කුරක්කන් පිටිවලට පාන්පිටි මිශ‍්‍රව ඇතැයි කුරක්කන් තලපය හැඳි ගෑමට නොහැකිව තලප හැඳි ගෑ භාජනයත් සමග මහ රෑ මුදලාලිගේ ගෙදරට කඩා වැදීමේ සිද්ධියකි.
තණමල්විලට ආසන්න ගමක වෙළෙඳසලකින් රාත්‍රී කෑමට කුරක්කන් පිටි පැකට්ටුවක් රැගෙන ගිය අයකු රාතී‍්‍ර ආහාරයට ගැනීමට තලප හැඳිගෑමට ගියත් තලපය හරිහැටි හැඳි ගෑමට නොහැකිවිය. එවිට තලප භාජනය ද රැගෙන රාති‍්‍ර 10ට පමණ කඬේ මුදලාලි හමුවීමට ගොස් මෙම පිටිවලට පාන්පිටි කලවම්ව ඇති බවත් මෙය කිසිසේත්ම හැඳි ගෑමට නොහැකි බවත් කියා වෙළෙඳසල් හිමියාට චෝදනා කර මොහු වෙරිමරගාතේ ගෙදර ගියේය.
පසුව සොයා බැලීමේදී හෙළිවුණේ මොහු පදමට බී රාති‍්‍ර ආහාරයට කුරක්කන් තලප සෑදීමට ගොස් ඇති අතර තලපයට වුවමනාවට වඩා වතුර දැමීමෙන් තලපය දියාරුවී ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇස සහ කනට අමතරව තව කදුළු හෙලීමට තැන් තිබේද? (නි)
පිටිගල මහත්තයෝ හා මස් නැතුව ඔය තලපෙ ගිලෙන්නේ නැද්ද ?ලංකාවේ හාවෝ මේ ටිකේ එළි බහින්නේ නැහැල්ලු. (ස)
හික් හික් ..ලක්මාල් .කියලා ගොයියෙකුත් මෙහෙට වැටිලා ... මම කවුද කියලා අහනවා ...චන්දි නංගි කියනවා හෙම නෙවෙයි ...අපි හොරෙන් බලාගෙන ඉමු ...?මෙයාලා කොහෙද යන්නේ කියලා ...? (ස)
මේ මනුස්සයට තලප හදන්න බැරිනම් හැලප වත් හදාගන්න ගෙදර හැලප මැෂිම තිබුනේ නැද්ද ? (නි)
තිලක් මහත්මයෝ, ඉරිඟු, කුරහන් වැනි ධාන්‍ය වල ප්‍රෝටීන් බහුල නිසා මේවා මස් සමගම කෑ යුතු නැහැ. ලංකාවේ කුරහන් තලපෙට දඩ මස් කියන්නා සේ ඉතාලියේ ඉරිඟු තලපෙට ඒ රටේ වැඩි දෙනා භාවිතා කරන්නේ හා මස්. (නි)
අනේ දිසෝ, ඔයා අහලා නැද්ද? "කොපමණ ගැහැට තිබුනත් යන අතර මග -යායුතු තැනට යනවාමය ගලන ගග." ඒ හන්දා සතුටු වෙයන් ඒ කඳුළු වලට ගරු කරන්නට. පුදන්නට. ජය...ජය...සුබ ගමන් මලේ. (නි)
මගේ දයාබර සොයුරනේ, මං අහලා තියෙනවා ,අතීතය අමතක කරන කෙනාට අනාගතයක් නැහැ කියලා. නුඹලාට වගේම මටත් මගේ අතීතය අමතක වෙන්නේ නැහැ (නි)
චන්දි ට මාව අමතක නැහැනේ? (නි)
දිසා ගේ කතාව අහලා ඇසෙන් කදුලක් වැටුනා. අද ඔයාලා ඉහළ තැන් වල ඉන්නවනේ. අපිටත් ලංකාව දාලා එන්න වුනේ සරිලන තනතුරු නොලැබීම නිසා. (නි)
මම ආසයි චන්දිගේ අතීත කථාව අහන්න. මොකක්ද මේ හේරත්ගේ හුටපටේ? (නි)
