාකරු ඉතිරි මුදල තරුණයාට ලබාදුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ මැනේජර් කෙනෙක්. ඔහුව අගය කළ යුතුයි (ම)
සී.සී.ටී.වී.කැමරා හරිම වටිනවා. ගේ වටේටම සී.සී.ටී.වී.කැමරා සවිකරගෙන වැරදි වැඩ කරපු කෙනෙක් පොලිසියෙන් අල්ලාගෙන ගිය අයුරු තමන්ටම පසුව බලාගන්න පුළුවන් වුනා අපේ ගෙවල් පැත්තේ (බ)
මම ගාල්ලේ සිට කොළඹ පැමිණ බැස්සට පස්සේ මතක්වුණා ඉතුරු සල්ලි නොගත් බව. ටිකට්පතේ දුරකතන අංකයට කතාකළවිට අයිතිකරු ගාල්ලේ සිට කිවුවා බසය එවිට නවතා තිබු තැන. එතනට ගොස් ඉතුරු සල්ලි ඉල්ලුවහම කොන්දොස්තර අකමැත්තෙන් මෙන් ඉතුරු සල්ලි මට දුන්නා. (නි)
අර අකමැත්තෙන් වගේ කියන කෑල්ල නොතිබුනා නම් රංජිත්ගේ කතාවත් ලස්සනයි,.(රේ)
ඔය වගේ වැඩ කොතෙක් නම් වෙනවද, (අ)
කෝ මේ කට්ටිය, මට පෙන්නේ නිවාඩු ගිහින් වගේ අවුරුද්ද අන්තිමෙනේ. (ර)
අන්න,අජිත්ට ලොකු දොස් මුරයක් වැටිලා චන්දිගේ නමින් ලියනවා කියලා පල්ලෙහා කෑල්ලේ.අම්මප,මගේ නමත් ඈදාගෙන.ඔයා මේ අවරුදු ගැන කතා කරනවා. (අ)
කට්ටිය පැත්තකින් තියලා,අල්ලපු වත්තට ගිහින් බැලුවොත් නරකද අජිත් මහත්තයෝ.....? බවලතියකගෙන් පැමිණිල්ලක්. (බ)
සීසීටීවී තවත් ඇසක්. (බ)
දැන් ඉතින් ජීවත්වෙන්න වංචා කිරීම විලාසිතාවක් වෙලානේ. සමහරුන්ට එහෙම නොකළොත් තත්වයට හරි මදි වගේ. (නි)
බජට් එකෙන් සීසීටීවී වලට බදු අඩු කරානම් කොච්චර වැදගත්ද? (ස)
ඔව් සුදත්, මම දැක්කා. මම දැනුත් බලලා තමයි මෙතනට ආවේ. ඔබ සියලුම දෙනාට බොහොමත්ම ස්තුතියි. (නි)
අපරාදේ! සති අන්තය හොඳ අවන්හලකින් මුළු පවුලම කන්න කියා සේවකයා කළ වැඩේ වැරදුණා. (නි)
සිසිටිවී කැමරාව සහ වාහනයේ ඉදිරිපස සවිකරන කැමරාව දැන් හරිම වැදගත් වෙලා තියෙන්නේ. ඒ වුණාට කියන්න කණගාටුයි සමහර මිනිස්සු දැන් ජීවත්වෙන්න හිතන්නේ වංචාකාරී විදියට. එම නිසා තමයි කැමරා අත්‍යවශ්‍ය වෙලා තියෙන්නේ. (නි)