මේ එක් එක් කෙනා විවිධ නම්වලින් හඳුන්වන ගමකි. ඇතැමුන් ගෞරවය පිණිසත් ඇතැමුන් පෞරාණිකත්වය උදෙසාත් හඳුන්වන ගමේ නම සේම ගොවිතැන් බතින්ද පිරිපුන් ප‍්‍රදේශයකි.
කුඹුරේ වැටට සිටවූ පැල ඉනි පවා එළවළු භෝග වැල් වලින් පිරෙද්දී ඒ පැත්තේ එක් අයකුගේ භෝග මදක් නිසරු බවින් යුතු විය.
එය ඔහුට මහත් සිත්තැවුලකි. කියූ කියූ තැන් වලින් උපෙදස් ප‍්‍රතිකාර ලබා භාගයක් පමණ සාර්ථකත්වයක් ලැබුවද දන්නා කියන ක‍්‍රමයට හිටවූ දොඩම් ගස්වල ගෙඩි හට නොගත්තේය.
කල වයසත් හරිය ගෙඩි එනවා නම් ගසේ අතු බරවීමට තරම් මේ වනවිට ගෙඩි හටගෙන තිබිය යුතුය.මෙසේ කනස්සල්ලෙන් පසුවෙද්දී දිනක් උදෑසන අසල්වැසියකුගෙන් කෙම් උපදේශයක් ලැබුණි.
වැසි ඇති දිනක රාත‍්‍රියක කතා නොකර නිරුවතින් ගොස් මෝල් ගසකින් ගසට පහර දෙන්න හරියටම හරි.පැරැන්නකුගේ එම අදහස ඉසමුදුනින් පිළිගත් නූතනයේ පසුවන මොහු වැසි ඇති රාත‍්‍රියක් උදාවෙනතුරු බලා සිටියේය.
”අද සන්ධ්‍යා කාලයේ හෝ රාති‍්‍ර කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉඩ තිබේ”
උදෑසන ගුවන් විදුලියේ එසේ ඇසුණු කාලගුණ වාර්තාව ඔහුට සතුට ගෙන දෙන්නක් විය.
රාත‍්‍රිය ළංවෙද්දීම වැසි බීරම ඇතිවී කී සේම ගිගුරුම් සහිත වැසි ඇදහැලෙන්නට විය.
ඒත් සමගම කෙම් පිළිවෙත සිහියට ගත්තේය.
එහෙත් ගැටලූවකි. එදින රාත‍්‍රිය නිවැසියන්ට අමතරව හිතවතුන් පිරිසක් ද පැමිණි දිනයකි.
ඒ එසේ වුවත් කාලයක සිට බලා සිටි කෙම කළ යුතුය.
ඔහු වහා මුළුතැන්ගෙට ගියේය. මෝල් ගස අතට ගත්තේය. එළිමහනේ විදුලි පහන් නිවා දැමුවේය.
ඇඳ සිටි වස්ත‍්‍රය උනා දමා දොර ඇරගෙන එළියට බැස්සේය.
දොඩම් ගස අසලට වේගයෙන් දිව යද්දීම දඩාස් යන හඬක් ඇසුණි. ඒ මුළුතැන්ගෙයි දොර වැසෙන හඬය.
ඒත් සමගම එදෙසින් මෙලෙසද ඇසුණි. කවුද මේ දොරවල් ඇරලා දාලා තියෙන්නේ. සත්තුත් රිංගනවා. මේ වහින වෙලාවේ.
ආ.... වේගයෙන් දොඩම් ගසට පහරදීම කෙසේ වෙතත් ඇඳි වත නොමැතිව කුමක් කරන්නේදැයි ඔහුට සිතාගත නොහැකි විය.