පියෙකුගේ යුතුකමට මගේ හද බර කැන්දා....... පිටරට ආවා දරු සෙනෙහස අත රන්දා..... සිය පවුලටම ආදර කවි පද කැන්දා ...... හදේ පිපුණ අදර මල් ඉකිබින්දා ........... (2)හැඩවැඩ අගය කොට වනිතා පරපුරට .. කවියෙකු මෙසේ ආවා දුටුවද පෙරට ........ බර කර කවිය ලිවුවත් මා මේ ලෙසට ..... තරහ නොගන් සොයුරනි තොපි කවි වලට ....... (නි)
ඔය වගේ ගුණ කෑම බීම අමතක කල නිසා තමා අද රටේ වැඩි හරියක් ලෙඩ්ඩු වෙලා තියෙන්නේ. ලෙසතෝ වල තියනවා ඔය වගේම කෑමක්. ඒකට කියන්නේ 'පාපා' කියලා. ඒක ඒ ගොල්ලන්ගේ ප්‍රධාන ආහාරය මස් (නාම) මැල්ලුම (මොරොහෝ) එක්ක හරිම රසවත්. අපේ රටේ වගේ රසකාරක අනවශ්‍ය කුළුබඩු මොකුත් නැහැ. (ස)
හුටපටයක් නැහැ අනේ.කට්ටියක් ගියා මිනි ඔලු ඇහිදින්න. අපි ගියා කජු කඩන්න. හීනෙන් බොලන්... ...කලබල වෙන්න කාරී නෑ ආරච්චිලා.... (නි)
"ඇසෙන් කදුලක් වැටුනා." දෙයියෝ සාක්කි! අබුද්දස්ස කාලේ ඇහෙන් නැතුව කනෙන් කඳුළු එනවැයි කුඩම්මේ? (නි)
අතු හැදුනත් ...මල් පිපුනත්....පල දැරුවත්...මුල නැත්නම් ගසේ කොහිද උඩ පැත්තත්.. (ස)
මුල අමතක කර පැන පැන යනකොට අමුතු වෙස් එනවා....අල්ලපු අත්තත් පය ගැසු අත්තත් දෙකම නැති වෙනවා..... (ස)
තිලක් මහත්තයා හිතට වදින කතාවක් කිවුවේ ඔබතුමා විතරයි. මම ඔබතුමාට මගේ හිස නමා මගේ ආදරය ගෞරවය පුද කර සිටිනවා ..මටත් ඔය වගේ සුවඳ අතීතයක් තිබුනා. මගේ පියා යුද හමුදා නිලදාරියෙක්. නමුත් 80 දශකයේ ලොකු වැටුපක් නැහැ. මාස තුන හතරකට නිවාඩු නැහැ. අපි ඕවා කෑවේ අහල පහලින් ඉල්ලා ගෙන .ඇත්ත කියන්නයි බිම ඉඳගන්න මොකටද ලජ්ජා වෙන්නේ. රට වෙනුවෙන් සේවය කල නිලධාරින්වත් ඒ පවුල් වල අයටවත් කිසිම ආණ්ඩුවක් දැනෙන්න යමක් කලේ නැහැ .අපේ උත්සාහයෙන් අපි අද තැනක ඉන්නවා .මම උසස් පෙළ කෙරුවේ උදේට ඉස්කෝලේ ගිහිල්ලා හැන්දෑවට වී මෝලක වැඩ කරලා අම්මා දන්නවා තාත්තා දන්නේ නැහැ .උසස් පෙළ සමත් වුන දවසේ පියා මේ කාරණය දැනගෙන හඞා වැළපුනා. යුද්ධ කරලත් මනසින් නොවැටුණු ඔහු එදා හැඞුවා මට මතකයි. අද මම දුර රටක ... (ස)
දිසා මල්ලියේ, "පියෙකුගේ යුතුමකට මගේ හද බර කැන්දා...... පිට රටට ආවා දරු සෙනෙහස අත රන්දා....... " මට හිතුනේ මගේ හිතේ තිබුණු දෙය ඔබ කවියට නැගුවා කියා. තව තවත් ලියන්න ශක්තිය ලැබේවා කියා පතනවා. (නි)
