(අනුරාධපුර රෝහණ චන්ද්‍රදාස)
ඔහු ගම්මුලාදෑනියෙකි. ගමේ විවාහක කාන්තාවකට ඇලූම්කළ හේ ඇගේ සැමියා නිවෙසින් බැහැරවන අවස්ථාවන් බලා නිවෙසට ගොඩ වී ඇය සමඟ කතා බහ කරන්නට පුරුදු වී සිටියේය.
කාන්තාවගේ නිවෙසට නිතර නිතර යාම් ඊම් ගැන ගම්මුලාදෑනියාට එරෙහිව කටකතා පැතිරෙන්නට විය. එහෙත් ඔහු ඒ කටකතා මායිම් කළේ නැත. ඔහුට අවශ්‍ය වූයේ කෙසේ හෝ ඇය වසඟ කරගැනීමය.
ඒ සඳහා ඔහු නොයකුත් උපක‍්‍රම යෙදුවේය. වැඩි දවසක් නොයාම ඒ කාන්තාව ගම්මුලාදෑනියාට අවනත වූවාය.
සැමියා නිවෙසින් බැහැර යනවිට ගම්මුලාදෑනියාට ඒ වග දැනගන්නට ලැබුණු සැණින් ඔහු කාන්තාවගේ නිවෙසට යයි. මේ ඇසුර ගැන සැමියාටද කනින් කොනින් අසන්නට ලැබිණි.
දිනක් සැමියා රැුකියාවට යන බව පවසා නිවෙසින් පිට වී ගියේය. දුර බැහැරක සේවය කරන නිසා සැමියා ආපසු නිවෙසට පැමිණීම ප‍්‍රමාදවන බව දැනගත් කාන්තාව ගම්මුලාදෑනියාට පණිවිඩයක් දුන්නාය.
රැ බෝ වීමත් සමඟ ගම්මුලාදෑනියා කාන්තාව සොයා ආවේය. වැඩි වේලාවක් ගතවූයේ නැත. රැුකියාවට ගිය සැමියා හදිසියේම නිවෙසට ආවේය. හොරේ ඔහුගේ අතටම අසුවිය.
සැමියා පසුදින පොලිසියට පැමිණිල්ලක් කළේය. ගම්මුලාදෑනියාත් කාන්තාවත් පොලිසියට පැමිණියහ. ස්ථානාධිපතිවරයා ගම්මුලාදෑනියාගෙන් ප‍්‍රශ්න කළේය.
ඇයි තමුන් ඊයේ ? ඒ ගෙදරට ගියේ?
‘මෙයා තමයි මට එන්න කීවේ. ඒ නිසා මං ගියා.’ ගම්මුලාදෑනියා කීය.
‘නෑ.. නෑ.. සර් මං එන්න කීවේ නෑ’ කාන්තාව කීවාය.
‘ඇයි තමුන් බොරු කියන්නෙ. මේකෙන් තමුන්ගේ රස්සාවටත් ප‍්‍රශ්නයක් වෙනවා.’ පොලිස් නිලධාරියා ගම්මුලාදෑනියාට කීය. ගම්මුලාදෑනියාට රැුකියාව අහිමිවෙතැයි කාන්තාව මේ අවස්ථාවේ කනගාටුවට පත්වූවාය.
‘සර්.. මේ මහත්තයට ගෙදර එන්න කීවෙ මම තමයි සර්.’ ඇය පොලිස් නිලධාරියාට කීය.
