මෙය රජරට පළාතේ ප‍්‍රධාන පෙළේ රෝහලකි. පසුගියදා රෝගියකු බැලීම සඳහා රෝහලකට පැමිණි කාන්තාවක දහවල් රෝගීන් බැලීමේ වේලාව පැමිණෙන තුරු රෝහල් ආපනශාලාවට ගොඩ වැදුනේ තේ එකක් බීමේ අදහසිනි.
එහිදී ඇයගේ ඇණවුම පරිදි ආපනශාලා සේවකයකු විසින් බනිස් ගෙඩි කිහිපයක් රැුගෙන ආවේය. කාන්තාව එයින් බනිස් ගෙඩියක් ගෙන කමින් සිටියදී බනිස් ගෙඩිය තුළින් යමක් තදට හැපෙනු දැනී එය අතට ගෙන බැලූවාය. පුදුමයකි. බනිස් ගෙඩිය තුළ තිබී ඇත්තේ දතකි. මෙහිදී ඇතිවූ තදබල පිළිකුල සහ කෝපය ඉවසාගත නොහැකි කත ආපනශාලා හිමියාට බැණ වැදුණේය. කාන්තාව කේන්තියෙන් පුපුරමින් ආපනශාලා හිමියාට ගෝරනාඩු කරද්දී ඔහු කාන්තාව ඉදිරියේ බැගෑපත් විය.
අනේ නෝනා සමාවෙන්න අපි වෙනත් කෑම ජාති මෙහේ හැදුවට පාන් බනිස් වගේ දේවල් ගේන්නේ පිටින්. ඒ නිසා මේක අපි අතෙන් වෙච්ච වරදක් නොවෙයි. යනුවෙන් ආපනශාලා හිමියා නැවත නැවතත් පින්සෙණ්ඩු වුණේය. ඉන්නවකෝ මම මේක ලේසියෙන් අරින්නේ නෑ. කියමින් රෝහලේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා දක්වා ප‍්‍රශ්නය ගෙන ගියාය. බනිස් ගෙඩියක් තුළින් දතක් හමුවීමේ කාරණය සුළු පටු සිද්ධියක් නොවන හෙයින් ආපනශාලා හිමියාට එරෙහිව නීති මඟින් ක‍්‍රියා කිරීමට තීරණය කළ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා බනිස් ගෙඩියේ තිබූ දත මිනිස් දතක් ද නැතහොත් සතකුගේ දතක් ද යන්න නිගමනය කර ගැනීම සඳහා රෝහලේ දන්ත වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයකු කරා එම දත යොමු කළේය.
එය ඉඳුරාම මිනිස් දතක් බව එම දත පරීක්‍ෂා කළ දන්ත වෛද්‍යවරයා විසින් තහවුරු කළේය. එමෙන්ම බනිස් ගෙඩියේ තිබූ දත හමුවූයේ යැයි කියන කාන්තාව ද තමන් වෙත පමුණුවන ලෙස දන්ත වෛද්‍යවරයා විසින් දැනුම්දී තිබිණි. එම කාන්තාවගේ දත් ඇන්ද පරීක්‍ෂා කළ දන්ත වෛද්‍යවරයා එම දත අදාළ කාන්තාවගේ දත් ඇන්දෙන් ගැලවී ගිය දතක් බවට ද නිගමනය කර ගත්තේය. මෙම කරුණ අනාවරණය වීමෙන් පසුව කාන්තාව මහත් සේ ලැජ්ජාවට පත්වූවාය.
අහක යන මරාලයක් මගේ ඔළුවට කඩා වැටිලා තව පොඞ්ඩෙන් මාත් උසාවි යන්න වෙනවා. ඇති යන්තම් ඒකෙන් ගැලවුණා යැයි කියමින් ආපනශාලා හිමියා දත් දොස්තර මහතාට මුව නොසෑහෙන සේ ස්තූති කළේය.
(ක.ග. කරුණාරත්න - පොලොන්නරුව)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කාන්තාවට විරුද්ධව නඩුවක් දැම්මා නම් හරි, හෝටල් හිමියාට වුණ අපහාසයට හා අලාබයට. (නි)
මම නම් මටම නඩු දාගන්නවා වෙච්ච ලැජ්ජාවට. (නි)
ඔය වාගේ වැඩ කරන්න ගියොත් අන්තිමට වෙන්නේ අනිත් දත් ටිකත් නැතිකර ගන්නයි. (නි)
තමන්ගේ දතක් අඩු වූ බව ඇයට නොදැනුනේ කොහොමද?(දිල්)
සමාව ගැනීම හා සමාව දීම උතුම් ගුණාංගයකි (අ)
ඒ තරම් වයස නෝනා කෙනෙක්ද මේ තමන්ගේ දත ගැලවුණා කියලා නොදැනෙන්න තරම් (දිල්)
බොහොම ස්තුතියි ලංකාදීප කර්තෘ මණ්ඩලය ට ඔබ මගේ වැකිය වෙනස් කර දැමීමට. ඒ මගේ අදහස වෙනස් නොවීම ගැන. (අ)
මේ දවස් වල උම්බලකඩ ලාබ හින්ද බලාගෙන කන්නේ දත් ඇන්දම ගලවයි (නදී)
මීට වසරකට පමණ පෙර මා සමග අප අවුල ගුවන්තොටුපල ආපනශාලාවකින් කෑමට දෙයක් රැගෙන අසුනක වාඩි උනා. එ්ත් සමග ඒ අසල සිටි මාම කෙනෙක්ගේ එයා බිබී හිටිය කෝපි කෝප්පයට එයාගේ දත් කුට්ටම පිටින්ම ජබුක්ගාල වැටුනා. මට තාමත් ඒක මතකයට එන විට හිනා. (නදී)
මීට වසරකට පමණ පෙර මා සමග අප අවුල ගුවන්තොටුපල ආපන ශාලාවකින් කෑමට දෙයක් රැගෙන අසුනක වාඩි උනා. එත් සමග ඒ අසල සිටි මාම කෙනෙක්ගේ එයා බිබී හිටිය කෝපි කෝප්පයට එයාගේ දත් කුට්ටම පිටින්ම ජබුක්ගාල වැටුනා. මට තාමත් ඒක මතකයට එන විට හිනා. (නදී)