අවුරුදු 16 මාස 08 තරුණියක රවටා අවුරුදු එක හමාරක කාලයක් තිස්සේ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය 19 හැවිරිදි තරුණයකු මාස එක හමාරක් පවත්වාගෙන ගිය ප්‍රේම සම්බන්ධයකින් හඳුනාගත් 19 හැවිරිදි තරුණියක් සමග පලා ගොස් දීග කෑමේ පුවතක් කොට්ටාව පොලිසියෙන් වාර්තා වේ.
සිද්ධිය සැකවින් මෙසේය. කොට්ටාව ප්‍රදේශයේ වෙළෙඳාමක් කළ 19 හැවිරිදි තරුණයා ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවියක සමග ප්‍රේමසබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇත්තේ දෙපාර්ශ්වයේම කැමැත්ත ඇතිවය. තරුණියට වයස 18 සම්පූර්ණ වූ විගස විවාහ ගිවිස ගන්නා බව පවසමින් පෙම් වතියගේ නිවසට නිතර යමින් එමින් සිට ඇති තරුණයා එම නිවෙසට යාබදව පිහිටි ආයතනයක සේවය කළ 19 හැවිරිදි තරුණියක් සමගද පෙම් සබඳතාවක් ඇතිකරගෙන ඇත. එයට මාස එක හමාරකි.
මේ අතර ඉකුත් දිනෙක මේ තරුණයා මුල් පෙම්වතියට නිවෙසට යාබද ස්ථානයකට පැමිණෙන ලෙස දන්වා ඇය සමග මුල් වරට අඹු සැමියන් ලෙස ගත කළ බවද පොලිස් පොතේ සඳහන්ව ඇත.
ඉන් දින කීපයකට පසු දිනෙක මේ තරුණයා නව පෙම්වතිය රැගෙන තම ගම් ප්‍රදේශයේ නිවෙසට ගොස් ඇත. මේ බව දැනගත් මුල් පෙම්වතිය සහ ඥාතීන් තරුණයා සොයා ඔහුගේ නිවෙසට ගොස් කතා බහ කොට ප්‍රශ්නය විසඳා ගැනීමට නොහැකි වූ තැන එම ප්‍රදේශයේ පොලිසිය මාර්ගයෙන් ඔවුන් කොට්ටාව පොලිසියට ගෙන්වාගෙන ඇත.
එහිදී කතාන්තරයේ සුලමුල අනාවරණය කර ගැනීමට හැකිවිය.
ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය කරගත් කරුණු අනුව පාර්ශ්ව තුනටම සාධාරණය ඉටු කිරීමට පොලිසියට නොහැකි විය.
ඒ සඳහා අධිකරණයේ පිහිට පැතීමට සැමට සිදුවිය.
(මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද කාලේ බොහෝ තරුණ තරුණියන්ගේ තත්වය මෙයම තමා. දියණියක් සිටින මාත් දැන් කල්ගෙවන්නේ දෙගිඩියාවෙන් (නි)
මට නම් මෙතන පොලිසියට යන්න අවශ්‍යතාවයක් පෙනෙන්නේ නැහැ. ප්‍රේම සම්බන්ධතාවයක් තිබිලා ඒක නැතිවෙලා ගිහින්. පොලිසියට යන්න තරම් දෙයක්ද. පෙම්වතා හරිද වැරදිද කියන එක වෙනම කතාවක්. ඒවා පෞද්ගලික ප්‍රශ්න. (නි)
මම නම් වරදක් දකින්නේ නැහැ පිරිමි ළමයාට කෙල්ලෝ දෙන්නම බැඳලා දුන්නා නම් ඕක ඉවරයි. (අ)
තරුණ ළමුන් නිදහසේ කතාකරන එකත් වපර ඇසින් බලන සමාජයක් තුල සිදුවන්නේ ඔවැනි දේවල් තමයි. (හේ)
අපේ කාලේ වගේ නෙවේ දැන් ලෝකය ගොඩක් ඉස්සරහට ගිහින්. දියණියකට තහංචි දමන්න මව්පියන් බයයි. නිදහස දෙනවා. සමාජය ගොඩක්සංකීර්ණයි. දරුවන්ට අවබෝධ කරදීම පමණයි කළ හැක්කේ. රුපගේ දරුවෝ පොඩි නිසයි ඔහොම හිතෙන්නේ. (බ)
කරුණාරත්න, ඔබ ගොඩක් දුරට හරි. මම සම්පූර්ණයෙන්ම ලිපිය කියවා තිබුනේ නැහැ. (නි)
ඇමෙරිකාවට නම් ඕවා සාමාන්‍ය දේවල්. එ්ත් අපේ සංස්කෘතිය හුඟක් ඉහළයි නේද. (නි)