පොලිස් නිලධාරියාට කාරණය වැටහීම නිසා දෙදෙනාටම දැඩි ලෙස අවවාද කර සැමියාටද ඒ වග වටහා දී ඔවුන් පිටත්කර යැවීමට පියවර ගැනිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයා, සිල් ගැනිල්ල කෙසේ වෙතත් සීල් ගන්න පිරිමි හින්දා තමයි ගැහැණු බොහෝවිට වරදේ බැදෙන්නේ.(හේ)
මම මේ පුවත් තීරයේ සරසි නමින් අවුරුදු 2ක් සිට ලියන්නේ. ඉහත සඳහන් වෙන්නේ මගේ අදහසක් නෙවෙයි. (දී)
සරත් අත්පොලසන් දෙන්නේ තනි අතින් වෙන්න ඇති. (දී)
අපේ ගමේත් ඔය වගේ ග්‍රාම සේවක කෙනෙක් ඉන්නවා. (ර)
"අවසර රහස් තැන පිරිමි කවුරුද වරදේ නොබැඳෙන " කියල ඔය කවියේ ඉතුරු පදයත් රාහුල හාමුදුරුවෝ කියල තියෙනවා .ඒත් කවුරුත් උලුප්පලා පෙන්නන්නේ ගැහැනුන්ට කියපු ටික විතරයි (නදී)
ඒ අදහස දාපු සරසි අවුරුදු 4කටත් වැඩි කාලයක් මේ තීරුවට අදහස් දාන කෙනෙක්. ඔයා අවරුදු 2ක ඉදලා අාපු අලුත් කෙනෙක්නෙ (නදී)
අයියෝ ඇසිලින් නෝනා ඔයා මොකටද ඔය ගැන කියන්නේ. ඔහොම ගියොත් නම් බලලා විතරක් නෙවේ මීයාත් එලියට පනීවි. (නදී)
හාහා බලාගෙනයි....(අ)
සමහරු මොකද මේ තනි අතින් අත්පුඩි ගහන්න පුළුවන් කියලා කියන්නේ? (නි)
මට දුක සැමියා ගැන. මේ ගැහැණිය නැවත ගන්න කැමතිවුණ එකට (නි)
වරද මොකක්ද අක්කේ...මට නම් මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ. (දී)
සරත්, වරදේ බැදෙන්නේ ගැහැනුන් විතරද? එතකොට ගැහැනු වරදේ බැදෙන්නේ තනියෙම වෙන්න ඇති නේද? අනේ පව්.. (දී)
නිකම් බොරු කියන්න එපා පරණ සරසි . ඔයා මේ තීරයේ අවුරුදු හතරක ඉඳන් ලියනවා ලු මම නම් එච්චර පරණ සරසි කෙනෙක් මෙතන දැකල නැහැ. අපිත් සෑහෙන කල් මෙතන ලියනවා. (බ)
පුරාණ සරසිගේ ගැහැණු පිරිමි පිලිබඳ අදහස් නම් මල් හතයි ! (නදී)
තනි කකුලෙන් උඩ පනින්න දන්නා අය ඉන්න එකේ තනි අතින් අත්පුඩි ගහන්න බැරිද? (නි)
එක් අයෙක් වරදක් කළාට සියළුම ගම්මුලාදෑනියෝ වරදකරුවෝ නොවෙති. එක හෝ ගම්මුලාදෑනියෙක් ඇති මේ වැරදි වලින් මිදුණු. (නි)
ගැහැණුත් හරියට හිටියා නම් පිරිමි බලෙන් එන්නේ නැහැ. මොකද හොඳ කෙනෙක්ට පිරිමි 100 ක් එක උනත් තනියම ඉන්න පුළුවන් නේද යාලුවනේ (නදී)
තනි අතින් අත්පුඩි ගහන්න බැරි බව මේ කතාවෙන් මොනවට ඔප්පු වෙනවනේ.(නදී)
පිරිමි කොහොම හිටියත් වැඩිපුරම ගැහැණු අය තමයි වරදට පොලබ ගන්නේ. (ර)
ශිරන්ති , තව කවියක් තියෙනවා අවසාන පදය "සිටිත් අඟනෝ .........වීමෙන් " කියලා. (ස්ත්‍රීන් තෘප්තියට පත්නොවන කාරනා තුනක් ) (නදී)
ඔය බොරු ඔහොම සම්බන්දෙ නතර වෙනවා නම් මොනවා කරන්න බැරිද ? (නදී)
"සියලු වනයන් දැවයෙන් සැදී ඇත, සියලු ගංගාවෝ වක්ව ගමන් කරති, සියලු කාන්තාවෝ වරදෙහි බැඳෙති" (නි)
අර පැරණි කවියක් තියෙන්නේ ගැහැණු කවුරුද වරදේ නොබැඳෙන කියලා.දැන් ගම්මුලාදෑනීලා නෙමෙයිනේ ඉන්නේ, ග්‍රාමසේවක නිලධාරිලානේ (නි)