මව් සෙනෙහසට නොදැනිව පෙම් හද දල්වා ඒ පහනින්ම නුබේ ලෝකය ඇත දල්වා...... පිය සෙනෙහසට හිග ගී පද රස දල්වා කවියක් ලියා එවපන් මගේ සුදු අම්මා....... මවු කුසයෙන් ලොව දුටු දින සිහිවන්නේ දරුවන් තිදෙනෙකුට පිය සෙනේ හස දුන්නේ ඒ සෙනෙහසින් මගේ හිත් මල තුටු වෙන්නේ දෑගිලි රැදුණු බත් කට ඇයි හිරවෙන්නේ.(නදී)
හේරත් ගොයියෝ!!! ඔයා කොහොමෙයි මෙයා මාව දන්නේ ..,!!!! අනේ මට මතක නැහැනේ !! ඒ වුනාට මෙයා.., මට ඔයාව අමතකත් නැහැනේ .., (මතකයේ ඉන්නම් අමතක නොම වේ නම්)(නදී)
හා..හා..කට ..කට...අරයට ඇහුනොත්?(නදී)
රට පැනපු අර කට්ටියෙන් ටිකක් තලප කන්න සෙට්වෙලා. (නි)
"ඒ වුනාට මෙයා.., මට ඔයාව අමතකත් නැහැනේ" .. එහෙම නේන්නම් මගේ පැටියෝ... (නි)
අනේ ඉතින් ඔයාට තලපයක් බලන්නවත් ආස නැද්ද? දෙන්නන්කෝ ගමටම ..එන්නකෝ මේ පැත්තේ (නි)
දිසා මල්ලියේ, නැගුනා උණු කදුලැලි හද පතුලේ..... දැකලා නුබේ කවිපද හිමිදිරියේ..... පිය සෙනෙහසට හිග ගී පද රස රසයේ........ තව ලියවෙවයි අනේ හෙට දිනයේ........ (නි)
සහෝදරවරුනි පුලුවන්නම් ඔය බහු බූත කතා නතර කරලා ටිකක් විනෝදකාමී .දේශාභිමානි.හැගීම් ඉස්මතු වෙන විදිහට කතාවක් කවි ටිකක් තමන්ට පුළුවන් විදිහකට ලිව්වා නම් හොඳයි ...හේරත් ඔයාලට පුළුවන් බව මම දන්නවා .. (ස)
හඩන කලට මා නලවපු මගේ පියා ...... ....වරදට තලා මා යහමග යැවූ පියා ...... කිරුල දරන කල තුටුවී හඩු පියා ...නිදුක් නිරෝගිව ජීවත් වෙන්න පියා .............දස මස කුස දරා ලේ කිරි කල අම්මා ...ඇඟ ලේ කිරට හරවා කිරි දුන් අම්මා.....කැත කුණු අත ගගා දහා දුක් විඳි අම්මා ...නිදුක් නිරෝගිව ජීවත් වෙනු අම්මා ............ (ස)
ආදර දිසෝ ඔබේ අදහස හොඳ හින්දා .., ඉක්මන් කරලා මං කවියක් පද බැන්ඳා .., හේරත්, සරත් මගේ පිහිටට එන හින්දා .., දෙඅත් එකතු කර හිස නමමින් වැන්දා..!! (2) රස කර ලියා කවි පදයක් සැනසෙන්න .., කතෘ තුමනි අපහට ඉඩ සලසන්න .., ඒ පින් බලෙන් ඔබ සැම සුවපත් වෙන්න ..,'' මුලාසනය'' මේ ඔබටයි ;;දිසෝ '' පිළිගන්න (ස)
