මොරටුව අලූත් පාලමෙන් මිනිහෙක් ගඟට පැන්නේය. මිනිස්සු කලබල වූහ. වටින් ගොඩින් ආ පිරිස පාලමේ පදික වේදිකා දෙකටම ගොඩවී ගඟදෙස බලා සිටියහ. මොරටු මෝදර පොලීසියද ආවේය.
ගඟට පැන්න මිනිසා ගොඩ ගැනීමේ මං සොයන්නට විය. මිනිහා ටික වේලාවකින් දියෙන් ගොඩට ආවේය.
ගඟට පැන්නේ ඇයි දැයි මිනිස්සු ඇසූහ. වතුර ටිකක් නාගන්න පැන්නායැයි ඔහු පිළිතුරු දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්දි ,ඔයා නම් හොරෙන් හොරෙන් බැලුවා නේද? හොර ගෙඩියා! (නි)
අපෝ ලොකු දෙයක් පොලිසිය එතනට හරි ඉක්මනට ඇවිල්ල තියෙනවා. නැත්නම් ඒ ගොල්ලෝ එන්නේ හැම දෙයක්ම උනාට පස්සෙනේ. අපේ කාලේ අබුද්ද්දස්ස කෙනෙක්ගේ වැඩක් මේ ගොයියා කරලා තියෙන්නේ.(නදී)
කොටියා ආවෝ ආවෝ කියලා ඇත්තටම ආපුදාට තමයි කෙලවෙන්නේ, ගොඩට අරන් කන රත් වෙන්න දුන්නනම් හරි.(නදී)
ඇයි මිට කලින් පැනලා නානවා දැකලා නැද්ද? (නදී)
රුක්මල්, ඔයා හදේ ඉදලද ආවේ? කරදිය කිඹුල්ලු ගැන අහලා නැද්ද ? (නි)
අපරාදේ, මෙයා බේරගන්න පොලිසියත් ඇවිල්ලනේ. (නි)
හුඟක් කට්ටිය නාගන්නේ පැනලා තමා.අපිට හිනා. (නි)
අයියෝ! තාම ඇගේ සබන්. පැනලා ආයෙත් නාන්න (නි)
නියම 'පොරක්' නේද ? (නි)
කන පැලෙන්න හිනා ගියා.(නදී)
රන්දි ඔය බැන්දම එනකන් ඉන්නවලු නේද පොල් කඩාගන්න! (අ)
හොදයි හොදයි. (නි)
ලැජ්ජා නැද්ද හලෝ නානවා බලන්නේ?(නදී)
සරත් මල්ලි මම බණ්ඩටම කියල පොල් කඩන නිසා...හදිසියකටවත් වෙන එකෙක්ට කීවට පොල් කඩල දෙන් නැහැ. මේ පල්ලහට ගිහින් එන්නම් කියල යනවා . අය එක නෙමේ පැත්තෙවත් එන්නේ ..? (අ)
චින්තක මල්ලි, මම කොහොමටත් කඩන්න ඕන පැහිච්චි පොල් වල්ල බණ්ඩාට පෙන්වන්න පොල්ගහ යටයට යනවමයි.(නදී)
හොදම නෑම.(නදී)
කියල වැඩක් නෑ (අ)
ඔහොම නාන එක හොද නැහැ නේද? අර මිනිස්සු බය වුනා. (නි)
ගගෙන් නාන එකත් මාර සතුටු හිතෙන වැඩක් නේද? (දී)
මෙයා සූර පප්පගේ ගමේ කෙනෙක් වෙන්න ඇති. (ස)
අපේ පොල් කඩන බණ්ඩා මාමත් සරම ඇදගෙන හිටියත් නොහිටිය වගේ,ගහදිග බඩගාලා පොල්ටික කඩනවා, එත් අපි කවදාවත් ගමේ අය, පුදුමේ බලන්න දුවන් ආවේ නැහැ, පොලිසියට කීවෙත් නැහැ....? අදටත් බණ්ඩා ගස් නගිනවා ...?හරිම බිසී.....බණ්ඩා,..හොදඑකා...? (නදී)
අර රාළහාමි පස්සෙන් එලවපු සරා ගොයියා මතක් වුණ මට. (අ)
සෙල්ලම් ලෙල්ලම් වෙයි දවසක (අ)
මෙයා නම් නුතන සරදියෙල් කෙනෙක් වෙන්න ඇති . (දී)
නානවා පේන්නේ නැද්ද?(නදී)
මෙයා මේ කමෙන්ට්ස් දාන වරුණද දන්නේ නැහැ.(නදී)
කැලණියේ කතාවේ වගේ පොලීකාරයා පස්සෙන් එලවාගෙන ආවද දන්නේ නැහැ? මිනිහා නුවර කෙනෙක් නම් හීනෙන් ඇවිදගෙන ඇවිත් ගගට වැටෙන්න ඇති .උතුරු මැද කෙනෙක් නම් කව්රුහරි ඡන්දෙ ඉල්ලගෙන පස්සෙන් ආවා වෙන්න පුළුවන් . (දී)
අයියෝ. මේ අපේ කට්ටියත් එක්ක නිදහසේ නාගන්නවත් නැති හැටි. (ස)
හිනා යනවා මේවා දැකලා (දී)
කිඹුලෙක්වත් හිටියානම් හොදට නාන්න තිබුනා.(නදී)
මිනිහා පැනල නෑවා. අනික් අය ඇදගෙන නෑවා (නි)
මේ අනුපමා නම් ලංකාවේ වෙන්න බැහැ. මොරටුව අලුත් පාලම කියන්නේ ගඟ මුහුදට වැටෙන්න කිට්ටුම තැන. එතන කිඹුල්ලු නැහැ (නි)
අප්පෝ! මේ යන විදියට ළිදකින් පොකුණකින් නාන්නත් අවසර ගන්න වෙයි නේද? (නි)
මේක නම් නියම වැඩක්. නාගන්න ඇතිවෙන්න.(නදී)
තනියෙන් බලන්න බැරි නිසා කාටත් කතාකරන්න ඇති.(නදී)