වෙනත් තරුණියක සමඟ පැන ගිය සැමියා තමාට පෙනෙන්නට ගෙවල් ළඟ පාරේ වැඩ කිරීමට ආ විට සැමියා නැතිවුවද තමා සතුටින් සිටින බව දැන්වීමට කැසට් යන්ත‍්‍රය මහා ශබ්දයෙන් දමා සාලයේ නැටුමක් නැටූ බිරියක් ගැන දකුණු පළාතේ ප‍්‍රදේශයකින් අසන්නට ලැබිණි.
මෙම සැමියා දරුවකු සිටින බිරිය අතහැර ගොස් දැනට වසරක් පමණ වෙයි. ඔහු පදිංචි වී සිටින්නේ අල්ලපු ගමේය. තමාගේ පන්තියේ එකට ඉගෙන ගත් මිතුරියක සමඟ පැන ගිය සැමියා ඇයට පෙනෙන්නට පැමිණ නොසිටියේය.
මීට සතියකට පමණ ඉහත දී ඔහු බිරියගේ ගෙවල් පාරේ වැඩ බිමක වැඩ කරමින් සිටිනු බිරිය දුටුවාය. ඔහු ගණනක් නැතිව ගේ ළඟටම ආවේ තමාට පෙනෙන්නට බව සිතූ බිරිය සාලයේ තිබූ කැසට් රෙකෝඩරයට අලූත් සින්දු තැටියක් දමා සැමියාට ඇහෙන්නට හඬ වැඩි කර තිබේ. සාලයේ එහෙට මෙහෙට නටමින් ඇය සතුටින් සිටින බවද ඇඟවූවාය. එය දුටු සැමියා හෙමිහිට රූටා ගොස් තිබේ.
(කොස්ගොඩ - කමල්ශ්‍රී ලියනගේ )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොලේ තියන කාන්තාවක් . ගිය හකුරට නාඩන්නේ තියන හකුර රැකගන්නේ .ඔයාට හොද කෙනක් ලැබෙන්න ඕන .(බ)
බලන්නකෝ අපේ පණ්ඩිත ආච්චි අම්මලාගේ අදහස් ටික. (නි)
මෙන්න නියම කාන්තාවෝ! (නි)
හුගක් කාන්තාවන් දරුවෙක් ලැබුනට පස්සේ දැන් මම වයසයි ඒ නිසා ලිංගිකත්වය ගැන හිතන්නේ නැහැ. පිරිමියාට අවැසි සතුට ලබා දෙන්නේ නැහැ. ඒ නිසා තමයි හුගක් පිරිමි පිට යන්නේ. මෙහෙම දේවල් සිදුවන්නේ ගොඩක් දුරට පිරිමින්ගේ වරදින් නෙවි කාන්තාවන් හිතන්නේ නැති නිසා (නදී)
කාන්තාව තමන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කර ඇත. (නි)
මරු වැඩේ ඔයවගේ ගෑනුන්ට. ඒ මිනිහ ඉන්දැද්දී නටන්න බැරි වුණාද? කැසට් ගෙදර තිබුනේ නැතිද?අනේ යාලුවා අරන් ගියාලුනේ?
හොද වැඩේ ඔය වගේ පිරිමින්ට.(හේ)
මට නම් මගේ බිරිය හා මගේ දරුවන් නොදැක ඉන්න බැහැ.සුළු නෝක්කාඩු ඇති වුණත් ඒවා පොඩි වෙලාවකට විතරයි. (නි)
100% ක් සර්ව සම්පුර්ණ බිරින්දෑවරු හෝ සැමියන් ලෝකයේ නැහැ .සුළු සුළු අඩුපාඩු තිබුනත් විවාහය දෙදරා යා නොදී රඳවා තබාගැනීම දෙදෙනාගේම යුතුකම.සාමාන්‍යයෙන් කසාදය වැනි දේ ජීවිතයේ විටින් විට කරන දෙයක් නොවේ.අතහැර ගිය අයකු ගැන දැනෙන වේදනාවට වඩා වැඩියි ජීවිතය හැරගිය සැමියෙකු බිරිඳක ගේ වේදනාව.අතහැර ගිය අය වෙන කෙනෙකු සමඟ හෝ සතුටින් සිටිනවා යයි සිතා සතුටුවෙන්න පුළුවන්.ජීවිතය හැරගිය කෙනා කොහේ ඉන්නවාදැයි කවුරුත් දන්නේ නැහැ.ඉන්න ටික කාලයේ සතුටින් සමගියෙන් ඉන්න.නැතිවුනහම වේදනාව දරාගන්න බැහැ.(හේ)
