මාතර කොළඹ දක්වා ධවනය වන බසයකි. අහංගම දී බසයට නැග්ගේ තරුණ දියණියන් දෙදෙනකු සමග මවුපිය යුවළකි. තරුණ කොන්දොස්තර රුපියල් එකසිය හතළිස් අටක ටිකට්පත් ඔවුන්ට නිකුත් කළේය. පියා රුපියල් එකසිය පනහක් ඔහු අත තැබීය. සෙසු අයගේ ද ටිකට් කඩමින් ඉදිරියට ගිය ඔහු ආපසු විත් තරුණ දියණියන් දෙදෙනාට කොමල හිනාවක් පා ටොෆි දෙකක් දිගු කළේය. දියණියන් දෙදෙනා සිය මවුපියන් දෙස බැලූවේ ලජ්ජාවෙනි. ගන්නකෝ කොන්දොස්තර තරුණයා ඉඟිමරමින් කීවේය. ”ඇයි මේ?” දැරියගේ මව නොමනාපයෙන් ඔහු දෙස බැලීය. පියාටද දැඩි කෝපයක් වූ බවක් පෙනිණි. ඔහුද රවා බැලීය. ”මහත්තය ඉතුරු මාරු සල්ලි දෙන්න රුපියල් දෙකක් නැති නිසා මේ ටොෆි දෙක දුන්නෙ. කඩවලත් එහෙමනෙ. එපානම් කමක් නෑ” කී ඔහු ඉදිරියට ගියේ මගීන්ගේ සිනා හඬ මැදලූ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනවශ්‍ය වැඩ කරන්න එපා
නංගිලට ටොෆී දෙන්න හදන අය නමි ඔන තරම් ඉන්නවා.... (ස)
මේාව මහා පිස්සු වැඩ නේද මෙයාලා..!(නු)
අයියෝ සල්ලි
ටොෆි වෙනුවට බබ්ල්ගම් එකක් දෙන්නයි තිබුණේ. (නි)
මෝඩයිනේ. නංගිට ටොෆි දෙද්දී නැන්දම්මාව අමතක කරලනේ. (නි)
මාරු සල්ලි තියාගන්න බෑරිනම්, ටොපි තියාගන්නෙ කොහොමද? (නි)
තේ බොන්න නවත්තපු කඩෙන් ගත්ත ටොෆි වෙන්න ඇති. (නි)
තැනට සුදුසු නුවණ පාවිච්චි කළ බුද්ධිමත් කොන්දොස්තර. (නි)
අපිත් අනිත් දවසේ බස් වලට ටොෆි වලින් ගෙවමු. (නි)
අනෙක් දවසෙ ටොෆි 150ක්ම ගෙනිච්චා නම් ඉවරනේ. (නි)
එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි (නි)
කොන්දොස්තරත් බස් එකත් කඩයක් කරගෙනද? මාරු කාසි සාක්කුවෙ තියාගන්න බැරි කොන්දොස්තර කොහොමද ටොෆි පැකට් එකක් ළග තියාගෙන ඉන්නෙ.? කොහොමත් මේ වගේ අසීලාචාර වැඩවලට ඉඩ දෙන්න නරකයි..!(නු)
අපිටත් ටොෆියක් වගේ (ස)
අමාරුවේ නොවැටී තියෙයිද මම අහන්නේ
විකාර කියන්නේ ඕවා තමයි
රුපියලට ටොෆියක් දෙනවනම් මරු නේ ..මෙයා දන්නේ නැතුව ඇති දැන් ටොෆියක මිල (ස)
අපිටත් ටෝෆියක් දුන්නා වගේ (ස)
ඒ මනුස්සයා කරලා තියෙන්නේ සාධාරණ වැඩක්නේ. ඇයි වරදවා වටහා ගන්නේ ? (නි)
ප්‍රීති ඔයාට මේක සාධාරණයි කියලා දැනෙනවද ??.(ස)
එහෙම කරපු එකත් වටිනවා . සමහරු කොන්දස්තර වරු දොස්තර වෙන්න හදනවා බස් එකේදි (ස)
හොදයි හොදයි. මේ වැඩෙත් නරකම නැහැ. (නි)
ගොඩක් බස්වල ඉන්නේ හොරු. ඉස්සර නම් දුන්නේ නැත්තේ රු.2,3. දැන් එහෙමද? රු. 10,30 ගහන්නේ. (නි)
කන පලල ඇපල් හිටවන්න තිබුණේ (ස)
මම හිතාගෙන ඉන්නේ මාරු කාසි ඉල්ලුවම ටොෆි වලින් දෙන්න (ස)
නව සොයා ගැනීමක් (ස)
සරත් ඕයා හරියට හරි....(ස)
ටොෆියේ ඉනාවක් තියෙන්න නැතුව ඇති ?දූලා දෙන්නා ලැජ්ජාවෙන් ඇඹරුනේ මොකෝ (ස)
එක ටොපියද ?(ස)
ඒක අම්මට හරි තාත්තට හරි දෙන්න තිබුණනේ නංගියේ (ස)
කොන්දොස්තර මාරුසල්ලි වෙනුවට ටොෆීත් ගෙනියනවා ඇති (ස)
ටොෆි වලට හොද ඉල්ලුමක් (ස)
කරන මේ සෙල්ලම්.... වේවි දවසක ලෙල්ලම් (ස)
අපිට කවුද ටොෆි දෙන්නේ..ඒ අය ලඟ කවදාවත් ඉතුරු සල්ලි නෑ (ස)
බොරු කතාවක් නේද?(ස)
අනේ අපිටනම් ටොෆිත් නෑ...ඉතුරු සල්ලිත් නෑ (ස)
මොකද්ද මේ බස් රථයේ අංකය (ස)
ඉතුරු වලට ටොෆියක්වත් දෙන එක කොච්චර හොදද (නි)
බාල ටොෆිද තිබුණේ? (නි)
කොන්දොස්තර මොකද කෙල්ලන්ට ටොෆි දෙන්නේ? (නි)
අපරාදේ කොන්දොස්තරටම ටොෆිය කවන්න තිබුණා (ස)
ඉතුරු මුදල වෙනුවට වෙන්න ඇති. භාණ්ඩ හුවමාරුව තහනම් කල යුතුයි (ස)
අපේ නංගිලා අහනවා බස් එකේ නොම්මරය. එයාලටත් ටොෆි කන්න හිතිලා (ස)
ඒ කොන්දොස්තර සිල්ලර කඩයක් කරනවා. ඒ පුරුද්දටයි ටොෆී දුන්නේ (ස)
තරහයන තාත්තා කෙනෙක් උනානම් මෙලහකටත් කෙන්දොස්තරට ටොෆිය හම්බවෙලා (ස)
මමත් අනිත් දවසෙ මාරු සල්ලි නැත්නම් කොන්දොස්තරට ටොෆි දෙනවා (ස)