(කරන්දෙනිය - එම්. සුසිල් ප‍්‍රියන්ත)
දඬුවම් දෙන්න යයි පවසමින් දෙවියන්ට කියූ දෙස් යළි කැන්සල් කළ කපුවකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ කුරුඳුවලට ප‍්‍රසිද්ධ නගරයකින් වාර්තාවේ.
හේ දේවාලයක කපු මහතෙකි. ඔහුගේ දේවාලයට තැබීමට පිරිසක් ගෙනා පූජා වට්ටියක තිබූ අන්නාසි ඇපල් වැනි පලතුරු කිහිපයක් කවුරුන් හෝ සොරකම් කොට තිබුණි.
පූජා වට්ටිය තැබීමට ගෙනා පිරිස තමන් තැබීමට ගෙනාපූජා වට්ටියේ පලතුරු සොරකම් කර ඇතිබව කපුමහතාට කීහ. එවිට ඔහුගේ යක්‍ෂයා ඇවිස්සුනේය.
පලතුරු හොරෙන් කාපු අයට හොඳ පාඩමක් උගන්වන්නම් පවසා තමන්ගේ දේවාලයේ දෙවියන් ඉදිරිපිට දණින් වැටී පලතුරු හොරා කෑ අයට දෙස් තබමින් සිටියේය.
අනේ දෙවියනේ මේ නරයන්ගේ පලතුරු ගෙනත් තිබුණේ ඔබ වහන්සේට පූජා කරන්නයි. පූජා කරන්නත් ඉස්සර වෙලා මේ පූජා වට්ටියෙන් පලතුරු හොරකම් කළ අයට දඬුවම් දෙන්න. ඒ වැඬේ කළේ කවුදැයි යන්න මට පෙන්වන්න. ඔවුන්ට ලේ බඩ යන්න. මේ ආකාරයට ඔහු දෙවියන් ඉදිරියේ දෙස් තිබ්බේය.
මේ දෙස් තබමින් සිටි කපු මහත්තයා ළඟට පැමිණි අයකු ඔහුගේ කනට කර යමක් කීවේය.
ඒ සැණින්ම මේ කපු මහතා අනේ දෙවියනේ පලතුරු හොරකම්කළ අය මේ දැන් මට සැලවුණා. අනේ ඔවුන්ට දඬුවම් නම් දෙන්න එපා. මම තියපු දෙස් කැන්සල් කැන්සල් යයි කියමින් ඔහු කියූ දෙස් නැවතත් කැන්සල් කර දෙන ලෙස ඉල්ලමින් දෙවියන් ඉදිරියේ වැඳ වැටුණේය.
දෙවියන් ඉදිරියේ තැබූ දෙස් මේ කපු මහතා යළි කැන්සල් කරන්නේ මොකද යැයි බැලූවිට දැන ගන්නට ලැබුණේ පූජා වට්ටියෙන් පලතුරු සොරකම් කොට ඇත්තේ කපු මහතාගේ පුතා ඇතුළු ඔහුගේ යහළුවන් පිරිසක් බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපුවා බයවෙන්න ඇති දෙවියන් ඇපයට තියලා හොයාගන්න දේත් ඉවරවෙයි කොලුවා ලෙඩ වුණොත් කියලා. (නි)
මොන විකාරයක්ද මේ (බ)
දෙවියන් සමග ගනුදෙනු (බ)
පාරිස් කතෝලිකයෙක්නම් කියන්න තියෙන්නේ දැන් දැන් ඔයාලගේ පල්ලිවලත් අපි පිරිත් නුල් බඳිනවා වගේම එයාලත් සුදු නුලක් බඳින්න පටන් අරන් කියලයි (බ)
සමදරා, මටනම් පෙනෙන්නේ පාරිස් බෞද්ධයෙක් හෝ බෞද්ධයන් අගය කරන අයෙක් බවයි. එකයි ඔහු කණගාටු වෙන්නේ. (අ)
කපුවා කපෝති... (ර)
කතෝලිකයෝ කවදාවත් දෙවියන්ගෙන් ඉල්ලන්නේ නැහැ කාටවත් දඩුවම් කරන්න කියල . එයාලගේ වතුරත් හරියට බෞද්ධයන්ගේ පිරිත් පැන් වලට සමානයි .(ම)
පාරිස් ඔයා කතෝලිකයෙක් නේද? නිකන් ඕගොල්ල එහෙනම් පල්ලි ගිහින් ඉටිපන්දම් පත්තු කරන්න ඇයි, සෙනග මැදට යාඥා වතුර විසිකරන්නේ ඇයි (බ)
ලංකාවේ මිනිසුන්ගේ මිත්‍යා විස්වාස වල තරම ඔවුන්ගේ අතේ බැඳලා තියෙන නූල් දුටු විට පේනවා. අපේ මිනිස්සුන්ගේ මෝඩ කම දැන් මුළු ලෝකෙම මිනිස්සුන්ට පෙනී ගෙන යනවා. මිත්‍යාව දුරු කල බෞද්ධයන්ට වෙච්ච දෙයක්.(නදී)
කපුවාට යක්ෂයා ඇවිස්සුනා නම් යන්න තිබුනේ යක්ෂයා ලඟට. මොකද දෙයියෝ ලඟට යන්නේ පිහිට ලබන්න මිසක් අනිත් අයට ශාප කරන්න නොවෙයිනේ. මේවට රැවටෙන මිනිස්සු තවමත් ඉන්නවනේ. (නදී)
ලංකාවේ මේවා විශ්වාස කරන අය තවම ඉන්න නිසා කපුවන්ට වාසියි (නි)
එතකොට කපුවාගේ කෙනෙක් මොන හත් ඉලව්වක් කලත් කමක් නැහැ. අනිත් අයට තමයි හෙන වදින්නට ඕනේ කියා දෙවියන්ට යාතිකා කරන්නේ. කපුවෝ පසුපස යන මෝඩයෝ එදත් හිටියා. අදත් ඉන්නවා. හෙටත් ඉඳියි. අනේ කවදා මේ වනචාරි යුගයෙන් මිදී අපේ මිනිසුන් දියුණු ලෝකයත් සමග අත් වැල් බැඳ ගනු ඇත්ද? (නදී)
කපුවටද අපිටද වැරදුනේ? සමදරා නෝනේ, කපුවාගේ දෙවියෝ තමා පළතුරු ටික කාලා තියෙන්නේ යාලුවොත් එක්ක.අනේ කාලේ වනේ වාසේ......! (නි)
ඇත්තටම දෙවියෝ වැඩ හිටියත් දෙවොලේ ... කපුවන්ගේ මේ පිස්සු කෙලිල්ල නිසා, දොවොල අතහැර යනවා දෙවියොත් (නි)
ප්‍රතිචාර දාන්නවත් දන්නේ නැති මෝඩ මිනිස්සු (නදී)
දෙවියොත් දැන් ඉංග්‍රීසි පන්ති යනවලු (නදී)
දෙවියෝ ඕනෑම භාෂාවක් දන්නා නිසාම හොඳයි.(නදී)
කපුවොත් දැන් මොඩ් වෙලා වගෙයි (නි)
මෙහමයි - කපු මහතාගේ ක්‍රියා වෙන් ඔප්පුවෙනවා ඔහු ඔහුගේ දෙවියන් ඉන්න බවට විශ්වාස කරන බව (නදී)
දෙවියන්ට අලුත් භාෂාවක් ඉගෙනගන්න වෙයි. මොකද කපුමහතාත් දැන් කතාකරන්නේ එෆ් එම් ගිරවියන්ගේ සින්ගිලිස් භාෂාවෙන්නේ. (නි)