(බදුල්ලේ පාලිත ආරියවංශ)
දුම්රියේ ගමන් කරන කාන්තාවන් ළඟ වාඩි වී බිංගෙවල් හමුවන විට කාන්තාවනගේ ළැම අතගාන අමුතු තාලයේ අනංගයකු ගැන ඇල්ල පොලිසියෙන් වාර්තා වේ.
උඩරට දුම්රිය මාර්ගයේ කිණිගම හා දෙමෝදර අතර කොටසේ හමුවන බිංගෙවල්වලදී ඔහු මෙසේ හැසිරෙන බවට ලැබුණු තොරතුරක් මත සිවිල් ඇඳුමින් සැරසීි සෝදිසියෙන් සිටි පොලිස් නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
තනිවම දුම්රියට ගොඩවන කාන්තාවන් ගැන සෝදිසියෙන් සිට යාප්පුවෙන් ළංවී ඔහු මේ අයුරින් හැසිරෙන බවද අනාවරණය වී තිබේ.
බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන හා සහකාර පොලිස් අධිකාරී රංජිත් කොට්ච්චි යන මහත්වරුන්ගේ උපදෙස් මත ඇල්ල පොලිස් ස්ථානාධිපති එල්.ඞී.එන්. කරුණාරත්න මහතා මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්න තිබුනේ අර වාරියපොළ නංගී. (නදී)
හොද වැඩේ.ඔය වගේ අසහන කාරයින්ට ඔහොම වෙලා මදි.(හේ)
ඇයි කෝච්චිවල ලයිට් දාන්න බැරි? (ර)
අත කපන්න ඕනේ (බ)
බිංගෙයක් තුළදී කිසිම දෙයක් දකින්න විදියක් නැහැනේ (නි)
ගෑනු උදවිය පෙන්නං යන ඒවාට මොකද කියන්නේ (අ)
දන්නා තරම තමයි. කූඩුවේ නොදා කොහේ යවන්නද? (නි)
කූඩුවේ නෙමෙයි දාන්න ඕනේ.(හේ)
මෙයා මේ සැකසහිත පිලිකා ගැට තියෙනවද බලන්න ඇති. (අ)
ශ්‍රියාගේ ගමන කෝච්චියෙන්ද ? (අ)
මට එහෙම කළා නම් මම දන්නවා කරන දේ..... (නි)
අජිත්ට මම එකඟයි . ලංකාවේ දැන් ඉන්න අසහනකාරයින්ගේ හැටියට - " පුංචි පුතේ පුංචි දුවේ ඉපදුන සිරිලක් බිමේ ... වාරියපොළ තාලයටම කාලය ගෙවමු මෙහේ " (නි)
වරද අතගාපු එක නොවේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ. මැදිරිවල ලයිට් නැතිඑක. බැරිවෙලා හරි ඕක බිංගේක නතර උනොත් ඔය අනෙක් උපාසක බළලුත් හොඳට මීයෝ අල්ලාවි. (නදී)
වරද අතගෑ එක නොවේ. මැදිරිවල විදුලිය නැති එක. (නි)
බැරිවෙලාහරි ඕක බිංගෙයක නතරවුණොත් ඔය අනෙක් උපාසක බළල්ලුන්ගේ හැටිත් හොඳට බලාගන්න තිබුණා (නි)
ඇඟිලි සළකුණු එහෙම ගත්තේ නැද්ද? (නි)
දුම්රියත් මොන එහෙකටද මෙච්චර බිංගෙවල් අස්සෙන් යන්නේ? (නි)
ඉතින් ඒ මනුස්සයට විවාහයක් කර ගත්ත නම් හැමදාම අතගගා ඉන්න තිබුනනේ. (නදී)
උඩරට දුම්රිය මාර්ගයේ කිණිගම හා දෙමෝදර අතර කොටසේ බිංගෙවල්වල් මා දන්නා තරමින් නැත. (නදී)
කලින් මේ දේවල් සිද්ධ වුන අවස්ථා වල අහල පහල හිටපු අහිංසක පිරිමිත් සෙරෙප්පු පාරවල් කන්න ඇති. ඇයි ඉතින් කළුවරේ කවුද කියල පේන එකක්යෑ. (ර)
දැන් සිවිල් ඇඳුමෙන් ගිහිල්ල පුද්ගලයාව අල්ලන්න තියෙන්නේ කාන්තා පොලිස් නිලධාරිනියක් ද ? (නදී)
මෙහෙම බයක් සැකක් නැතිව අල්ලන්න පුළුවන් නම් ඊළඟ ඡන්දෙට ඉල්ලන්න සුදුසුයි. (නදී)
ප්‍රසිද්දියේ නොකිව්වට සමහරක් කතුන් මේවට කැමතියි (නදී)
ලබන ආත්මේ මෙයා තිසරපටක් වී උපදීවී. (ර)
ඇත්තටම ප්‍රවෘත්තිය කියෙව්වම මට මේ මනුස්සය ගැන ඇතිවුනේ දුකක්. ඔය මනුස්සය ඔය විදිහට තමන්ගේ ආශාවන් කරගන්න හැදුවට සමහර අය අමානුෂීය විදිහට ඔයදේම කරනවා. සමාජ විද්‍යාඥයින් තමයි මේවට උත්තර හොයන්න ඕන. (බ)
මොනව වුණත් අපේ පොලිස් දෙපාර්තමේන්තුව වෙනදට වඩා හොඳයි කියල හිතෙනවා (බ)
මේවාට විරුද්ධත්වයක් නොපෙන්වන අයත් නැතුවාම නොවෙයි... (නි)
ඔය එක කාන්තාවකටවත් බැරි වුණාද සෙරෙප්පුව ගළවලා කම්මුල හරහා හොඳ පහරක් දෙන්න. මින් ඉදිරියට ඔය වාගේ වැඩ නොකර ඉන්න. (නි)
හොඳ වෙලාවට මිනිහා ඉන්නේ දෙමෝදර. අර තිරිහන් කරන ක්ලිනික් එක පැත්තේ වාසය කළා නම් අනේ අම්මේ! එතන අතුගාන වැඩේ හරි ඉල්ලාගෙන යයි. (නි)
මේ නම් පුහුණුවෙන ටේලර් කෙනෙක් වෙන්න ඇති. පපුවේ මිම්ම ගන්න පුරුදු වෙනකොට ඒ මනුස්සයා නිරපරාදේ අහුවෙන්න ඇති. (නි)
හැබැයි ඉතින් කොහොමද දැනගත්තේ අතගෑවේ මේ අහුවුණ කෙනාමයි කියලා. බිං ගේ ඇතුළේ කළුවරේ අහළින් පහළින් හිටි වෙනත් අහිංසකයෙක්ද දන්නෙත් නැහැ (නි)