(කල්පිටිය පද්මා කුමාරි කංකානම්ගේ)
‘‘දුව එන්න, මට ගේ ළඟට ඇරලවන්න සුළුවනි. වැස්සේ තෙමි තෙමි යන්න එපා’’ කාරුණික ත‍්‍රිරෝද රථ මාමා කෙනෙක් ඉදිරිපත් වූයේය.
පාසලේ සිට කිලෝ මීටරයක් දුරින් නිවෙස පිහිටි, දස හැවිරිදි දැරියක ත‍්‍රිරෝද රියට ගොඩ වූවාය. නිතර දෙවේලේ දකින මාමා පිළිබඳව දැරියට කුකුසක් නොවීය. විසි එක් හැවිරිදි ත‍්‍රිරෝද රථ මාමා විවාහපේක්ෂිත තරුණයෙකි.
‘‘පුංචි කාලේ ඇල්ලූවාට පස්සේ අත ගාන්නත් බැරි වුණා.’’ මාමා දැරියගේ පාද සෙනෙහසින් පිරි මැද්දේ ය.
‘‘දුව අම්මාට එහෙම මුකුත් කියන්න එපා’’ නිවෙස අසලින් දැරිය බැස්ස වූ ත‍්‍රිරෝද මාමා වහාම ඉගිල ගියේය.
‘‘අම්මෙ මා කැන්දන් ආ ත‍්‍රිරෝද මාමා, අපේ නෑදෑයෝද?’’
‘‘නැහැ. ඇයි දුව එහෙම අහන්නේ?’’
‘‘එහෙනම්, ඒ මාමා මට කිව්වා නේ, පුංචි කාලේ ඇල්ලූවාට පස්සේ අදයි අතගාන්න ලැබුණේ කියලා මා අත ගෑවානේ’’ දියණිය පැවසුවාය. ත‍්‍රිරෝද රථය යළි නිවෙස අසලින් පැමිණෙන තුරු, මව මග බලා සිටියාය. ඈත සිටම ත‍්‍රිරෝද රථයට අත දමා මව රිය නතර කළාය.
‘‘මට අද ඉස්කෝලේ ගාවට යන්න පරක්කු වුණා. මේ වැස්සේ දුවව ගෙදර ඇරලපු එකනම් ලොකු පිනක්. ලොකු උදව්වක්. අනේ එන්නකෝ තේ ඩිංගක් බීලාම යන්න.’’ මව පෙරත්ත කළාය.
අවසානයේ ත‍්‍රිරෝද රථ මාමා, මවගේ බලවත් පෙරැුත්තය හමුවේ නිවසට ගොඩ වූවේය.
‘‘වාඩි වෙන්න. වාඩිවෙන්න. හීතලට කෝපි එකක් හොඳයි නේද?’’
‘‘හොඳයි, හොඳයි... ඕක මහ ලොකු උදව්වක් නෙවෙයි නේ.’’ ඔහු පැවසුවේය. මව මුළුතැන් ගෙයට ගියාය. එසැණින් බූවල්ලක් අතින් ගත්, මව මදි නොකියන්න තරුණයාට පහර දුන්නා ය. ‘‘උඹේ අම්මා ගැහැණියක් නෙමෙයි ද? උඹට සහෝදරියෝ නැද්ද? උණුසුම් කෝපි කෝප්පය වෙනුවට බූවලූ ප‍්‍රහාරයට ලක් වූ ත‍්‍රිරෝද මාමා පණ එපා කියා දිව්වේ තම ජඩ කමට උගත් පාඩම ද සමගිනි.
සිය දරු දැරියන්ට විස්වාසම කිට්ටු ඥාතියකු ගේ හැර වෙනත් අයකුගේ රථ වාහනවලට ගොඩ නොවන්නට තරයේ අවවාද කළ යුතු බව පොලිසිය කියයි. විශේෂයෙන් ආවරණය කළ ත‍්‍රිරෝද රථ ඇතුළු වැසුණු වාහනවලට ඇතුළු නොවන ලෙස කීමටද දෙමාපියන් හා ගුරුවරුනට ලොකු වගකීමක් ඇති බවද පොලිසිය පැවසීය.
1995 අංක 22 දරණ ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග‍්‍රයේ 345 දරණ වගන්තියට අනුව සැකකරුට නීතිමය පියවර ගන්නා බව පොලිසිය කියයි. කල්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක රංජිත් අබේනායක මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක දැරියක් සහ බුද්ධිමත් අම්මා කෙනෙක්. (නි)
මේ වගේ මිනිස්සුන්ට මේ වගේ දෙවල් කරන්න ඕනා. ගොඩක් හොඳ දෙයක් කරලා තියෙන්නේ (නදී)
ගහේ හැටියට තමා ගෙඩි. හිටවපු දේවල් තමයි පැල වෙලා තියෙන්නේ. මාමල තමයි රජ කරන්නේ. (අ)
අද පමණක් නෙමෙයි අපට හෙටක් තියෙනවා. වීදුරු ගෙවල් වල ඉඳලා ගල් ගහන්න එපා. (නි)
මේවගේ අයට මතක හිටින පාඩමක් කියා දෙන්න ඕනා. (අ)
මේ අම්මා හොඳ වැඩියි. මම එහෙම නම් ඕකාව එල්ලනවා. (නි)
හරියට හරි (නදී)
මේ වගේ අයට ගහලා මදි.(හේ)
අනේ දෙයියනේ! (නි)
මේ වගේ නැහැදිච්ච පුද්ගලයින් හින්දා තමයි අද සමාජය පිරිහිලා තියෙන්නේ.(හේ)
හොඳ වැඩේ (දී)
අම්මයි දුවගේ බුද්ධිමත් හැසිරීමට මගේ උත්තමාචාරය, එත් මේ දැරිවි හෙට පාසලට ගියාම හැමෝම බලයි බලෙන් දුෂණය කරවගත්තු නැහැදිච්ච කෙල්ලක් විදියට, ඔන්න ඔහොමයි අපේ රට, (දී)
මේ අම්මා සහ දුව දෙන්නම අද කාලෙට ගෙලපෙන හොද පාඩමක් සමාජයටම දීලා තියෙන්නේ.(හේ)
මේ වගේ මිනිස්සුන්ට හොද පාඩමක් (දිල්)
දරු පැටියත් හොදයි.අම්මාට ඔය දේ නොකිය හිටියා නම් පසුව ඔයිට වඩා දෙයක් කරන්න තිබුනා.අම්මා දුන්න පාඩමත් නියමයි.පුංචි දරුවන් පවා දැන් කාලේ හොඳින් දැනුවත් කරන්න වෙලා.(හේ)
හොද වැඩක්.මේ වගේ අයට ගහලා මදි.(හේ)
ඒකනම් හොද වැඩක්.(හේ)