දිනය සෙනසුරාදා වූ බැවින් කාර්යාලීය දුම්රියවල වෙනදා මෙන් මගී තදබදය නොවුවත් බොහෝ මගීහු ප‍්‍රධාන මාර්ගයේ කොළඹ බලා යන දුම්රියේ සිටගෙන ගමන් කළහ. වේලාව පෙරවරු නමය පසු වූ විට අප ගමන් ගත් දුම්රිය රාගම පසුකළා පමණි.
එක් මගියකු ඉතා අමාරුවෙන් හිටගෙන සිටියදී ඒ අසළ වාඩිවී සිටි මැදියම් වියේ කාන්තාවක ‘‘මහත්තයා අමාරුවෙන් නේද’’ කියා අසමින් තම ආසනය පිරිනැමුවාය. අසුණේ වාඩි වූ මෙම මගියා ඉතා අපහසුවෙන් තම ජංගම දුරකථනයෙන් කාටදෝ මරදානට පැමිණෙන්න කියනු අවට අයට ඇසුනි. ගත වූයේ නිමේෂයකි. අසුනේ වාඩි වූ අවුරුදු 45ක පමණ පෙනුමැති මේ මගියාට ඇති වූ අපහසුතාව වැඩි වූ බැවින් ඔහුගේ රෝගී බව උත්සන්න විය.
අමාරුවෙන් තම පපුව රිදෙන බව අවට සිටි අයට පැවසුවෙන් සියල්ලෝම එකා වන්ව අසරණ ලෙස රෝගී වූ මෙම මගියාට උපකාර කිරීමට යුහුසුළු වූහ. අයෙක් පවන් සැලූ අතර තවත් අයකු වතුර ඉස කවුළු පියන් පත් විවර කර ඔහුට වාතාශ‍්‍රය ලබා දෙන්නටත් උපකාර කිරීමටත් කටයුතු කළහ. තවත් අයෙකු ඔහු අත තිබූ ජංගම දුරකථනයේ ඔහු කලින් කතා කළ පුද්ගලයාට කතාකොට රෝගියා ගැන විස්තර ඔහුට දැන්වීය.
ඒ අතරම මේ සියල්ල දෙස විමසිල්ලෙන් බලා සිටි තවත් තරුණ මහතෙක් ඔහුට ළං විය. වහාම රෝගියාගේ නාඩි පරීක්‍ෂාවද ඔහු ළඟ තිබූ බෙහෙත් පෙතිද විමර්ශනය කොට ඔහු ආසන්නයේම හිඳගෙන රෝගියාට ඇවැසි ප‍්‍රතිකාර සේම දුම්රිය මරදාන දුම්රියපළට ළඟාවන තෙක්ම ඔහු ළඟ රැුඳී සිටියේය. ළඟ සිටි කාන්තාවනට තමා වෛද්‍යවරයෙකු බව ඇඟවුවත් තමාගේ වෘත්තීය සුදුසුකම් රටට නොපෙන්වා අවැසි ප‍්‍රතිකර්ම යෙදුවේ මිහිපිට දෙවිවරු මෙවන් පොදු වාහනයක ගමන් කිරීම පොදු ජනතාව ලත් වාසනාවක් යයි මේ ලියන මට සිතුණු කාරණාවකි.
