(උණවටුන ඩී.ජී.සුගතපාල)
ඇයගේ කරදරවල අඩුවක් නැත. ගෙදර දොරේ අඬ දබරද එමටය. මේ සියල්ල දැන සිටි ඇයගේ හිතවතියක් ඇයට කදිම උපදෙසක් දුන්නාය. “අර කපු මහත්තයා හරියට බලන් හිටිය වගේ ඔක්කොම කියනවා. ඔය අපල ඔක්කොම නැති වෙන්න පූජාවකුත් කරල දේවි“මිතුරිය ඇයට කීවාය.
ඒ අනුව ඇය දිනක් නිවසේ අයට ද හොරෙන් කපුවාගේ දේවාලය සොයා ගියාය. කපටි කපුවාද ඇයගේ කටින්ම තොරතුරු දැනගෙන බලා හිටියා මෙන්ම සියල්ල නිවැරදිව කිව්වේය. ඇතිවි තිබෙන සියලුම අපල දුරු කරවා පවුලේ සමගිය දියුණුව උදාකර දීමට ද කපුවා පොරොන්දු විය. ඒ සඳහා පූජාවට අවශ්‍ය කරන දේවල්වල ලැයිස්තුවක්ද ඇය අතට පත්විය.
ඇයගේ හිතට යම් සහනයක්ද ලැබිණි. ඇය අපල දුරුවි සාමය සතුට ළඟාකර ගැනිමේ අරමුණින් පූජාවට සූදානම් වූවාය. පූජාවට අවශ්‍ය පළතුරු සඳහා ඇය මිලද නොසළකා හොඳම පළතුරු ගත්තාය. නොයිඳුල්ව කැවිලි වර්ගද සැදුවාය. පළතුරු වර්ග හතක් කැවිලි වර්ග හතක් ඇතුළු මල් බුලත් සුවඳ දුම් ආදියද රැගෙන ඇය ත්‍රිරෝද රථයක නැගී දේවාලය බලා පිටත්වූවාය.
දේවාලය ආසන්නයේ කඩයක් අසල ත්‍රිරෝද රථය නතර කළේ ඇයට අමතකවූ තවත් දේවල් කිහිපයක් ගැනීම සඳහාය. ඇය පූජාව සඳහා ගෙනෙන ලද පළතුරු සහ කැවිලි පාර්සලය ත්‍රි රෝද රථයේ පිටුපස අසුනේ තබා කඩයට ගියාය. සෑහෙන වේලාවකට පසු ඇය යළිත් ත්‍රි රෝද රථය වෙත පැමිණියාය. පිටුපස අසුනේ තබා ගිය පළතුරු කැවිලි පාර්සලයේ යම් අඩුවක් දක්නට ලැබුණ නිසා ඇය එය දිගහැර බැලුවාය.
පළතුරුවලින් හොඳම පළතුරුද කැවිලිවලින් කොටසක්ද අඩුය. ඇයගේ බලාපොරොත්තු සියල්ල බිඳ වැටිණි. දෙනෙත් කඳුළින් බරවිය. “කෝ මේ පාර්සලේ තිබුණ පළතුරුයි කැවිලියි. “ඇය ත්‍රි රෝද රථ රියදුරාගෙන් ඇසුවාය.
“අනේ මිස් මට මාර බඩගින්නක් හැදුණා. මම ටිකක් කෑවා “ත්‍රිරෝද රථ රියදුරා කීවේය.
ඇයට සියල්ල අමතක විය. අත දිගහැර ත්‍රිරෝද රථ රියදුරුට පහර පිට පහර කිහිපයක් එල්ල කළාය. එසේ පහරදුන් ඇය ත්‍රි රෝද රථ රියදුරා එළවා දැම්මාය. මේ අතර පේනතෙක් මානයේ සිටි දෙවියන් මේ සියල්ල නොදුටුවා නොඇසුනාමෙන් අහක බලාගෙන සිටියේය.
මවගේ අවමගුලේදී ලොක්කා කළ කතාවෙන් පොඩ්ඩාට අවමඟුලක් උදාවූ අපූරු කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දෙයියො අහක බැලුවාට ත්‍රිරෝද රියැදුරාට බඩපිරෙන්න දීලා
Pradeep Saturday, 20 June 2020 09:13 AM
මිනිසුන්ගේ ඇති ප්‍රශ්ණ සහ ගැටළු වලට විසදුම දෙවියන් බව සිතන තාක් කල් මිනිසාට කවදාවත් සැනසීමක් නැත. දේවාලයේ පින් කැටය හොරු ගත්තාම කපුවා යන්නේත් පොලීසියට. නමුත් අපේ මෝඩ මිනිස්සු...