ඒත් සමගම කළුවරේ ඔහුට සොයාගත හැකි වූ යේ ළිඳ අසල වැලක තිබූ බිරිඳගේ චීත්තයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසල්වැසියා කියල ඇත්තේ ලී වලින් හදපු මෝල්ගහක් ගැන නෙමෙයි වෙන්න ඇති (දී)
රූපවති, කෙම කරන්න යනකොට මමත් එන්නම්. (දී)
ජෙෆ් , අපි එසැන පාටකයෝ. තවම පුංචි උන්. අපිට කුණුහරුප කැත කතා කියලා දෙන්න හදන්න එපා. (දී)
කතාවටත් වැඩිය අදහස් වලටයි හිනා ගියේ. හිහි.......... (දී)
මේ වගේ කොමෙන්ට් බලන්න මන් හරි ආසයි (අ)
මේ... මේ.... මේ.... මෝල් ගසේත් ....දොඩම් ගෙඩි ඇතේ.(නදී)
අලුත් 'නීල පට දර්ශනයක්' බිහිකරන්න තිබුන එයාට. දන්නව නේද කතාව. බොහොම ඉස්සර කාලේ හිටපු එක්තරා හොර චීවර ධාරියෙක් මහා රෑ අනියම් උපාසිකවකගේ ගෙදරට ගියා . ගෙහිමියා ගමනක් ගිහින් ඉඳලා රෑ මැද ආපහු ඇවිත් දොරට තට්ටු කරනකොට මිනිහා පස්සා දොරෙන් පැනලා දිව්වා. ඒ දුවන ගමන්ම රෙදිවල් පොටේ තිබිල අතට අහුවුණ චීත්තෙකුත් ඇඟේ පටලව ගත්ත. ආපහු ගියාම පන්සලේ හිටපු දායකයෙක් ඇහුවා 'මොකද හාමුදුරුවනේ නිල් පාට සිවුරක් දාගෙන' කියලා. "උපාසක මහත්තයෝ මං දැන් අදහන්නේ නීල පට දර්ශනය" කිවුවා. (නි)
රුපවතී, එදාට මටත් ටිකක් කියනවද? මමත් එන්නම් ඔයාගේ පරෙස්සමට. මම බලන්නම් වටපිට කවුරුත් ඉන්නවද කියලා. (නි)
ඔව් ඔව් රූපවති අක්කා, වැහි දින වලට හුගක් කෙම් හරි යනවා.... (නි)
මමත් පිට රටින් ගෙනිහින් දොඩන් ගස් දෙකක් හිටවල තියනවා ... මල් හදුනා කීපවිටක් . එත් ගෙඩි හදුන් නැහැ ...? මේ සැරේ ලංකාවට ගියාම මමත් ඔය කෙම කරලා බලන්න ඕන.. වැහිදිනයක් බලලා ...?(අ)
මක්කෙයි නංගි දොඩන් නැත්තේ ,,,ලබා උපන් හැටි තමා අයියා (අ)
ගස් වලට මොල්ගහකින් හරි මිටියකින් හරි තට්ටු කරන එක කෙමක් වගේම විද්‍යාත්මක සත්‍යක් තියනවා .නමුත් මෙයාගේ ක්‍රමය වෙනස් දැන් මොල්ගහයි මිටියයි දැකල දොඩම් ගහ බය වෙලා බයටම ගෙඩි හැදෙයි .කව්රු හරි කිවොත් දොඩම් ගෙඩි මිරිකුවම ඉක්මනට ලොකු වෙනවා කියල මේයාට වෙන්නේ දොඩම් මිරිකා මිරිකා ඉන්න (අ).
කරුවලේ මේ වැඩ කොරන්න ගිහින් දොඩම් කටුවක් එහෙම නරක තැනක ඇනුනානම්.(නදී)
ඉන්දික ,සුලෝචන, මෝල්ගහක් නිසා මෝල්ලු වගේ ගහගන්න එපා (දී)
දොඩම් නෙමෙයි බේබි නාරන් වෙන්න ඇති හිටවන්න ඇත්තේ (නි)
ඔය ගම පයියාගල නේද ? දැන් පයාගල.(නදී)
"නිර්වස්ත්‍රව ගිහිල්ලා මෝල්ගහෙන් ගහන්න" අනේ අපටත් චාන්ස් එකක් දෙන්නකෝ. (දී)
රුපවති අක්කා මෝල් ගස් කීයකින් ගුටිකාලා තියෙනවද දන්නේ නැහැ? (නි)
තනියමද දන්නෙ නැහැ නේද මෝල්ගහෙන් ගහන්න ගියේ? (නි)
අනේ දන්නෙ නැති දේවල් වලට හොම්බ දාලා පිරිහෙන්නෙ නැතුව ඉන්න සුලෝචන. කොහෙමටත් දකුණෙ අය හොඳට ගෙවිතැන් බත් කරගෙන කාටවත් අතපාන්නේ නැතුව ජීවත් වන අය. ඔයා වගේ නිකමුන් ඒවා දන්නෙ නැතුවට රටේ ඒ ගැන දන්න අය ඉන්නවා. එදා ඉදලම පැරණි ගොවිතැන් ක්‍රමවේද වල ඔය කියන කෙම් ක්‍රම තිබුණා. ඒක දකුණෙ විතරක් නෙවෙයි ගෙවිතැන් කරන සියළු පලාත් වල.(නදී)
නිර්වස්ත්‍රව ගිහිල්ලා මෝල්ගහෙන් ගහට ගහන්න. මම හිතන්නේ ගෙහිමියාට ඇහුන හැටි වැරදිලා. (නදී)
රුපවති, ගෙදර හරියෙම තිබුනේ එක මොල්ගහයිලුනේ. (නදී)
පුදනකොටම කාපි යකා කිව්වලු (නි)
ඇති... චීත්තයක් ඇදගෙන එන විට ගෙදර මහයියගෙන් මෝල් ගස් පහරක් නොලැබුන එක (නි)
මට හිතෙන හැටියට මෙය සිදුවී ඇත්තේ බෙන්තර ගඟෙන් එහා පැත්තේ විය යුතුයි! (නි)
කිත්සිරිගේ කටේ මසුරන් දාන්නා වටිනවා. නැත්නම් ගෙඩි හැදුනම පැණි දොඩම් ගෙඩියක්ම දාන්නම් (නි)
මෙතන පුදුම වෙන්න තියන කාරණය, කාලගුණ දෙපාර්තමේන්තුවේ අනාවැකිය හරියටම හරිගිය එක නේද? (නි)