මගේ ලක් මවට මම කිසිදා ණය නැති හින්දා .... චන්දිගේ ඇරයුමට මම මුල සුන් ගත්තා ...... සමහර එවුන් කියනා මේ බස් හින්දා .... ඇග ලේ දුවන සිංහල ලේ රත් වූවා ...... (2) ඉපදුන රටට ගරහන අර කපුටු හඩ .... පරදා සිහල ගති පෙන්වමු සිහල පුත .... එක පිට එකා මැරුණත් අපේ සිහල බිම ... පාවා නොදෙවු ලක් දෙරණේ සිහල හඩ .... (නි)
තිලක් මහත්තයෝ, තලප මොනවද කියලා දුන්නු එක නම් මේකේ පුස් අදහස් පල කරන අයට වටිනවා...මොකද තලප ,හැලප නොදන්නා ගොඩක් දෙනෙක් බොරු මවිත අදහස් දානවා .ඔබට අතීතය අමතක නොවීමත් ඉතාමත් අගෙයි ......!! (ස)
චන්දි ගෙ ඇරයුමින් මුලසුන ගත්තාට, මව්බිම අගය රැඳී කවි පද ලිව්වාට, ළමයින් දෙකක් හදමින් හති දැම්මාට, මගේ රට කොහොම රැක ගන්නද අනේ හෙට. (සිංහල පව්ලකට ළමයි දෙකයි. ඔවුනුත් රට) (නි)
රූමත්, ගෞරවනීය කාන්තාවක් ෆාර්මසියට ඇතුළු විය. කවුන්ටරය වෙත පැමිණි ඇය ඖෂධවේදියාගෙන් සයනයිඩ් මිලදී ගත හැකිදැයි විමසීය.දෙවියනේ මොකටද ඔබට සයනයිඩ්? ඔහුට කියැවුනි.මගේ සැමියා මරාදමන්න. ගැහැණිය පිළිතුරු දුනි .බැහැ බැහැ කොහොමටවත් දෙන්න බැහැ එය නීතියට පටහැනියි මගේ බලපත්‍රය නැතිවේවි අපි දෙන්නටම හිරේ යන්න වේවි.ඖෂධවේදියා කීය.සත්තකින්ම නැහැ යැයි පැවසු ගැහැණිය අත් බෑගයෙන් ඖෂධවේදියාගේ බිරිද සහ ඇගේ සැමියා ඇදක් මත සිටින ඡායාරූපයක් ගෙන පෙන්වීය.ඖෂධවේදියා මෙසේ පැවසීය.කලින් කියන්න එපායැ.... තියනවා කියලා. (නි)
මම ළඟක හිටියා නම් ..ඔය මනුස්සයට වාහනයක්..කුලියට හොයලා දෙනවා තලප හැළියත් එක්කම කම්පැනියට යන්න ..? (ස)
අනු මානයක් නැහැ අපේ දිසාමයි..ඔය මහා රෑ..කොටු පැනලා ඇවිත් තලප හැදීගෑවේ...? මග දිගට පාලම් හදහා සෙනෙහෙ සුරුට්ටුවකුත් හම්ඹ වෙන්න ඇති ..? ඒකයි පදම වැරදුනේ ...? (ස)
දැන් කාලේ කුරක්කන් පිටි වලට වඩා ඇමෙරිකන් පිටි මිල අධිකයි නේද? එහෙම නම් කොහොමද පාන් පිටි කවලම් කරන්නේ? (ස)
රූපවතී අක්කේ, දිසා නම් වෙන්න බැහැ.මොකද ඔය කියන සිද්ධිය දවසේ රෑ දිසා අයිය හිටියේ පන්සලේ පිංකමකට සහබාගි වෙමින්. (නි)
රූපා අක්කා, මොකද කලින්ම බෝලේ දිසාට දැම්මේ. මහත්තයා එහෙම ළගදී තලප හැදිගෑවේ නැහැ නේද? (නි)
අපේ දිසා මාමා තවම නිදි. ඊයේ රෑ තළපෙත් කචල් වුණාට පස්සේ , බඩගින්නෙම නිදා ගන්න ඇති (නි)
දෙයියෝ සාක්කි කිවුවද ඉතින්?? (නි)
