රජයේ කාර්යාලයක දිගු කලක් සේවය කළ ඔහු විශ‍්‍රාම යෑමට ආසන්නව සිටියේය. ඔහුගේ සේවා කාලය හා වැටුප් අඩුවීමක් පිළිබඳව කාර්යාලයේ ඉහළ නිලධාරීන්ට විටින්විට දැනුම් දුන්න ද සාධාරණය ඉටු නොවීම පිළිබඳව ඔහුගේ සිතට නිතර වද දුන්නේය.
මේ ගැටලූව පිළිබඳ ඔහු මිතුරන්ට කීය. මිතුරන් පැවසුවේ අමාත්‍යාංශයට මේ පිළිබඳ දන්වන ලෙසය. ඉතා ආමරුවෙන් සොයාගත් දුරකතන අංකයට තම අසාධාරණය පිළිබඳ කියනතුරු ඔහුට ඉස්පාසුවක් නැතිවිය. පසුදා උදෑසන 9ට ඔහු මිතුරකු මාර්ගයෙන් සොයාගත් දුරකතන අංකයට ඇමතුමක් ගත්තේය. ”ආයුබෝවන් අධ්‍යක්ෂතුමනි. මට ලොකු අසාධාරණයක් වෙලා....”
ඔහු තමාට වූ අසාධාරණය පිළිබඳ සංඛ්‍යාලේඛන සහිතව විනාඩි 30කට ආසන්න කාලයක් විස්තර කළේය. ”සර් මේක ඉටුකරල දෙන්න’’ ඔහු කීය. ”මට මේකට විසඳුමක් දෙන්න අමාරුයි. මට තේරනවා ඔයාට... සිදුවෙලා තියෙන අසාධාරණය ගැන...” අමුත්තා කීවේය. සේවකයාගේ රතු ඉර පැන්නේය.
”මොකද මහත්තයෝ මේකට විසඳුමක් දෙන්න බැරි” ඔහු මහ හඬින් ඇසුවේය. ”කනගාටුයි... මම ඒ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක නෙවේ. ඔයාට අංකය වැරදිලා....” ”කලින් නොකීවේ?” ”කියන්න ඔයා ඉඩක් දුන්නේ නැති නිසා” ඔහුගේ කෝපය දෙගුණ තෙගුණ වූ නිසා ඔහු රිසිවරය හඬනගා තැබුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වෙලාවට මෙයා කාන්තාවක් නොවුනේ.නැත්නම් පැය භාගයකට නෙවෙයි පැය ගාණකට කතාව නවත්තන්නෙ නෑ.(ම)
ගොඩක් මිනිස්සු සිහියෙන් නෙමෙයි ඉන්නේ, මනසින් මවන මායාවක පැටලිලා. පට්ට මෝඩ වැඩ කරලා පස්සේ සදාරණය හොයනවා. (හේ)
මෙන්න කෙනෙක් මගේ නමින් අදහසක් දාල , අයියෝ ලැජ්ජයි නේද අනුන්ගේ නමින් අදහස් දාන්නේ ? (ර)
හිතේ තිබුන කලබලයටත්.හදිසිසිය නිසාත් ,සමහරවිට නොම්බරය වැරදියට ඩයල් කරන්න ඇති...(ම)
ජයාලා අපි ඉතාම හොදින් සේවය කරන අය. අසාදාරන උන ගොඩක් දෙනෙක්ට අපි මැදිහත් වෙලා සාදාරනය ඉටු කර දුන්නා. අවන්කව රාජකාරි කල හින්දා අපේ දරුවන්ටත් වැරදිලා නෑ. (ර)
""රන් හිරු මඩලින් සිහිලස අයදිනවා පුන් සඳ පහනින් උණුසුම අයදිනවා ලෝකය බිහි වූ දා සිට අරුමෙකි මිනිසා ගිරි හිස ඉඳුවර සොයමින් ලතැවෙනවා"" (ම)
ජයා,කව්රු හරි අපි මෙතන අදහස් දක්වනවාට කැමති නැහැ වාගේයි...වැල්ලම්පිටිය ශාන්ත සෙනෙවිරත්න මහතාගේ කතාවකට මගේ නමින් කව්රු හරි මගේ නොවන අදහසක් පල කරලා තිබුනා.ඔවුන්ගේ යටි අරමුණ වන්නේ මේවා බලන අපේ දයාබර පාඨකයන්ගේ අප්‍රසාදයට අපව බඳුන් කිරීම බව මනාව වැටහෙයි...මෙතන ඔළුව ගහගෙන අදහස් පල කරන එකත් ලේසි පාසු වැඩක් නොවන හැඩයි....ඔන්න අපේ අයගේ හැදියාව. (අ)
ඔයිට වැඩිය ලැජ්ජයි ජයා , ඔබතුමා ලියන හැම අදහසේම අහළ පහළින් යන මහිලාවනුත් අල්ලාගෙන කොකු දාගන්න යන හැටි. (නි)
ඒකත් නියම වැඩේ තමයි (නි)
නහයෙන් අඬ අඬා බවලතුන්ගේ වැරදි හොය හොයා පිටුපසින් යන එක, ඊටවැඩිය ලැජ්ජයි ජයා. (නි)
අනේ හැබැටම පිටබැද්දර ජයාට වෙච්ච වින්නැහියක තරම!!! අන්තිමට අර කාටද වෙච්ච වැඩේ වෙලා (බ)
ඉනෝකා,ජයා,ඔබලාගේ නමින් වෙන කව්රුන් හෝ අදහස් පළකරන්නේ නම් ඔවුන් ඔවුන්ගැනම ලජ්ජා වියයුතු වෙනවා.දෙය්යෝ සාක්කි තීරය බොහෝ දෙනා බලන ඉතා ජනප්‍රිය තීරුවකි. එයිනුත් ජයාගේ කොමන්ටු වලින් අප සැම ලබන්නේ හාස්‍යජනක සතුටකි. මේ සෙල්ලම මීට කලිනුත් සිදු වී ඇති බව මතක් කරනු කැමැත්තෙමි. (ර)
ඇත්තම දේ නම් අද ඔය රාජකාරි කරන අය කවදාවත්ම විශ්‍රාම යන්නේ නැහැ කියලා හිතාගෙන වැඩකරන එකයි. ඒ අය විශ්‍රාම ගියදාට ඔය වගේ දෙයක් වුණොත් එදාට දැනේවි අනේ ඒ කාලේ මමත් ඕවා ගණන් ගත්තේ නැහැනේ කියලා (නි)