විශාල පන්සල් වත්තක් සහිත විහාරස්ත දායක සභාවට අලූත් සභාපතිවරයකු තෝරා පත්කර ගත්තේය. ඔහු පත්වූ සැනින් ලොකුහාමුදුරුවන්ට යෝජනා කළේ අපෙ නායක හාමුදුරුවනේ අපි මේ පල නොදරන කණාටු පැරණි පොල් වගාව ඉවත් කරමු. අලූතින් පොල් හදමු. සහනාධාරත් ලබාගමු යනුවෙනි. ලොකු හාමුදුරුවෝද අදහස අනුමත කළහ. අලූත් සභාපතිවරයා පැරණි පොල් වගාව ඉවත්කිරීමේ වැඩ පසුදාම ආරම්භ කළේය. යන්ත‍්‍රානුසාරයෙන් පොල්ගස් කපයි. විවිධ ප‍්‍රමාණවල කඳන් කුට්ටි කරයි. අවම වශයෙන් පොල් කඳන් පටවාගත් ට‍්‍රැක්ටර් ටේ‍්‍රලර් තුනක්වත් දිනපතාම පන්සල් වත්තෙන් නගරය බලා පිටත්වෙයි. මෙසේ දින සති බවට හැරී ගෙවීගියේ දෙසතියකි. පැරණි පොල්වගාව ඉවත්කිරීමේ ආනිශංසය හේතුකොටගෙන අලූත් සභාපතිවරයා මාර්ග ඵලයක් ලැබුවේය. එම මාර්ගඵලය අලූත් වර්ගයක අලූත් හැඩයේ යතුරු පැදියකි. සභාපතිවරයා දැන් පන්සලට එන්නේ යන්නේ එම යතුරු පැදියෙනි. අන්න බලාපල්ලා අලූත් සභාපති තුමාට පරණ පොල්ගස් කැපීමේ පින පලදීලා තියන හැටි. බ‍්‍රෑන්ඞ්නිව් බයික් එකක්. හිටපු සභාපතිතුමා කඩමණ්ඩියට පැමිණි අවස්ථාවකදී ගමේ පිරිසක් අමතා පැවසුවාලූ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා කලින් ප්‍රාදේශීය සභාවක සභාපති කෙනෙක් වෙලා හිටියද දන්නේ නැහැ. (නි)
එතුමා බ්‍රෑන්ඩ් නිවු බයික් එකෙන්ම තුන්තරා බෝධියකින් එක්තරා බෝධියකට යයි. (නි)
පන්සලෙන් හෝ තමන්ට ගොඩ යෑමට හැකිනම් එයයි සැබෑ ආශ්චර්යය වන්නේ. (නි)
මෙහෙම ගියොත් පන්සලේ පරණ ගොඩනැගිලි ටිකත් කඩලා ඒවා කොටස් කරලා විකුණයිද දන්නේ නැහැ. (නි)
ඔබලාට ඊරිසියාද?(නු)
ලලිත් අපිටනම් එහෙම තමා.. ඔබට..!!(නු)
සරත් මට එහෙම හිතුනත් කියන්නෙ නැහැ.. ඔයත් එහෙම ඉන්න උත්සාහ කරන්න.. පේනවානේ දැං අපේ වැව් හිදිලා වැස්ස නැහැ.. තව ටික දවසකින් බොන්න වතුරත් නැති වෙයි..! (නු)
අනේ සාදු....!!(නු)
සාධු සාධු ! දැන් කටාර් වලට හොඳට වහිනවලු. හැබැයි ලලිත් වාචසික සංවරය වගේම මානසික සංවරයත් අවශ්‍යයි.(වි)
පොඩි මිනිහට හුලන් (දී)
සන්තෝසයි (දී)
කොච්චර පිනක්ද කරගෙන තියෙන්නේ (දී)
පරණ පිනක් මුගෙ හිසේ කඩාගෙන වැටිලා... (නි)
ඊර්ෂ්‍යාවයි නේද? කොච්චර පිනක්ද කරගෙන තියෙන්නේ? සන්තෝෂයි. අනේ සාදු! ඔයාලත් උත්සාහ කරන්න. (නි)
සමහර ප්‍රතිචාර වලින් බුදු දහමට නිගරු වෙනවා. (නි)
මේ මනුස්සයා මෙච්චර දෙයක් කරනකන් දායකයොයි හාමුදුරුවොයි මොනවද කරේ.....?(ස)