ගමේ තරුණයෝ පිරිසක් ගම්වාසීන්ගේ ආධාරයෙන් බත් දන්සලක් පැවැත්වූහ. දන්සල විවෘත කළේ පොසොන් පෝයට පසු දිනය. එය පැවැත්වුණේ අහුන්ගල්ල මිද්දරමුල්ල ග‍්‍රාමාසේවා වසමට අයත් පොදු සුසානභූමියක ඉදිරිපිට වත්තක කුඩාරමේය.
ජනතාව වැල නොකැඞී දන්සල වැඳපුදා ගත්හ. දිවා රාත‍්‍රී දෙකේදීම තරුණයෝ මහන්සිවී ආහාර සපයමින් එහි පැමිණි දහසකට ආසන්න ජනයාට සංග‍්‍රහය කළහ. රාත‍්‍රී 11.00 පමණ වනවිට දන්සලේ කටයුතු නිමාවිය.
හිතුවටත් වඩා තමන්ගේ වැඬේ සාර්ථකයැයි ගමේ තරුණ පිරිස උදම් ඇනූහ. එයට හේතුවූයේ ඔවුන්ට ලැබුණු ද්‍රව්‍ය ආධාර අතර හාල්මලූ කීපයක්ද ඉතිරිව තිබීමය. දන්සල් පැවැත්වූ ඉඩමේ දැනට වසා දමා ඇති ගෙයක කාමරයක ඔව්හු හාල්මලූ කීපය සුරක්‍ෂිතව තැන් පත්කර නින්දට ගියහ.
පසුදා අවදිවී තරුණයෝ පිරිස බඩු මුට්ටු අස්පස් කිරීමට දන්සල් භූමියට පැමිණියහ. දුටුදෙයින් ඔවුන් සියලූ දෙනාම විස්මයට පත්විය. හාල්මලූ සුරැුකිව තිබූ කාමරයේ ජනේලය කඩා කිසිවකු ඇතුළුවී ඇති බව තරුණයන්ට අවබෝධ විය.
තවදුරටත් සොයා බැලීමේදී කාමරයේ තිබූ හාල් කිලෝ ග‍්‍රෑම් 20 මලූ දෙකකුත් කිලෝ 10 මල්ලකුත් හොරු රැුගෙන ගොස් තිබුණි. ඒ අනුව හාල් කිලෝ 50 ක් කිසිවකු හෝ රැුගෙන ගොස් ඇති බව හෙළිවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පලාබබෙක් ගෙනියන්න ඇති (අ)
මේ අපේ ලංකාවනේ. දරුවනේ මොකද? මොකක් උනත් හොර කමක් නිසා නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. (ස)
ඕක අරුමයක් නෙමේ. මේක අපේ.ලංකාවනේ.(නදී)
දන්දෙන්න කියලා සම්මාදම් කරලා එකතු කරගෙන තමන්ගේ පරිහරණයට ඉතිරි කරගන්න එකත් පාපයක් තමයි (දී)
මම ගමේ ඉදලත් ඔය වගක් දන්නේ නැහැනේ (දී)
ඔතනම හිටපු කෙනෙක් තමා (දී)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
ඒකත් පිනට දුන්නයි කියලා හිත හදාගන්න (නි)
මට නම් මේකට සැක පස්ස දොරෙන් දන්සලට ඇවිත් පෝලිම පැනලා දන්සැල වැඳපු පලා පුත්‍රයෙක්ව (අ)
එකත් දන් දුන්නා කියල හිතා ගන්න (දී)
දුන් දේ සුවඳයි නොදුන් දේ ගඳයි (අ)
දුන් දේ සුවදමයි සිතුවොත් නිවෙයි සිත. දීල නැහැනේ. අරන් ගිහින් නොකියම .කමක් නැහැ .පින් අනුමෝදන් කරගන්න (දිල්)
දුන්දේ සුවදයි කියා හිතේ සතුට භක්තිය ඇති කරගන්න (දිල්)
අද රටේ තත්වය අනුව දන්සලේ අඩුම කුඩුම ටික උයන්නත් කලින් අතුරුදහන් නොවීම ගැන සන්තෝෂ විය යුතුය. . (දී)
මේ දන්සල වදින්න බලවතෙකුගේ පුතෙක් ආවද කියා සොයා බලන්න. (දිල්)
එකත් දන්සලේ දානමය කොටසක් සේ සිතා දන්දුන් බවත් ,ආධාර කල සියලුම පින්වතුන්ට ඒ පින් අනුමෝදන් වෙත්වා !.සසර වසනා තුරු මෙවැනි සොරුන්ගෙන් විපතක් නොවේවා !!.(දී)
සිත ලොබ කමින් දෙන 'දන්' වල අරුත් නැත....අතහැර සිතින් දෙන විට නිසි ඵලය ඇත....මේ බැව් දන්න කෙනෙකුන් ගති සහල් කොත...දුන් දේ සුවදමයි සිතුවොත් නිවෙයි සිත...... (දී)