මාර්ගයේ සිටි සුරතල් බල්ලෙක් යතුරුපැදියක හැපී තුවාල වී බිම ඇදවැටුණි. බල්ලාට නැඟිටගත නොහැකිව වේදනාවෙන් කෑ ගසන්නට විය. ශෝකජනක වූ බල්ලාගේ දසුන දුටු අසල සිටි සමහරු පැවසුවේ බල්ලා මියයන බවය. මේ අතර එතැනට පැමිණි කාර්යාලයක සේවය කරන නිලධාරිනියක් වහාම ත‍්‍රිරෝද රථයකට කතාකොට බල්ලා ඔසවා එතුළට දමා සතුන් සඳහා ඇති රෝහලකට රැුගෙන ගියත් රෝහල වසා තිබුණෙන් වෙනත් රෝහලකට රැගෙන ගියාය.
එහිදී බල්ලාට එන්නත් සහ බෙහෙත් වර්ගද දී තුවාලවලට ප‍්‍රතිකාරද කෙරිණි. බල්ලාගේ තත්ත්වය සුව අතට හැරුණු නිසා ගාස්තුව වශයෙන් රුපියල් එක්දාස් පන්සීයක් ගෙවූ ඇය ත‍්‍රීරෝද රථ රියදුරාටද රුපියල් පන්සීයක් දී බල්ලා අනතුරට මුහුණ පෑ ස්ථානයට ගෙනවිත් ගසක් යට තැබුවාය.
අසල කාර්යාලයක ආරක්‍ෂක නිලධාරියකුට කතා කළ ඇය, ‘‘කවුරු හරි බල්ලාව අරන් යන්න ආවොත් මට දන්වන්න. මම ඉන්නේ අර පේන ඔෆිස් එකේ. බල්ලට දෙන්න ඕන බෙහෙත් මා ගාව තියෙනවා. අපිත් බල්ලන්ව ඇතිකරනවානේ. මට සල්ලි ඕනේ නැහැයි’’ පවසා පිටවූවාය.
ස්වල්ප වේලාවකින් බල්ලා අසලට පැමිණි පුද්ගලයෙකි. ඔහු දුටු බල්ලා වලිගය වනන්නට විය. ත‍්‍රිරෝද රථයකට බල්ලා දමනු දුටු ආරක්‍ෂක නිලධාරියා, ‘‘මහත්තයාගේ බල්ලා හැප්පුණා. මිස් කෙනෙක් බෙහෙත් අරන් දීලා දැන් තමයි ගියේ. බල්ලාගේ බෙහෙත් මිස් ළඟ තියෙනවා.’’ පැවසීය. ‘‘හරි හරි මන් පස්සේ එන්නම්’’ කී හාම්පුතා බල්ලා ද රැගෙන නොපෙනී ගියේය. කොළඹදී දැකගන්නට ලැබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිරෝගී සුව පතමි (අ)
මම බල්ලන්ට කැමති එක හේතුවක් වෙන්නේ ඔවුන්ට මනුස්සයන්ට වගේ ඇඟට පතට නොදනී ඇනුම්පද කීමට නොහැකි වීම නිසා. (නදී)
බලු කුක්කාට වෙදකම් කළ නෝනට නිදුක් නීරෝගී සුව පතමු. බලු කුක්කා අයිති මහත්තයා පසුව ඇවි්ලලා ස්තුති කළොත් මහත්මා ගති ඇත්තෙක් ලෙස සැළකිය හැක. නැත්නම්?? (නි)
මනුෂ්‍යයින් වශයෙන් අපි සතුන් කෙරෙහි කරුණාවෙන් බැලීම හොඳ මනුෂ්‍ය ගුණාංගයක්. ඒ මහත්මිය සමාජයට හොඳ ආදර්ශයක් දී තිබෙනවා. අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා කියනවනේ. කාන්තාවන් නම් ඇනුම් පද කියන්න දක්ෂයි කියලා මම අහලා තිබුනට පිරිමි ඕවා ඒ හැටි ගණන් ගන්නවා මම නම් අහලා දැකලා තිබුනේ නැහැ. (නි)
අනේ මෙහෙමත් මහත්වරු? (නි)
කතාව කියවලා අදහස් ටික බැලුවහම තමයි හිතුනේ සමහරුන්ට බලුපොරයක් නරඹන්න හිත යට පොඩි ආශාවක් තියනවා කියලා. බලමු එළිවෙද්දී සද්දේ කොහොමද කියලා? (නි)
කරුණාවන්ත කාන්තාවට ආසිරි පතමින් , සුසිරගේ කියමන හරියට හරි කියමින් නවතිමි. (නදී)
මිනිසා නොමිනිහා වීම (දී)
අර නෝනා මහත්මියට නිදුක් නිරෝගී මත දිවියක් ප්‍රර්ථනා කරමි... (දිල්)
රුවන් කිව්වත් එක්කම එක්කෙනෙක් පටන් ගත්තා. බල්ලන් ඉස්සර කරගෙන ඇනුම්පදයක් සමග. පුවතෙහි සඳහන් කාන්තාව අගය කරමින් නවතිමි. (නදී)
ඔබ ඉතාමත් හොඳ කාන්තාවක්. මේ කළ පිනම ඇති ඔබට ජිවිත කාලයටම නිදුක් නිරෝගී ජිවිතයක් ගත කිරීමට (නි)
බල්ලාගේ අයිතිකාරයාව බල්ලාට සමාන කරන්න නරක්යි (නි)
සල්ලි ගන්නෙ නැතිනම් ඒක තියල හරි හුරතලාව අරගෙන ගියානම් තමයි හොද මම නම් හිතන්නේ. මොකද ඒ නොනගේත් හිත කොයි තරම් හොද වෙයිද එහෙම කලානම්.(අ).
