(හෙට්ටිපොළ ධම්මික බාලසූරිය)
විවාහ වී වසර තිහක් පමණ ගතවීත් දරුවන් තිදෙනකුත් ලබා ඇති නමුත් තම සැමියාගේ නම සහ වාසගම නොදන්නා අපූරු බිරියක් ගැන පඬුවස්නුවර ප්‍රදේශයෙන් වාර්තා විය. ජනාධිපතිවරයාගේ සංකල්පයක් මත පසුගියදා සිදු කෙරුණු පොලිස් ජංගම සේවාව හෙට්ටිපොල පොලිසිය මගින් හෙට්ටිපොල පොලිස් වසමෙහි ස්ථාන කිහිපයකදී සිදු කෙරිණ. ඩෙංගු මර්දනය වැඩ සටහනද මෙම ජංගම සේවයෙහි එක් අංගයක් වූයෙන් ඒ සඳහා නිවාස පරීක්ෂා කිරීම දැනුම්වත් කිරීම මෙම ජංගම සේවය යටතේ සිදු කරන ලදී.
එම වැඩ සටහන යටතේ හෙට්ටිපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් සහ පඬුවස්නුවර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් කිහිපදෙනෙකු සහ සිවිල් ආරක්ෂක කමිටුවේ නිලධාරින් පිරිසක් සමග එක්ව නිවාස පරීක්ෂා කරමින් දැනුම්වත් කරමින් ගෙන් ගෙට ගොස් ඇත.
නිවාස පරීක්ෂා කර අනතුරුව පරීක්ෂා කළ නිවසෙහි නම සහ ලිපිනය සඳහන් කර ගැනීම නිලධාරින් විසින් සිදුකරන ලදී. එක්තරා නිවසක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව නිවසෙහි හිමිකරුගේ නම කිමෙක්දැයි නිලධාරීන් ගෙහිමි කාන්තාවගෙන් විමසා ඇත. ගේයි ඉඩමයි නම් මහත්තයො තියෙන්නෙ පුතාගෙ නමට. එයා රස්සාවට ගිහින් යැයි කාන්තාව පවසා ඇත.
පුතා නැති වුණාට කමක් නෑ එයාගෙ සම්පූර්ණ නමයි ලිපිනයයි කියන්නකො අපට සටහන් කර ගන්න යැයි නිලධාරින් කාන්තාවට පවසා ඇත. පුතනුවන්ට නිවෙසෙහි භාවිතා කරනු ලබන කෙටි නමක් පමණක් කාන්තාව විසින් නිලධාරින්ට පවසා ඇත. එහෙම හරි යන්නෙ නෑ. පුතාගෙ සම්පූර්ණ නම වාසගමත් සමග නිවරැදිව කියන්නැයි නිලධාරින් කාන්තාවට පවසා ඇත. මම ළමයගෙ සම්පූර්ණ නමවත් දන්නෙ නෑ මහත්තයා. ඔහොම පොඞ්ඩක් ඉන්නකො මම උප්පැන්න කොළේ ගෙනත් දෙන්නම් යැයි කාන්තාව පවසා ඇත.
කාලය ගතවන බැවින් එහෙනම් මහත්තයගේ සම්පූර්ණ නම කියන්නකො යැයි නිලධාරින් පවසා ඇත. සැමියාටත් කවුරුත් භාවිතා කරන කෙටි නමක් ඇය පවසා ඇත. එහෙම නෙවෙයි මහත්තයගේ සම්පූර්ණ නම වාසගම සහිතව කියන්න යැයි නිලධාරීන් මෙම කතට පවසා ඇත. වාසගම් එක්ක නමක් නන් මම දන්නෙ නෑ මහත්තයො යැයි ඇය පවසා ඇත.
විවාහ වී කොතරම් කල්දැයි නිලධාරීන් විමසුවේ අවශ්‍ය නිසා නොව මැදිවියත් ඉක්මවා ගොස් ඇති බවක් පෙනෙන නිසාය. මනුස්සයා එක්ක ඇවිල්ලා නම් ගොඩක් කල් මහත්තයෝ. ලොකු දුව බඳලා, දරුවොත් ඉන්නවා. ඇනෙක් දරුවො දෙන්න රස්සා කරනවා යැයි මෙම කත පවසා ඇත. ඉන්නකො මහත්තයො පුතාගෙ උප්පැන්න කොළේ ගෙනත් දෙන්න. ඒකෙ නම ඇති යයි කියූ කාන්තාව නිවස තුළට ගොස් පුතාගෙ උප්පැන්නයෙහි පිටපතක් ගෙනත් නිලධාරින්ට පෙන්වා ඇත. උප්පැන්නයේ සඳහන් පරිදි දෙවන දරුවාටත් වයස අවුරුදු විසිපහ ඉක්මවා ගොසිනි. විවාහ දිවියට වසර තිහක් පමණ ගත වීත් දරුවන් තිදෙනකු ලබා සිටියදීත් වසර ගණනක් තිස්සේ එකගෙයි වාසය කරන සැමියාගේ සහ තම දරුවන්නේ නම් නොදන්නා මෙම කාන්තාව ගැන නිලධාරින්ට ඇතිවූයේ පුදුමයකි.
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තිස් අවුරුද්දක් ගියත් බිරිය සැමියාගෙයි ළමයින්ගෙයි නම් දන්නේ නැතිලු
sara Friday, 07 September 2018 07:42 AM
මැය නියම සිංහල කාන්තාවක්. එයාලට ඔය නම් ගම් පට්ටන්දර වැඩක් නෑ. ස්වාමියාට සහ දරුවන්ට යුතුකම් කරමින් පවුල අවුල් නොකර ගෙන ආදර්ශමත්ව ජීවත් වෙනවා. නියම බිරිදක් සහ අම්මෙක් . පුළුවන් නම් දැන් ගිහින් ඒකත් අවුල් කරන්න