මනුස්සයාට දුක හිතෙන්න ඇති නේද?(හේ)
තමන්ට ආදරේ නැති මිනිහෙක් වෙන ගෑනියෙක් එක්ක ගියා නම් මිනිහට පෙන්න නොවේ සදහටම නට නටා ඉන්නන්යි තියන්නේ, ජීවිත කාලයටම බොරු කාරයෙක් එක්ක රැවටීමට ලක් වෙලා ජීවත් වෙනවට වැඩිය.(හේ)
සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන (නි)
ප්‍රවෘත්තියටත් වඩා මට සිරිසේන අයියාගේ වචන දෙකතුනට ඉල කැඩෙන්න හිනාගියා (නි)
ඔයාට හොඳ කෙනෙක් ලැබෙන්න ඕනෑ. (නි)
මොලේ කල්පනා කරලා වැඩ කරන ආදර්ශමත් කාන්තාවක්! (බ)
බුද්ධිමත් බිරියක්. සමහරු වගේ පාරේදී බෙල්ලෙන් අල්ලාගෙන අප්‍රසාදය පළකිරීමක් නොකර මෙහෙම තමන්ගේ අදහස ප්‍රකාශ කරන එක කොච්චර හොඳයිද? තමන්ට ඇත්තටම කරන්න තිබෙන්නේ මෙහෙම සැමියෙක් ඕනෑ නැහැ කියලා සන්තෝෂයෙන් සින්දුවක් කියාගෙන ජීවත්වෙන්න. (නි)
නොන්ඩි වුනාද දන්නේ නෑ.(හේ)
හොඳ වෙලාවට එහෙම සිතුවිල්ලක් හිතුනේ (නි)
හරි හොඳ ආත්ම ශක්තියක් තියන ගැහැණු කෙනෙක්..එයාගේ ජීවිතයට හොඳ කරුණාබර සැමියෙක් හමුවේවා....(බ)
බොහොමයක් පිරිමින්ට නෝනලා එපා වෙන්නේ ඒ කාන්තාවන් ළඟ තිබෙන සැර පරුෂ ගති ගුණ නිසා. ඉතින් පැණි බේරන සිහින් ස්වරයෙන් කතා කරමින් පූසන් වගේ ළඟ දැවටෙන අයට පිරිමින්ගේ හිත යනවා. වැරැද්ද බිරින්දාවරුන්ගේමයි. (බ)
ලැජ්ජා නැති පිරිමියෙක්. හැබැයි කාන්තාවගේ වැඩේ නම් නියමයි (නි)
සතුටින් නටමින් සිටි ඇය දුටුවාම සතුටු වෙන්න එපායැ. ඔයත් අලුත් පවුලත් එක්ක සතුටින් ඉන්නවා නම්. (ර)
මෙහි ඉතා වටිනා දෙයක් තිබේ. මගේ කලින් හිටි බිරින්දෑවරුන් දෙදෙනාම වෙන් වෙන්න ළං වෙනකොට සින්දුවෙන්ම තමා කාලය ගතකළේ. මුලදී මම හිතුවා එයාට ගානක් නැහැ කියලා. දෙවැනියත් සින්දුවෙන්ම අන්තිම කාලය ගතකරනකොට මම දැනගත්ත වැඩේ හරි, මේකත් ඉවර තමා කියලා. ඔය සින්දු කියන්නේ හොඳින් ඉන්න බව ලෝකෙට පෙන්වන්න මිසක් සැබෑවට නොවේ. මේක ඉතා හොඳ පෙරනිමිත්තක්. (නි)
ඇත්තටම එයා සතුටින් කියලා හිතනවාද? (නි)
දාලා යන කෙනාට එහෙම යන්න සිත්දෙන්නේ ඊට වැඩිය හොඳ කෙනෙක් තමන්ට ලැබෙන්න වාසනාව තිබෙන නිසයි (නි)
ඇගේ යටිහිතෙන් පෙනෙන්නේ සැමියකු නැතිවීම බිරියකට දුකක් බවයි. ඇය සැබවින්ම ඔහු අමතක කර ඇත්නම් කැසට් දාන්නවත් නටන්නවත් ඕනෑ නැහැ. ඇයට ඉක්මනින් හොඳ සහකරුවකු ලැබේවා යන්න මගේ පැතුමයි. (නි)
අත්තෙන් අත්තට පනින කුරුල්ලට මොකද වුණේ? අන්න ඒ වාගේ දෙයක් තමා අන්තිමට ඔය මනුස්සයට වෙන්නේ. (නි)
"කැසට් සරණම් නටාමි" කිවුවලු (නි)
මෙන්න නියම ගැහැණු! (නි)
තහනම් ගහේ මුලින්ම ගෙඩි කෑවේ මේ ලෝකයේ බිහිවූ පළමු කාන්තාව සහ පුරුෂයාලු නේද? (නි)