මේ ළඟදි මහියංගනයට ආසන්න ගමක වෙළෙඳසලකින් රාත්‍රී කෑමට පාන් ගෙඩියක් හා මාජරින් පැකට්ටුවක් මිළට ගත් බීමත් අයෙක් සබන් කැටයක්ද මිලට ගත්තේය, ඔහු නිවසට ගොස් පාන් පෙතිවල මාජරින් ගාන්න උත්සහ කළත් එය අසාර්ථක විය, වෙරිමතින් සිටි ඔහු නැවත එම වෙළෙඳසල වෙත ගොස් මුදලාලිට බැන වැදුනේය, බලනවා මුදලාලි මේ මාජරින් පැකට්ටුව හයියයි මේක හොඳයි ඔලුවේ ගාන්න යනුවෙනි, එවිට මුදලාලි පැවසුවේ බීමත් පුද්ගලයාට මේ මාජරින් පැකට්ටුවක් නොවෙයි සබන් කැටයක් යනුවෙනි. (නි)
හැලපේ හැදී ගාන හැටි ගැන මට ඒ තරං දැනුමක් නැහැ රූපවති. බැරිද මට පොඩ්ඩක් කියලා දෙන්න නිවාඩු පාඩු වෙලාවක. ෂෙරිෆ් එක්ක මම එන්නම්. පිටි ටික අනා ගන්න තමයි මට දැනුම මදි ....රුපවති හැලප හදන හැටි පාඩම කියලා දෙනවා ..ෂෙරිෆ් මල්ලි දිසා එක්ක හොරෙන් හොරෙ හැලප කනවා ....කොච්චර මේ බන කිවුවත් නැහැ රුපෝ ඉවර වෙන්නේ... පිත්තම වගේ කට අරගෙන හැලපේ කන්නද බලන් ඉන්නේ (ස)
රූපා අක්කගේ විභාගේ ඉවරද? දිසා ගැන හොය හොයා වෙලාව කන්නේ නැතුව පාඩම් කරන්න. (ස)
සද නැති රැයේ මල් වඩමට බය නද පා.. පදම වැරදුනේ කරුමෙට මයි තලපා.. පාඩම් වැඩ කියා කුමටද බොරු රගපා.. දිසා සමග කොයි යන්නේද අපේ රූපා.... (නි)
එයා තලප හැදිගාන්න දන්නේ නැතෝ... (නි)
පිටි කොටපන් නෝනේ .. පිටි හලපන් නෝනේ.. ඉරිදා රෑට ඉදි අප්පන් කන්නට මට ඕනෑ.. (නි)
අලුතෙන් ඉදිකරන මහල් නිවාසේ අපද්‍රව්‍ය බැහැර කිරීම කල්පනා කල ගෘහ නිර්මාණ සැලසුම් ශිල්පියා විසින් කම්කරුවන් ලවා අඩි හයක් ගැබුරු වළක් හාරා කල් යාමේදී වෙනත් විකල්පයකට සිත යොමු වී නැවත එම වල පස් දමා වසන්නට අණ කළේය. පස් පිරවූ පසු තව අඩි දෙකක් පමණ උසට පස් ගොඩ උඩට මතුවී ඇති අයුරු සේවකයන් ඉංජිනේරුවරයා දැනුවත් කලවිට , එසේ අඩි දෙකක් උසට පස් තිබෙන්න හේතුව වල හොරට අඩි හතරක් කැපු නිසාවෙන් නිසා නැවත හරියට අඩි හයට ගැබුරුට වල කපා ඉතිරි පස් ගොඩත් දමා වැඩේ හරියට කරන ලෙසය. (අ)
වෙරිමරගාතෙම පාන්පිටි ටිකක් දැම්මා නම් සමහර විට තලප වෙන්න තිබ්බා. (ස)
පහන් කලින් කියන්න එපාය බේත් වට්ටෝරුවක් තියනවා කියල නේද ?ඔය කතාවේ ඔයා කවුද ? (ත)
මොනවා වුණත් හැමදේටම දැන් මොනවාහරි ජරාවක් කලවම් කරලානේ. (නි)
දිසානායක අදහස් එවනකොට මීට වඩා වගකීමකින් කටයුතු කරන්න ඕනේ (අ)