එවන් දෙවිවරුන් බඳු වෛද්‍යවරුන් තවත් ඇවැසිය. මන්ද මා සඳහන් කළ රෝගියා මරදාන දුම්රියපළ ළඟදී තම ගමානාන්තය අමතකකොට මේ තරුණ වෛද්‍යවරයා හා රැුඳෙමින් අවශ්‍ය උපදෙස් ඔහුගේ මිතුරන්ට දුන්නේ ගිලන් රිය පැමිණෙන තුරුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වෛද්‍යතුමාගේ සරල බව, නිහතමානි බව, ස්ථානෝචිත ප්‍රඥාවට සහ සුදුසුම ප්‍රතිකර්මය ලබාදීමෙන් රෝගියාට යම් සහනයක් ලබාදීම කියන මිනිස් ගුණාංග වලට හිස නමා ආචාර කරමි! (නි)
මේ වගේ අය අපේ ලංකාවේ ඒ කාලේ නම් හිටියා. දැන් වැඩිපුර ඉන්නේ සල්ලි සොයන මැෂින් පමණයි. (නි)
කළ හොද කවදාවත් නැති වෙන්නේ නැහැ. මැරෙන මොහෙතෙත් සතුටු වෙන්න පුළුවන් කළ හොද දේවල් මතක් කරලා. මෙතුමාගේ දෙමවුපියටත් ගුරුවරුන්ටත් සතුටු විය හැකි පුත්‍ර රත්නයක්.(අ)
මේ වගේ ජීවකයෝ කාර් පර්මිට් ලැබී කාර් වල ගියා නම් අසරණ හදිසි රෝගීන් අමාරුවේ නේද? (නි)
මෙහෙම උතුම් මිනිස්සු අද කාලේ හරි අඩුයි (නි)
සතුටට කරුණක්. රෝගියාටත්, ඔබටත් දීර්ඝායුෂ පතමි! උදව්වක් අවශ්‍ය තැනට උදව් කිරීම උතුම් මනුෂ්‍ය ගතියක්. සැමට ස්තුතියි! (නි)
රටට අවශ්‍ය මෙවැනි ගුණගරුක වෛද්‍යවරු මිස වාහන පර්මිට් එක නිසා අසරණ ලෙඩුන් අමාරුවේ දමන උදවිය නොවෙයි. (නි)
මේ දොස්තර මහතාගේ මව්පියන් ගුණවත් බුද්ධිමතුන් වියයුතුයි. නැත්නම් අද සමහර අම්මලා වගේ ලොක්කෙක් වෙන්න පමණක් ඉගැන්වුවා නම් මේ වගේ හැසිරීමක් ඒ තරුණ වෘත්තිකයාගෙන් පෙන්නුම් කරන්නේ නැහැ. මගේ ආචාරය ඒ නැණවත් මව්පියන්ටයි. (නි)
එ්කත් ඇත්ත තමා සරසි ., මගෙත් ආචාරය දෙමාපියන්ටත් දොස්තර මහතාටත් (බ)
බමුණු. මෝඩ කතා කියන්න එපා. ඔය වගේ මහත්වරු එපාවෙලා මේ රට දාල යනවට වඩා හොඳ නැත්ද ඔවුන් ඉල්ලන අවම පහසුකම් ලබා දීලා මේ රටේම තියාගන්න එක ? (බ)
මනුස්සකමක් නැති නම් එතන දොස්තරකමට සුදුසු නැත . (හේ)
මේ දොස්තර මහත්මයා අනික් දොස්තර වරුන්ට ලොකු ආදර්ශයක් පෙන්වා දී තිබෙනවා (හේ)
උගත් මිනිහෙක්ට කාර් පර්මිට් එක ලෑබෙනවට විරුද්ධ ඔයාලා නූගත් මෑති ඇමතිවරුන්ට කාර් පර්මිට් එක ලැබෙද්දි බීරින් අන්ධයින් වගේ ඉන්න එකයි කනගාටුව. (බ)
වෛද්‍යවරුන් කරන සේවය ගැන අපිට දැනගන්න ලැබෙන්නේ ස්වල්පයයි (නි)
මමත් පැය විසිහතරේම ඕනෑම ලෙඩෙකුට රාජකාරියෙන් තොර වෙලාවේ ප්‍රතිකාර කළා. ඒක ලොකු ලොකු කතා ඇහෙද්දී මම ඒක නැවැත්තුවා. (නි)
වෛද්‍ය ජනිත, එහෙම කරන්න එපා, ඔය ලොකු ලොකු කතා කියන්නේ මෝඩයෝ, දැන් බලන්න මෙතුමා නොහිටියානම් මේ අසරණ ලෙඩාට මොකද වෙන්නේ . අනෙක් අපේ ලංකාවේ සලකන්න ඕන උගත් අයට එහෙම නොවෙන නිසානේ රට ඇත ඇරලා යන්නේ. (ස)