මළගෙදරකි. රෑ දෙගොඩහරියේ මළ ගෙදර පිටුපස ඇති හරක් ගාල පැත්තේ මහත් කලබැගෑනියකි. ඔහේ..... හිටපියව්..... තොපි දුවලා බේරෙන්නද හදන්නේ.....? ඒවා කොහෙද මාත් එක්ක.... කුදලලා තමයි අරන් යන්නේ. මළ ගෙදර සිටි සියල්ලන්ගේම පාහේ නෙත් සිත් ඒ දෙසට යොමු වුණි. ක්‍ෂණිකව වගේ පොලිස් ජීප් රථයක් මළ ගෙදර ඉදිරිපිට නවත්වනු ලැබීය. සාජන් මුං ඔක්කොම දානවා ජීප් එකට. ඒ ඕඅයිසී මහත්තයාගේ නියෝගයකි. සුදු පාට බූලියක් ද අතැතිව ඕඅයිසී මහත්තයා කෙනකුගේ බෙල්ල ළඟින් අල්ලා ගෙන ජීප් රථය අසලට පැමිණියේය. ඈ..... යකෝ..... මළ ගෙවල්වලට එන්නේ කනමදය වගේ බොන්නද? නැත්නම් දුක බෙදා හදා ගන්න දැයි බෙල්ලෙන් අල්ලා ගෙන සිටි පුද්ගලයාගෙන් ඕඅයිසී මහත්තයා ඇසුවේය. දුක බෙදා හදා ගන්න තමයි සෑර්..... ඒ වුණාට අමුවෙන්ම ඒක කරන්න බැරි නිසා තමයි ඉස්සෙල්ලා කසිප්පු ටිකකින් වැඬේ පටන් ගත්තේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම ලොක්කම පාට් දාන්නෙ පොඩි මිනිහට තමයි.(ස)
අනේ අනේ, ලොකු ලොකු ගස් පේන්න තියෙන කොට මේ පොලිසියත් යන්නෙම තණකොළ පස්සේනේ. (නි)
යුතුකම් දන්නා මිනිස්සු (දී)
‘මැරිච්ච මිනිහගේ ආත්මෙටවත් සැනසිල්ලේ ඉන්න දෙන්නෙ නැති හැටි.. අනේ අනිච්චන්.‘ (ත)
බීලා කරන දේවල් ඔක්කොම බොරු. (නි)
පොලිසියටත් අල්ලන්න පුලුවන් ඉතිං මෙහෙම දේවල් තමයි. (නි)
මොන විකාරද මේ? (ත)
විනෝදය නැති කළ එක නම් නරකයි. (නි)
අපරාදේ. නොමිළේ බොන්න තිබුණු කසිප්පු ටික. (නි)
මොනවා කිව්වත් ඒකත් යැරදි වැඩක් තමයි.(නදී)
කොහොමත් ඉතිං මළ ගෙදර තනි රකින්න නම් කසිප්පු ටිකක් නැතුව බැහැ. (නි)
මගේ මරණෙට කිසිම කෙනෙකුට බොන්න දෙන්නෙ නැහැ. බීල එන්න දෙන්නෙත් නැහැ.පිස්සු නටන්නේ නැතිව හොඳට කාල ගියාම ඇති. (නි)
ඔය කියන ස්ථානයේ විස්කි බිවුවා නම් අල්ලයිද? (නි)
නියම යාළුවො නේද
ඕකට අමතරව තව බූරු කුට්ටමකුයි, හිස් අරක්කු බෝතලයකුයි තිබුණනම් හොඳට දුක බෙදාගන්න පුළුවන් .. (ස)
OIC මහත්තයෝ, පුළුවන්නම් අල්ලන්නකෝ කුඩු බිස්නස් කරන ලොක්කො.?මේක කවුද පොලීසියට කිව්වේ..ඔවා පොඩි දේවල් මෙවැනි තැන්වල ..නිදිවරාගෙන ඉන්න අයට පහසුයි..(ස)
මේක කවුද පොලීසියට කිව්වේ..ඔවා පොඩි දේවල් මෙවැනි තැන්වල ..නිදිවරාගෙන ඉන්න අයට පහසුයි...(ස)
මමනම් හරිම කැමතියි බොනතැන්වලට ගිහින් නොබී ඉන්න...මම කොහොමත් බොන්නේ නෑ......එතකොට මට නිකම්ම එතන වීරයා වෙන්න පුළුවන්නේ..(ස)
තිලක් මහත්තයත් ගෙදරට විතරයි වෙන්න ඇති බොන්නෙ නැත්තෙ.. (ස)
අපි නම් පාටියකට ගියහම හොදට කනවා බොනවා (නි)
සෑහෙන්න බොන්න ඕනෑ ප්‍රශ්නයක්නේ. (නි)
මගේ අම්මගේ මරණෙට කිසිම කෙනෙකුට බීල එන්න එපා කියල අකුරටම ක්‍රියාත්මක කලා. පුතාගේ මගුලගෙදරට බොන්න දුන්නෙත් නෑ. බීල එන්න දුන්නෙත් නෑ. හරිම සාර්ථකයි. හොඳටම බොන බේබද්දෝ පිස්සු නටන්නේ නැතිව හොඳට කාල ගියා. බිරියන් ළමයින් හරියට සතුටු උනා. කව්රුත් බැන්නෙත් නෑ බැන්නට මම වෙනස් වෙන්නෙත් නෑ. මගේ ගෙදර කිසිම දෙකට මත්පැන් නෑ. නිර්භීත වන්න. වැරදි දේවල් නොබියව විවේචනය කරන්න. (අ)
අපේ අය මිණිය දින 3,4 ක් කුණු වෙනකම් ගෙදර තියාගන්න හේතුව තමයි මේ.(ස)
OIC මහත්තයෝ, පුළුවන්නම් අල්ලන්නකෝ කුඩු බිස්නස් කරන ලොක්කො.?(ස)
අයියෝ මේකට දෙයියෝ සාක්කි කියන්න බෑනේ.. (ස)
හැම මලගෙදරකම වෙන සාමානන්‍ය දෙයක්... (ස)
අයියෝ සල්ලී... (ස)
හැම මලගෙදරකම මේ වගේ දේවල් වෙනවා , ඒක ස්වාභාවිකයි... (ස)