බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ
‘‘අනේ සර් සල්ලි ටිකෙන් ටික එකතු කරලා රුපියල් 53,000 දීලා දත් ඇන්ඳක් දාගත්තා. මාස පහයි තිබුණේ ඒක කඩල බේසමට වැටුණා සර්, මට සාධාරණයක් කරලා දෙන්න’’ යැයි දත් ඇන්දක් අත්ල මත දරා ගෙන බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ජනක ප්‍රියදර්ශන විතානගේ මහතාගේ නිල කාමරයට පැමිණි කාන්තාවක හඬා වැටෙමින් පැවසීමේ සිද්ධියක් පොලිසියෙන් වාර්තා වේ.
‘‘සර් මගේ වයස තවම අවුරුදු පනස් අටයි, අපිත් ගැහැනුනේ සර්, මොකද කඩල විකුණුවා කියලා, අපිත් ලස්සනට ඉන්න කැමතියි සර්. මේවා මංකොල්ල කාපු සල්ලි නෙමෙයි. සර් දාඩිය මහන්සියෙන් හම්බ කරගත්ත සල්ලි දීලා තමයි සර් පෙරුම් පුරලා පෙරුම් පුරලා මේ දත් ඇන්ද හදා ගත්තේ....’’ ඇය කියාගෙන කියාගෙන යන්නට වූවාය.
මේ බලන්න සර්, මේ බලන්න මගෙන් 53000 ගත්තා මදිවට මාව යකින්නියක් කරලා. කණ්ණාඩියකින් බලන කොටයි සර් ඒකත් මම දැක්කේ. මගේ තිබුණු දත් ටික උල් කරලා සර් මේ දත් ඇන්ද අටවල තියෙන්නෙ, ඇන දාල නෙමෙයි සර්. මට කරපු අපරාදෙට මුන්ට හෙණ වදින්න ඕනෑ සර් යැයි පවසමින් මුව විවර කර ස්ථානාධිපතිවරයාට පෙන්වීමට කාන්තාව කටයුතු කළාය.
එම කාන්තාව එක දිගට හඬා වැටෙමින් දත් ඇන්දක් පිළිබඳ කියන්නට වූයෙන් මේ කිසිත් අදහාගත නොහැකි වූ ස්ථානාධිපතිවරයා එකින් එක කරුණු විමසීය.
උඩු ඇන්දේ එක දිගට දත් කීපයක් අහිමිවී තිබීම හේතුවෙන් එයින් මතුවන අවලස්සන බව නැති කර ගැනීමට සිත් වූ එම කාන්තාව දන්ත ශල්‍යාගාරයකට ගොස් මීට මාස කීපයකට ඉහත දී මිල ගණන් විමසා ඒ වෙනුවෙන් රුපියල් 53000 ක් වැයවන බව පැවසීමෙන් අනතුරුව නිවෙසට පැමිණ ඇතැයි පොලිසිය කියයි.
රැකියාව වශයෙන් කඩල තම්බා විකිණීමේ ව්‍යාපාරයක් කරන එම කාන්තාව කොතරම් අගහිඟකම් තිබුණත් මුහුණේ පවතින අවලස්සන බව නැති කර ගැනීමට එම මුදල වියදම් කර මීට මාස පහකට ඉහතදී දත් ඇන්ඳ දමාගෙන ඇතැයි පොලිසිය කියයි.
එම කාන්තාව කඩල විකුණමින් සිටිය දී දමන ලද දත් ඇන්ද එක වරම කඩල බේසමට කඩා වැටීමත් සමගම කඩල විකිණීම පසෙකට තබා කඩා වැටුණු දත් ඇන්දත් රැගෙන පොලිසියට පැමිණ මෙම පැමිණිල්ල කර තිබූ බව පොලිස් නිලධාරීයෙක් කීය.
කාන්තාවගේ පැමිණිල්ලට සාවධානව සවන් දුන් බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇයගේ පැමිණිල්ල සටහන් කර අදාල දන්ත ශල්‍යාගාරයේ කළමනාකරු ගෙන්වීමට කඩිනමින් කටයුතු කරන ලෙසත් එදිනට කඩා වැටුණු දත් ඇන්ද රැගෙන පැමිණෙන ලෙස ද පැමිණිලිකාරියට දන්වන ලෙසත් පොලිස් කාන්තාවකට උපදෙස් දුන්නේය.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දත් ඇන්දක් අතේ අරන් කඩල අම්මා පොලිස් ඇවිත්
fairoos Sunday, 19 February 2023 04:58 PM
රනිල්ට විතරක් වැඩ කරලා මදි... මේවත් කරන්න ඕනෑ.