සිදුවූ වැරැද්ද දැන් නිවැරදි කරන්න බැහැ. ඒ ළමයා පාසල් ගිහින් හොඳට ඉගෙනගන්න ඕනෑ. පසුගිය අමිහිරි අතීතය සිහි නොකර ජීවිතය යහපත් කරගන්න අද සිටම සිතට ගන්න. ඔබ දිනුම්. අද සමාජයේ ඕවා සාමාන්‍ය දෙයක්. (නි)
අබේරත්න මම ඔබව කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ.( මට සහෝදරියන් නැහැ.) අවුරුදු 16 කියන්නේ ළමයි. තිරිසන් වැඩය යනුවෙන් අදහස්කලේ විවාහ නොවී 16 දැරිවිය සමග අඹු සැමි හැසිරීම. (හේ)
එ්කටත් ආණ්ඩුවට බැනලා. මෝඩකමේ මහත! (නි)
මම නම් කියන්නේ මෙතන ලාබාල පාසල් දැරියගේත් වැරැද්දක් තිබෙනවා. අපිත් වයස දහසයේ හිටියා. පුද්ගලික ජිවිතයේ සීමාව දැනගෙන වැඩ කරන්න දන්නේ නැද්ද? නෝනා කෙනෙක් වෙන්න කලින් නෝනලා කරන වැඩ කරන්න ගිහින් අමාරුවේ වැටෙන බව තේරුම් ගන්න බැරිද? මේ දෙමව්පියනුත් ඇස් කන් පියාගෙන, වෙන්න බෑණාට දුව භාරදීලා බලා ඉඳලාද කොහෙද. මේ තරුණයාට විතරක් දොස් කියලා වැඩක් නැහැ. මෙතන බලහත්කාරකමක් වෙලා නැහැනේ. දෙමව්පියනුත් පහසුකම් සපයලා වගේ පේන්නේ. (නි)
ඕක තනිකරම යහපාලන ආණ්ඩුවේ වරද. රජයක් විදිහට ළමුන්ට ආදරය කරන්න ඉඩ සැළසීම වරදක්. අපේ උතුම් සංස්කෘතියට හානි වන මෙවැනි දේ වහාම නතර කරන්න රජය පියවර ගතයුතුයි. එහෙම නේද රූපවතී?
කොහොමත් අද කාලේ ගොඩක් දේවල් ක්ෂණිකයිනේ (නි)
මමනම් සම්පුර්ණ ඇගිල්ල දික්කරන්නේ අර 16 ගැහැනු ලමයාගේ ..දෙමාපියන්ට ..? ලාබාල තමන්ගේ දරුවාව තම දෑස් ඉදිරිපිට ගැටවරයකුවත් ගෙදරටම ගෙන්වාගෙන බාරදීල හිටියේ ..වක්කඩේ ලුනු හැංගුවා වගේ .? වැස්සකටවත් ඉස්කෝලෙකට ගිහින් නොතිබුනාද ? (බ)
මෙතනදී තරුණයා තිරිසන් වැඩක් කරලා නැහැ... විවාහය කියන්නේ නීතියෙන් බැඳුනු දෙයක් ... ආදරය කියන්නේ නීතිය නොවේ.... ඒකයි වෙනස... ආදරයට දවසද ,මිනිත්තුවද, තත්පරයද, අවුරුද්දද, අවුරුදු දහයද යනාදී වශයෙන් ගණනය කළ නොහැකියි . තමාට නොගැලපෙන දෙයක් ඇත්නම් නීතියෙන් බැඳිලා නැත්නම් අත හැරීමේ අයිතියක් ඕනෑම කෙනෙකුට තියෙනවා.....මේ අවස්ථාවේදී මම කාගේවත් වරදක් දකින්නේ නැහැ....(බ)
සරසි, හැමෝම වැරදියි. නමුත් පිරිමියෙක් හැටියට මම කියන්නේ තරුණයා තිරිසනෙක්. නීතියේ හැටියටත් වැරදියි. ඒ කාලේ 16 ළමයි නොවෙයි දැන් ඉන්නේ. අපි 20 දී දැකපුවා දැන් 13-14 වෙනකොට කරන්න පටන්ගන්නවා. 19 තරුණියටත් කවදාහරි ඔය ටිකම තමයි වෙන්නේ (නි)
හිත ගිය තැන මාළිගාව! (නි)
අපේ රටේ පමණක් අභාග්‍යයකට මෙන් පුරවැසියාට, දෙමව්පියන්ට, ශිෂ්‍යයාට, පාලකයාට තමාගේ සීමාව පෙනෙන්න තරම් හැදියාවක් නැත. පත්තර බලන ඔබට මෙය පෙනෙනවා ඇති. එවන් රටක මෙවැනි දේවල් හැරෙන්න වෙන කුමක් අසන්නද? (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
බිඳෙන භාජනයක් අතේ තියෙන කෙනා පරෙස්සමට ගමන් කරන්න දැනගන්න ඕනෑ. දුවන්න ගත්තොත් ඉතින් සුනේ සුන්! අද වෙලා තියෙන්නේ යම්තම් අැටෙන් පොතෙන් එළියට එනකොටම ඔක්කොම ලෑස්ති කරගෙන ඉවරයි. ඉතින් හැදූ වැඩූ මවු දෙමවුපියන්ටත් නිදහසක් නැහැ (නි)