IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


තොවිලය පටන් ගන්නත් කලින් බිරිය මායම් වෙලා

(වියලුව වාර්තාකරු)
සිය බිරියට මානසික රෝගයක් වැළඳී ඇතැයි සිතූ සැමියෙකු හිතවත් ගුරකු ගෙන්වා මල් බුලත් තට්ටුවක් සාදා තොවිලයක් කිරීමට සැරසෙද්දී මල් බුලත් තට්ටුවේ තිබූ මැටි රූපයෙන් හා එහි වූ  පොල් ගෙඩියකින් ගුරාට පහරදී ගුරාත්  සැමියාත් ආවතේවකරුවනුත්   පන්නා දැමූ බිරියක් පිළිබඳ පුවතකි මේ.


  ගුරුකමට උදව්   උපකාර කිරීමට ගිය පුද්ගලයෙකු පැවසූ අන්දමට සිද්ධිය මෙසේය.


 ඇය තරමක් කටකාර කාන්තාවකි. විවාහයෙන් පසුවද ඇය සිය සැමියාට නිතර දෙවේලේ බැන වැදුණේ කිසිදු හේතුවක් පවා නොමැතිවය. බිරියගේ මෙම අපූරු ජීවන රටාව හේතුවෙන්   ඔහු පසුවූවේ ද දැඩි කනස්සල්ලෙනි.
බැරිම තැන ඔහු අසල්වැසි ගමේ හිතවත්  ගුරෙකු ට මේ බව කියා සිටියේ ඔහුගෙන් හෝ යම් විසඳුමක් ලැබේය යන අපේක්ෂාවෙනි. තෙල් බේත් මැතිරීමත් බලි තොවිල් කිරීමත්     සිය ජීවන වෘත්තිය කරගත් ගුරාගෙන්ද ඊට ලැබුණේ කදිම අනුබලයකි.


“අනිවාර්යෙන්ම ඔයාගේ නෝනට තියෙන්නේ මානසික ලෙඩක්, මල් බුලත් තට්ටුවකට මතුරලා කහ නූලක් බැන්දම වැඬේ හරි යයි” පැවසූ ගුරා ඊට දිනයක් ද නියම කර දුන්නේ ගුරුකමට සාධාරණ ගානක් ද පොරොන්දු වෙමිනි.


 නියමිත දිනයේ ආවතේවකරුවන් දෙදෙනෙකු ද කැඳවාගෙන උදෑසනින්ම එම නිවෙසට පැමිණි හෙතෙම ගුරුකමට අවශ්‍ය මල් බුලත් තට්ටුව සහ සෙසු කළමනා සූදානම් කළේ රාත්‍රී කාලයේදී සිදු කෙරෙන බාරදූර කටයුත්ත පිළිබඳ නිවැසි කාන්තාව ද දැනුවත් කරමිනි.


  සාලයේ ඉදිරිපසින් වරින් වර නැගෙන කොක්හඬලා සිනාසීම් මෙන්ම ගුරා විසින් සිදු කරනු ලබන විවිධ පුරාජේරු කථා ඇසීම නිසාත් තමුන්ට කිසියම් රෝගයක් ඇතැයි පැවැසීම නිසාත් උදෑසන සිටම නිවැසි කාන්තාව සිටියේ පුපුරු ගසමිනි.


ගතවූයේ හෝරා දෙකකටත් අඩු කාලයකි.


වැළහින්නක් සේ ගුරුකම සිදුවන ස්ථානයට කඩා වැදුණු නිවැසි කාන්තාව මහහඬින් බැනවදිමින් ගුරා විසින් ඒ වන විටත් අඩක් නිම කොට තිබූ මැටියෙන් තැනූ රූපයක්    රැගෙන එයින් ගුරාටත් අවතේව කරුවන්ටත් පහරදෙමින් යකා නටන්නට පටන් ගත්තේ සැමියා මෙන්ම පැමිණි පිරිසට ද දෙස් දෙවොල් තබමිනි.


නිවැසි කාන්තාවගේ රඟපෑමෙන් දැඩි භීතියට පත් වූ ගුරාත් ආවතේවකරුවනුත් හීන්සීරුවේ සිය ගමන්මලු_ ද රැගෙන පල්ලම් බසිද්දී ඇය, සිය සැමියාද මිදුලට තල්ලුකර දැම්මේ “අරුන් එක්ක උඹත් පලයන්” යැයි පවසමිනි.

 



අදහස් (0)

තොවිලය පටන් ගන්නත් කලින් බිරිය මායම් වෙලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

කෙසෙල් කැන කෙසෙල් මුවක් වෙලා
2024 නොවැම්බර් මස 25 466 0

රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.


දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 910 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 869 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1157 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9496 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 883 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 532 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site