ඉතින් ඊටපස්සේ සම්බන්ධය නැවතුනාද? (නි)
අනේ මටත් ගම්මුලාදෑනියෙක් වෙන්න ආසයි. (නි)
ගැහැණු විතරද සරත් වරදේ බැඳෙන්නේ? එතකොට පිරිමි සිල් අරන්ද ඉන්නේ?මේ ගම්මුලාදෑනියාව හොයාගෙන කාන්තාව ගියාද? නැත්නම් එයා මේ ගෙදරට ආවද? බොක්කේ දඩමස් තියාගෙන බුදුරැස් විහිදුවන්න හදන්න එපා. (නි)
සදුනි කලබල වෙලානේ. (ස)
එතකොට සැමියයි බිරිදයි නැවත සාමදානයෙන් ජීවත් වෙනවද ? අයියෝ මෙහෙමත් ෆොන්සියානු මිනිස්සු.(නදී)
තිරිසන් සතුන් හැකි තැන වරදෙහි බැදුණි. එනමුදු දමන කල සිත මිනිසාට ලැබුණි. ඒ මනුගුන නසා වරදට පෙළඹ වුනි. 'පිරිමි'ද 'ගැහැණිය'ද නොව එය තිරිසන් කම 'සදුනි' (නදී)
ඇයි සදුනිට හිත රිදුණේ (දිල්)
"අවසර රහස් තැන, වරදේ නොබැඳෙන ගැහැණු කවරහුද?" (නි)
සඳුනි .... ඔයා ලෝකය ගැන තවම දන්නේ නැති හැඩයි ... පිරිමි අවස්තවාදියෝ කියන එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ ... ඒක මුළු ලෝකයම දන්න පරම සත්‍යයක් .. ඒත් ගැහැණු එහෙම නැහැ කියලයි පිරිමි හිතාගෙන ඉන්නේ.(නදී)
පොලිස් සේවකයින්ට "සර්" කියන්නේ ඇයි?(නදී)
සදුනි, ඔයා ගැන කතා කරලා වැඩක් නැහැ. ගැහැණු කවුරුද වරදේ නොබැදෙන. බැදෙන්නේ මොකා එක්කද? ඒ කතාවෙන් කියන්නේ පිරිමි එහෙම කලාට කමක් නැහැ ගැහැණු පතිවත රැකිය යුතුයි කියලයි. [මම ප්‍රාර්ථනා කරනවා මේ පවුලේ සමගිය සුරකේවා. කාන්තාව නැවත මෙවැනි තකතීරු වැඩ නොකරත්වා කියලා. (නදී)
මේ කතාව පුරාන උපමා කතාවක මම කියෙව්වා. "ඉස්සර කාලේ හිටිය ගම් මුලාදැනියෙක් පුරුෂයා නැති වෙලාවට එයාගෙම වැයික්කියේ ගෙදරකට යන්න පුරුදු වෙලා සිටියා ලු . දවසල් එහෙම ඉන්න කොට හදිසියේම ගෙදර පුරුෂයා එනවා දුර තියා දැක්ක බිරිඳ ගම් මුලදැනියා ඇඳ යටට රිංගවලා හිටියාලු . පුරුෂයා කොහොම හරි මේක දැකලා ඇඳ යටට එබිලා "මොකද රාලහාමි ඇඳ යට"? කියලා ඇහුවලු. එතකොට මුලාදනිය කිව්වලු හහ්! මගේ වැයික්කියේ ඕන තැනක මට ඉන්න පුළුවන්" කිව්වලු. (දී)
හානේ පිටිගල රාළහාමි...අපේ කතාව නොදනිම බලල මල්ලෙන් එලියට ආව නේ (දී)
සාරත් මහත්තයෝ, ඔයාගේ කීමෙන් අපිට ගොඩක් දේවල් හිතාගන්න පුළුවන්.ඔයාගේ අම්ම ගැනත් , බිරිද ගැනත් සහෝදරියන් ගැනත්. ඉතින් එහෙම පවුලකින් එන ඔයා ගැන තවත් කවර කතාද කිව්වලු! (ස)
සඳුනි, කුමාරි පිරිමින් වරදේ බැඳෙන්නේ ගැහැණු අයගෙන් ලැබෙන අනුමැතිය නිසා නේද ? ගැහැණු නම්බුකාර විදියට හිටියොත් පිරිමින්ට සිල් ගන්න විතරක් නෙවෙයි රහත් වෙන්නත් පුළුවන්. අවර ලත් තැනක් වරදේ නොබැඳෙන ගැහැණු කවුරුද ? (නදී)
අනේ මටත් ගම්මුලා දෑනියෙක් වෙන්න ආසයි (නදී)
ගැහැණු මෙවන් තත්වෙට පත්වීමට පිරිමි 90%ක් වගකිව යුතු වන අතර 100% ක් නිවැරදි පිරිමි හිටියත් වරදේ බැදෙන 10%ක් ගැහැණු ඉන්නවා. (ර)