ව්‍යාපාරිකයෙකි. ගමන බිමන වටිනා රියකිනි. ජංගම දුරකතනය භාවිතයක් නැත්තෙකි. දුර ඇමතුමක් ගතයුතු වූ විටදී දුරකතන මධ්‍යස්ථානයකට හෝ තැපැල් කන්තෝරුවකට යාම ඔහුගේ සිරිතය.
පසුගිය දිනෙක තැපැල් කාර්යාලයකට ගිය ඔහු යුවතියක වූ උපතැපැල් ස්ථානාධිපතිවරියට දුරකතන අංකයක් පවසා එයට ඇමතුමක් ගෙන දෙන ලෙස ඉල්ලා සිටියේය.
ඇමතුම අවසන්ය. මුද්‍රිත බිල්පත තැපැල් ස්ථානාධිපතිනිය තරුණ ව්‍යාපාරිකයා අත තැබුවාය. එහි මුදල රුපියල් දහඅටක් ලෙස සඳහන් විය. දැඩි විමසිල්ලෙන් ඒ දෙස බැලූ ව්‍යාපාරිකයා මිස් මට රුපියල් දෙකක් දෙන්නැයි ඉල්ලූවේය. ඇය ඔහු අත රුපියල් දෙකේ කාසියක් තැබීය. ”එතකොට මිස් රුපියල් විස්සයි” මම හෙට රුපියල් විස්ස ගෙනවිත් දෙන්නම්” කියා ඔහු සිය රථයට ගොඩවූයේ තැපැල් ස්ථානාධිපතිනිය තුෂ්ණිම්භූතව බලා සිටියදීය.
කර කියාගත දෙයක් නොවූ උපතැපැල් ස්ථානාධිපතිනිය සිය අත්බෑගය විවර කර රුපියල් විස්සක් ගෙන ලාච්චුවට දැම්මේ විගණන ගැටලූවක් ඇතිවීම වැළැක්වීම සඳහාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ ව්‍යාපාරයත් පොළු තැබීමද? (නදී)
මේක තමයි වෙනස. ව්‍යාපාරිකයා රුපියල් විස්සකට ලෝබකම් කලාට දුප්පත් අප එහෙම කරන්නේ නැහැ. (නදී)
බිස්නස් කරන කෙනෙක්නේ (දිල්)
කතාව ඇත්ත නම් මෙයා කපටිම කපටි හොරෙක්.(නදී)
මාර වැඩක් නේද කරලා තියෙන්නේ? (නදී)
හෙට කියලා දවසක් තියෙනවද දන්නේ නැහැ ඒ මනුස්සයාගේ පොතේ (දී)
ගනු දෙනු; කියලනේ කතාවටත් කියන්නේ. ඇයි ඉතින් මේ මැඩම් ගන්න කලින් දුන්නේ? (දී)
සමහරවිට වියාපාරිකයෙක් නිසා රුපියල් 2 අරගෙන කලබලේට රුපියල් 20 දෙන්න අමතක වෙන්න ඇති. ඒකත් එක්තරා කට්ට කමක්. (නදී)
ඉතින් ඊට පසුවදා ගෙනත් දීල නැද්ද... (දී)