ජීවිතයේ පළමු වරට බුරුසුවකින් දත් මැදීමේදී දන්තාලේප වෙනුවට බාම් වර්ගයක් භාවිත කළ පුද්ගලයකු පිළිබඳව දන්කොටුව ඇටියාවල, ඕතර ප‍්‍රදේශයෙන් අසන්නට ලැබිණි.
සම්පූර්ණ සිදුවීම මෙසේය.
මෙම පුද්ගලයා පුරුද්දක් වශයෙන් දත් මැදීම කරන්නේ අඟුරු හෝ පේර කෝටුවකිනි. ඔහුට උසස් අධ්‍යාපනය ලබා උසස් රැකියාවක නිරත දියණියක් ද සිටී. දිනක් ඇය පියාට පවසා ඇත්තේ තාත්තේ දැන් අඟුරුවලින්, පේරකෝටුවලින් දත් මදින කාලයක් නොවෙයි. තාත්තත් අපි වගේ බුරුසුවකින් දත් මදින්න පුරුදු වෙන්න. ඔන්න මම තාත්තාට බුරුසුවක් ගෙනාවා යනුවෙනි. දියණියගේ කීමට අනුව පසු දින බුරුසුවකින් දත් මැදීමට පටන්ගෙන සුළු වේලාවකින් මෙම පුද්ගලයා බෙරිහන්දී කෑ ගසා දුවේ ඉක්මනට වතුර එකක් අරන් වරෙන්. මට නම් බෑ බුරුසුවලින් දත් මදින්න. උඹලා දත් මදිද්දිත් මේ වගේ දනවද යනුවෙන් පවසා ඇත.
නෑ තාත්තේ අපේ නම් එහෙම වෙන්නේ නෑ. තාත්තා දත් මැද්දේ මොනවාගෙන්ද? ඔය කුස්සියේ මේසය උඩ තිබෙන ටියුබ් එකෙන් යැයි පවසා ඇත. දියණිය ගොස් පරීක්ෂා කර බැලීමේදී වැටහි ඇත්තේ අකුරු ශාස්ත‍්‍රය පිළිබඳව අවබෝධයක් නැති තම පියා පෙර දින තම මවගේ කකුලේ අමාරුවට ගාන්න ගෙනා බාම් එකෙන් දත් මැද ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම වැරදීම් වෙන්න පුලුවන්. මගෙ යාලුවෙක් ඉන්නව ගොඩාක් වෙලා දත් මදින කෙනෙක්. දවසක් මිනිහ දත් මැද මද ඉන්නකොට මම පොඩි උදව්වක් ඉල්ලුව. මිනිහ බුරුසුව ජනෙල් පඩිය උඩින් තියල ආව මට උදව් කරන්න. ටිකකින් ආපහු බුරුසුව අරන් මදින්න පටන් ගත්ත. හිටපු ගමන් මෙක කෑගහල බුරුසුව විසි කරල කට හෝදන්න දිව්ව. බලනකොට මිනිහ බුරුසුව තිව්ව වෙලේ හූනෙක් ජරා කරල එකට. මූ බලන්නෙ නැතිව අපහු මදින කොට අමුතු රසක් එද්දි තමයි බලල තියෙන්නෙ. (ස)
අනේ පවු..!(නු)
මෙතන හිනාවෙන්න දෙයක් නැහැ. (නි)
මේ ලිපියේ හැටියට ඒ පැත්තේ අයට පුළුවන් මේ කවිද කියලා හදුනාගන්න. තාත්තගේ නූගත් කමට අපහාසකරලා.(නදී)
පසු දින කිවුවට උදේද රෑද මැදලා තියෙන්නෙ කියලා පැහැදිලි නැහැ. (නි)
ඔය වගේ දේවල් ගෙවල් වල සිදුවන සාමාන්‍ය දේවල්.(නදී)
කටේ තිබ්බ අමාරුකම් ඔක්කෝම සනීප වේවි බාම් නිසා (ස)
දුවට කරන්න තිබුණේ දත් බුරුසුවක් සමග දන්තාලේපයක් ගෙනත් දෙන්න. (නි)
පිස්සු වගෙයි.(නදී)
අයියෝ ඕවා සුළු අත්වැරදීම්නේ (ස)
මේක ප්‍රශ්නයක් කර ගන්න එපා . එක්කෝ දත් නොමැද ඉන්න , නැත්නම් දත් සෙට් එකම ගලවලා දාන්න (ස)
අගුරු,පේර කෝටු අපේ දත් මදින පාරමිපරික ක්‍රම. මමත් උසස් පෙළ කරන කාලේ වැරදීමකින් නිවියා ක්‍රීම් වලින් දත් මැදලා තියෙනවා. වැරදීම් සිදුවන්නේ නූගත් අයට විතරද?.(නදී)
මටත් ලඟදි ඔය වගේ වැඩක් වෙන්න ගියා. හොඳ වෙලාවට මම බුරුසුව දිහා බැලුව නිසා දත් මදින්න කලින් දැක්කා (ස)
ඉතාම හොඳයි . කවදාවත් දත් උලුක්කු වෙන්නේ නෑ (දී )
සුදෝ සුදු දන්තාලේපයක්(නදී)
ඔය වාගේ දේවල් ඕනතරම් සිද්ද වෙන්නේ. ඕක පත්තරේ දාන්න තරම් දෙයක් නෙමෙයි.(නදී)
අසරණ මිනිස්සුන්ට හිනාවෙන්න එපා (දී)
මදින කොට තේරෙන්නේ නැද්ද (දී)
දත් තවත් හයිය වෙයි (දී)
දත් වල තියෙන ඔක්කොම ලෙඩ හොද වෙයි (දී)
ජීවිතේට දතක් හැලෙන එකක් වත් නැහැ (දී)
මෙයාලවනම් කවදාවත් හදන්න බැහැ.(නදී)