මව්පියන් බැලීමට යාමට ගෙනවිත් රැස්කර තිබූ ආහාර ද්‍රව්‍ය දන්සලකට ලබාදීම නිසා සැමියා සමඟ උරණ වී ඒවායේ වටිනාකමට මුදල් ඉල්ලූ බිරියක් සම්බන්ධයෙන් වූ පුවතක් මහනුවරට නුදුරු ප්‍රදේශයකින් පසුගියදා වාර්තා විය.
කලක පටන් තම මව්පියන් බැලීම සඳහා කල් යල් බලා සිටි බිරියක, එම ගමන යාම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය රැස් කිරීමට පියවර ගත්තේ මාස කිහිපයක සිටය.
ඒ අනුව පසුගිය පොසොන් පොහොය දිනය ඒ සඳහා යොදා ගත්තේ මව්පියන්ගේ සුවදුක් බැලීමත් සමඟම වැව් බැඳී පුරවරයට ගොස් අටමස්ථාන වැඳ පුදා ගැනීමේ අරමුණ ඇතිවයි.
ගමන යෑමට පෙර දිනයේ තම ස්වාමියා භාරයේ දරුවන් තබා ඈ නගරයට යන්නේ තවත් අවශ්‍යතා කිහිපයක් ලබා ගෙන ඒමේ අරමුණෙනි.
එහෙත් ඒ අතරතුර ගමේ තරුණ පිරිසක් ඉදිරියේදී එළැඹෙන පොහෝ දිනය නිමිත්තෙන් සංවිධානය කරන දන්සලට ආහාර එක්රැස් කිරීම සඳහා නිවෙසට පැමිණියහ.
ඒ දුටු නිවෙස්හිමි ස්වාමියා තම බිරිය නෑගම් යෑම සඳහා සකස් කර තිබූ ද්‍රව්‍යවලින් කොටසක් තරුණ පිරිස සඳහා පිරිනැමුවේ තමන් දනට පිනට ඉතා කැමත්තක් දක්වන පුද්ගලයකු ලෙස අඟවමිනි.
මේ අතරවාරයේ නගරයට ගොස් පැමිණි බිරිය මව්පියන් සඳහා ගෙනයාමට රැස්කර තිබූ ද්‍රව්‍ය ඇස ගැටෙන ස්ථානයක නොමැතිවීම නිසා ඒ පිළිබඳ සැමියාගෙන් විමසන්නට වූවාය.
ඊට උත්තර බඳිමින් සැමියා තමන් එම බඩුමුට්ටු දන්සල සඳහා පැමිණි තරුණයන් සඳහා ලබාදුන් බවට කියා සිටියේ උජාරුවෙනි.
එය ඇසු බිරිය අම්මලා බලන්නට යන්න වෙන්නේ හිස් අතින් යයි දෙස් දෙවොල් තබන්නට වූ අතර, ලකලෑස්ති කර තිබූ ආහාර ද්‍රව්‍ය මිල දී ගැනීමට රුපියල් විසි දහසක මුදලක් වැය වූ බව පවසා එය තම සැමියාගෙන් ඉල්ලා සිටියා ය.
එය ඇසූ සැමියාට දෙලොව රත්වූයේ ඒ තරම් මුදලක් හදිසියේ නොමැති වීමත්, සොයා ගැනීමටත් නොහැකි බව සිහිවීමෙනි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දන්සලෙන් ලකුණු දාගන්න ගිහින් නෝනාගෙන් කුණු බැනුම්