උඩු ඇන්දේ වේදනාව දැඩිය. එනිසාම යටි ඇන්දේ වේදනාව ඊට වැඩිය. මේ සියල්ලටම හේතුව දතකි. කුරුඳු තෙල් වේදනා නාශක සහ කෙම් ක‍්‍රම රැසකින් පසුව ද සහනයක් නොමැති තැන දත ගැලවීමට ඔහු තීරණය කළේය.
ආණ්ඩුවේ ඉස්පිරිතාලවලින් දත් ගලවන්න එපා...! කෑලි හිටිනවා. අයෙක් ඔහු නොමඟ යවා තිබිණි.
දත් ගලවලා දත් කෑලි හිටියාම පිළිකා හැදෙනවාලූ. තවකෙක් කී කතාවකින් ඔහුගේ භීතිය තවත් වැඩිවිය. කීයක් ගියත් කමක් නෑ. ප‍්‍රයිවෙට් තැනකින් දත ගලවා ගන්නවා.
එසේ සිතූ ඔහු ගෙවන තැනකට ගොස් විශේෂ දන්ත වෛද්‍යවරයකු වෙනුවෙන් රුපියල් 800 ක් ගෙවා රිසිට් පතක් ලබාගත්තේය.
අංක අට. එන්න ඔහුගේ වාරය පැමිණියේය. අංක නවය එන්න. දොරටුව අසල සිටි තරුණිය එසේ කියද්දී ඔහු එළියට ගියේය. අප්පේ මෙච්චර කල් විඳෙව්වේ අපරාදේ මෙයට කලින්ම මේක කළා නම් ඉවරයිනේ. සතුටු සිතින් සිතමින් ඔහු නිවස බලා ගියේය.
දහවල් වෙනවිට මුව තුළ වෙනසක් දැනෙන්ට විය. කැඩපත අසලට ගියේය. කට ඇරියේය ගැලවූ දත කට ඇතුළේ නැවතත් තිබිණි.
ආණ්ඩුවේ ඉස්පිරිතාලේ දත් ගැලව්වාම ඉතිරිකරනවා කිව්වේ දත් කෑලි. ඒත් මෙතන මුළු දතම ගලවල නෑනේ. මදැයි. කෝපයෙන් ඔහු නැවතත් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට ගියේය.
එසේ ගොස් දොරටුවෙන් ඇතුළු වෙද්දීම ආ ඩොක්ටර් මේ එන්නේ අංක අට... කොහෙද ගියේ හිරිවැටෙන්න බේත විදගෙන දත ගලවන්නෙත් නැතිව? ආයෙත් සල්ලි ගෙවන්න ඕන නෑ හෙට එන්න. දත ගලවගෙන යන්න. බාගයට හිරි වැටී ඇති කම්මුලේ අත තබාගෙන ඔහු යාබද කඩයකින් කුරුඳු තෙල් කුප්පියක්ද රැගෙන පිටවී ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොලේ කලඳක්වත් තිබුණානම් ඔහොම වෙන්නේ නෑ (ස)
දත ගැළෙවුවට පස්සේ දත තියෙනවද කියලා ඕනෑ කෙනෙක් බලනවනේ. මෙයා මහා මෝඩනේ (නි)
අපි නම් මෙහෙම දොස්තරලාට කියන්නේ දත් ගළවන්නෝ කියලයි. (නි)
අයියෝ සල්ලි(නු)
නියමයි තමයි. (නි)
ඔයා හරි ජෝෂ් කොහේ ගියත් අහන්න දකින්න කවුරුහරි ඉන්නවා..!(නු)
නියමයි.... එහෙම රිද්දන්නේ නැතිව දත් ගලවනවානම්.. පළමුවැනි පාර වගේ.. දෙවැනි පාර නම් හොදට රිදෙන්න ඇති එයාට..!(නු)
දත ගළවන්න ඔච්චර දුර ගියේ ඇයි? කැළණියට ගියා නම් විනාඩියයිනේ. (නි)
අනේ අපි දන්නෙ නැහැ ඕවා. (නි)
අපි හැමෝම මිනිස්සු. කාගෙද අඩුපාඩු නැත්තේ? ඒවාට හිනාවෙන එක වැරදියි. (නි)
විභූති හරියටම හරි. (නි)
විශ්ව ගැමුණු ප්‍රියංකර, මෙය ලියා ඇති ආකාරය ඉතා ආකර්ශනීයයි. කතාව ගලා යෑම ඉතා රසවත්. (නි)
ෂුවර් එකටම දකුණේ කෙනෙක් තමයි. (නි)
සාමාන්‍යෙයන් එන්නත දුන්නට පස්සේ ලෙඩාව දැණුවත් කරනවානේ.. එතන ඉන්න අය මට පේන්නේ මෙයාගේ මොලේ හිරිවැටෙන්න බෙහෙත් විදලා වගේ..! (නු)
අනේ සුනෙත් අපිට කියලා බහුවචන එපා. ඔයාට උනා නම් කියන්න ලැජ්ජා වෙන්න එපා.! (නු)
කතාව පැහැදිලියි. හොඳයි...ඔහොම යන් (ස)
පව් අනේ මිනිහා .......එහෙම අයට හිනා වෙන්න හොඳ නෑ... අපිටත් ඔහොම දේ වෙනවනේ (ස)
එයා මීට කලින් කවදාවත් දත් ගලවලා නැතිව ඇති අනේ පවු..! (නු)
හිරිවට්ටන බේත එතනින් ගහගෙන වෙන තැනකින් දත ගළවාගත්තා නම් හරිනේ. (නි)
ඔය මොක්කුත්ම නෙමේ කරන්නතිබුනේ,දතට එකකුයි,තව කකුලට එකකුයි එන්නතක් දුන්නනම් ලෙඩා ඉන්නවා.දොස්තර දැන් කොහොමත් එන්නත් දෙකක් දෙන්න එපැයි. (ස)
මමත් ඔය වගේ මෝඩ වැඩක් කරා ...නොදන්නා කමට සමාවුණ මැනවි..... අපි ගම්බද මිනිස්සුනේ ........ (ස)
රවීනාත් ඔබ නිවැරදියි (ස)
මිස්ටර් බීන්ගේ යාලුවෙක්ද දන්නෙ නැහැ. (නි)
අයියෝ පිස්සුනේ! (නි)
හේමන්ත, නොදැනුවත් අයට සිනාවීම නොවෙයි කළ යුත්තේ. අදාල වෛද්‍ය මධ්‍යස්ථානය තම සේවය නිසියාකාරව කර නැති බවයි විශ්වාසය. වෛද්‍ය මධ්‍යස්ථානයක සේවය ලබා ගන්නා සියලු දෙනා අදාල කාර්යය පිළිබඳ දැනුවත් කිරීම ඹවුන්ගේ යුතුකමයි. එය පැහැර හැර සමච්චලයට ලක්කිරීමෙන් පෙනෙන්නේ එම සේවා ස්ථානයේ තත්වය කොතරම් පහත්ද යන්නයි. (නි)
දත් ගැන නම් කියලම වැඩක් නෑ (ස)
අපරාදෙ රුපියල් 800.. දත් ගලවන්නෝ ඕනතරම් ගමේ ඉන්නවානේ..!(නු)
අහන්න දෙයක් නැහැ මිනිහ වෙරි මරගාතෙ ඉන්න ඇති, (ස)
හිරි වට්ටන බෙහෙත් අපිට ගන්න තියෙනවද