මියගිය මාමාගේ තුන්මාසය දානය පිළියෙළ කිරීමට කෙසෙල් කොළ කීපයක් කපා ගැනීමට උදේම එහා වත්තට ගිය බෑනා සවස් භාගයේ පොලිස් කූඩුවෙන් සොයාගැනීමට හැකිවීමේ අපුරු පුවතක් කන්ද උඩරටින් වාර්තාවේ.
උදේම දානමාන කටයුතු සිදුවන අතර බිරිය ඔහුට කීවේ එහා වත්තට ගොස් කෙසෙල් කොළ කීපයක් කපාගෙන එන්නටය. පිහියක් රැගෙන එහි ගිය ඔහු එනතෙක් බලා සිටි බිරිය ප‍්‍රමාදය නිසා බැණ වදිමින් දරුවකුද එහි යැව්වේ පියා ගැන සොයා බැලීමටය. දරුවා කීවේ කිසි තැනක ඔහු නැති බවය.
දානමාන කටයුතු නිමවූ අතර සවස් බාගයේ නිවෙසට ආ අසල්වැසියකු කීවේ ඔහු පොලීසියේ සිර මැදිරියේ සිටින බවකි.
තොරතුරු සොයා ගිය ගෙදර අයට දැනගන්නට ලැබුණේ ඔහු කෙසෙල් කොළ කැපීමට ගිය ඉඩමේ පෙරදින රෑ කෙසෙල් කැන් කීපයක් හොරෙන් කපා ඇති නිසා රැක සිටි ඉඩම් හිමියා ඔහු අල්ලා පොලීසියට බාරදී ඇති බවකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සෙල්ලාම කොස්. දැන් පොල්. ඊළගට කෙසෙල් අයිතිකාරයෙක් ඉදිරිපත් වුණා නම් හරි. (නි)
අනේ මන්දා (දී)
ගෙදර මිනිස්සු සෙව්වේ නැද්ද (දී)
මට කියන්න දෙයක් නැහැ (දී)
හොරකම එයා කලාද කියන්න කව්ද දන්නේ එ උනාට කෙසෙල් කොලයක් කැපුවත් අහන්න තිබුණා .ඇයි හැමෝටම බැරි පැලයක් හිටවන්න.(ස)
මොනවද මේ වෙන්නේ කොස් ගෙඩියට, පොල් ගෙඩියට, කෙසෙල් කොළයට, පොලීසි යන මිනිස්සු... ආත්මාර්ථකාමීන්, තන්හාවෙන් පිරිහිලා...(ස)
කෙසෙල් නිසා හොදයි. (නි)
අපිත් වැටවල්නම් පැනලා තියෙනවා. හැබැයි අයිතිකාරයා ගෙදර හිටියේ නැහැ. හිටියානම් කෙසෙල් කැන කරගහගෙන තමයි යන්නේ වෙන්නේ.(නදී)
හොද වැඩේ!(නදී)
කෙසෙල් කොළේ වුනත් හොරකම් කරන්න ගියේ ඇයි? අනුන්ගේ වත්තකට ඇතුළු වෙන්න පෙර අවසර ගතයුතු බව දන්නෙ නැද්ද?(නදී)
පරණ තරහක් පිරිමහල (දී)
දානේ ගැන හිතලාවත් නිකන් ඉන්න තිබ්බා (දී)
එක අතකට පව් නේද (දී)
අයිතිකාරයා උදේ රැකගෙන හිටියේ මොන එහෙකටද රෑ කෙහෙල් කැන් කපපු ගස් ටික අස් කරන්න එනකම් ද? (ස)
පනිනකොටම කාපි යකා කියන්නේ ඕක තමයි.(නදී)
කොච්චර දානයක් තිබුනත් කරන්න දෙයක් නැහැ, මිනිහා උදේ කරලා තියෙන්නේ වරදක් නේ (දී)
පව් කියන්නත් බැහැ නේද (දී)
මිනිහාව හවස් වෙනකම් හොයන්නේ නැතිව දානේ දෙන ගෑණු ඉන්වාද හැබෑටම. (දී)
මෙයාම තමයි කෙහෙල් කන් කපන්න ඇත්තේ.(නදී)
තම තමන්ගැන හරි වැටහීමක් නැති අසල්වැසියන්.(නදී)
දෙගොල්ලෝ අතර ලොකු ඇයි හොදයියක් නැතුව ඇති. (නි)
එහෙම අනුන්ගේ වතු වලට පැනලා වගාවන්ට හානි කරන්න පුළුවන්ද?(නදී)
දානේ දෙන්නෙත් හොරකම් කරලාද? (නි)
කොළ කපන්න කලින් අයිතිකරුවන්ගෙන්අහන්න එපැයි. (නි)
මදැයි කළා (දී)
කෙහෙල් මුවට කලින් කැන පැනලා වගේ...(ස)
මට හිතෙන්නේ එක ද්වසක් කෑන් කෑපුවට අයිතිකරු රකින්නෙනෑ.සමහර විදියට සෑකේ වාසිය විත්තියට ක්ව්වෑහේ..දානෙට කෑනුත් එහෙන්,පුරුද්දට කොලත් එහෙන් ඈන්න එන්ට ගිහින් වගෙ ..කේස් එක ..ප්යිල් වෙලාතියෙන්නේ...(ස)
විකාර, ඔච්චර දන්නේ නැද්ද වෙන්නේ මොකක්ද කියලා. මෙයාලා වචනයක් කතාකරලම නැතුව කෙලින්ම පොලිසියට ගිහින්.(නදී)