හේරත් අයියේ, මම මොකක්ද කරලා තිබෙන වරද? ඔයාගේ ගෙදර හැලප හැදිගන්න මම එනවා කිවුවේ නැහැ නේද? අන්න එහෙම කිවුවා නම් මම වැරදියි (නි)
රූපවති නමින් එන්නේ කව්ද? ලියන දේවල් හරිම නොහොබිනා දේවල්, මොකද ගැහැණු කෙනෙක් නිසා (නි)
දිසා. කරුණාකරලා තලප සහ හැලප අතර වෙනස හඳුනාගන්න. (අ)
මෙන්න ..,බොලේ ..වැඩක්..!!! පදම වැරදිච්ච තලප කාල අපේ සමහරක් කට්ටියට මලපැනල!(අ)
තල්ප කියන්නේ හැලප වලටම නෙවේද? නැත්නම් තලප හදන්නේ කොහොමද? හැලප වලට නම් පොල් ,සීනිත් මිශ්‍ර කරනවා. සිරි, ඔයා දන්නවද වෙනස? (ස)
චන්දි..නංගි මේ ලක්මාල් ...කියන්නේ කවුද මෙයත් ඊයේ ද කැලෙන් එලියට ඇවිත් තියෙන්නේ.....? මොකද මම මෙයාගේ නම දැක්කේ අද ...?මොකද්ද මම ලියලා තියන නොහොබිනා දේ ..?ඔයා ඔලුවෙන් හිටගෙනද ..කියෙව්වේ ..මගේ අදහස් ...කොහෙද මම ලියලා තියෙන්නේ ...ඔයා වගේ බාල වයස් කාරයෙකුට කියවන්න බැරි අසභ්‍ය දේවල් ...?අනේ මගේ කට ...? (ස)
මෝඩ වැඩ (නි)
ඒ මේක මාර වැඩක් සමහර උන්දලට තලපේ කිඋවහම කේන්ති යනවා කාල නැද්ද
ඉතාලියේ තලප හදනවා ඉරිගු පිටි වලින්. උතුරු ඉතාලියේ ප්‍රධානතම කෑමක් වන මෙය කන්නේ හා මස් හොදි සමගයි. මෙයට ඉතාලියෙන් කියන්නේ 'පොලේන්තා' කියලයි. ප්‍රෝටීන් බහුල මෙය අඩු මිලකට ලංකාවේද භාවිතා කළ හැකියි. (නි)
පිටිගල මහත්මයා. තලප කියන්නේ අපේ දුප්පත් කමට කාපු කෑමක්. ඒක කන්නත් බෑ. හපල කන්න ගියොත් ඉතින් අමාරුවේ. කිරි වැදිච්චි අමු ඉරිඟු හරි කිරි කුරහන් හරි වනේ දාල කොටලා වතුරේ දාල හෝදලා රොඩ්ඩ විසි කරලා අරන් ලිප තියලා හැඳිගාන්න ඕනේ. ගින්දර වැඩි වුනොත් පළල අල්ලනවා. මේක දොදොල් වගේ පාප්ප ගුලියක්. ඒකට දඩ මස් හොද්දක් තියෙනවා නම් ඉතින් ඔබතුමා කිව්වා වගේ ප්‍රෝටීන් තියෙයි. සමහර දාට අපට ඕක ගිලින්න දවට ගන්න කිරි හොද්දට පොල් වත් නෑ. කිරි වෙනුවට වට්ටක්කා ඇට තලලා දාල කොච්චි හොද්ද එක්ක කාපු දවසුත් තියෙනවා. අද මම සීතල කාමරයක කොම්පියුටර් එකෙන් වැඩ කලාට අපේ දෙමව්පියෝ අපිව ලොකු මහත් කලේ බොහොම අමාරුවෙන්. අපට ඒවා අමතක නෑ. (ස)
මත්පැන් බීලා නම් මෙච්චර පිස්සු වැඩ කරන්නෙ නෑ.බේකරි වල බාස්ලාත් කුණු වෙන්න බීලා තමා වැඩ කරන්නෙ.ඒත් පදම වරදින්නෙ නෑ. මෙයා තණමල්විල ප්‍රසිද්ධ දුම් පානය පාවිච්චි කරලා ඉන්න ඇත්තෙ. (ස)