මේවාගේ මිනිසුන් දෙවියෝම ආරක්ෂා කරත්වා (අ)
ෆෙරෝස්, මොකද ඔයා හොට් වෙලා, මට හිතෙන්නේ බල්ලාගේ අයිතිකාරයි,මේ කතාවේ අයිතිකාරයයි දෙන්නම ඔයා කියල, (දී)
බල්ලාද එහිදී බලු ගතිය පෙන්වීය (දී)
හොඳ කාන්තාවක් (නි)
යහපත් කාන්තාවක්. ඔබතුමියට නිරෝගි සුවය අත්වේවා! (නි)
දැන්ඉතින් මාත්තෘකාවෙන් පිටපනිමින්,අනුන්ට මඩගැසීම්,කල්ලිගැසී චැට්කිරීම්,තමාගේ මෝඩකම් පෙන්වීම පටන්ගනී.කරුණාකර මාත්තෘකාවට අදාලව පමණක් අදහස්දක්වන්න ස්තුති.(දී)
සතුන්ට කරුණාව දක්වන, හොඳ හදවතක් ඇති මහත්මියක්. ඔබට නිරෝගී සුවය ලැබේවා(අ)
ඔබගේ යහපත් ක්‍රියාවට ඔබගේ සියලු බලාපොරොතු ඉටුවේවා නිදුක් නිරෝගී වේවා.(අ)
මෙහෙම කරුණාවන්ත අයත් මේ සමාජයේම ඉන්නවා. ඒ මහත්මියට සසර පුරා නිරෝගී සුවය මමත් පතනවා. (දී)
අපේ උතුම් රටේ ඉන්නේ උතුම් මිනිස්සුන්ගේ කුහක කම තේරෙනවා අඩුගානේ කරපු වැඩේටඅගය කරන්නේවත් නැහැ (දී)
බලු පැටියාට් ප්‍රථිකාර කල ඒ නෝනාට දෙවියන්ගේම පිහිටයි !අඩු වශයෙන් ස්තුතිවත් නොකර,බලු පැටියා රැගෙන ගියාට දෙයියෝ ..සාක්කි !! (දී)
හුඟක් කරුණාවන්ත නෝනා මහත්මියක්.අද කාලේ මනුස්සයෙක් ලෙඩක් හැදිලා බිමවැටිලා හිටියත් අහකබලන් යන කාලෙක මෙවැනි උතුම් කාන්තාවන්ද සිටීම සතුටක්,මෙම මහත්මියට නිරෝගිසුව හා දීර්ග ආයුෂ පතමි. (දී)
ඒ සතා තරම්වත් හාම පුතා කල ගුණ දන්නේ නැහැ වගේ (දී)
බල්ලෝ හොඳයි වගේ (දී)
බල්ලාගේ හාම්පුතා,, බලු තාත්තෙක්නේ..(අ)
මිනිස්සුන්ගේ අහික්මුනු කම හා හික්මුණු කම (දී)
බල්ලන් කල ගුණ දන්නා සත්ව කොට්ටශයක්. ! තවත් දෙයක් .පුවතට අදාලව අදහස් දක්වන ලෙස ත් , අනෙක් අයට පුද්ගලික උපහාස එල්ල කර මේ සභාව අප්‍රසන්න තැනක් නොකරන ලෙසත් සියලුම පාඨක භවතුන් ගෙන් කාරුණිකව ඉල්ලමි. (දී)
ඇත්තටම හිත හොඳ කාන්තාවක්. ! මේවා සසර පුරා පල දෙන පින් තමයි. (දී)
ඒ කාන්තාව ගේ ගෙදර ඉන්න බලු සුරතලුන්ට රජ සැප ඇති. (දී)
වඩා හොඳට කාලගුණ සලකන්න දන්නේ බල්ලෝද මනුෂ්‍යයෝද කියන තැනදී බල්ලෝ ඉදිරියෙන් ඉන්න බව කවුරුත් දන්නා කරුණක්. එත් බල්ලෝ මනුෂ්‍ය වෙසින් පෙනී ඉන්න උත්සහ කරනකොට තමයි අනවශ්‍ය ගැටළු ඇති වෙන්නේ. සමහරු බන කිව්වට බුරනවා වගෙයි අපට ඇහෙන්නේ.(නදී)
ඔබ වැනි උතුම් ස්ත්‍රියන්, මුළු ලොවටම ආඩම්බරයකි!!! ඔබට චිරාත් කාලයක් ආයු ලැබේවා...! (නදී)
බල්ලාට ප්‍රතිකාර කල එම නෝනට මා හදවතින්ම සුභ පතමි. ඔබට දීර්ගායු ලැබේවා. (නදී)
පිට රට ඉන්න මට හරි සතුටුයි ඒ මහත්මිය ගැන (නදී)