(උණවටුන - ඞී.ජී. සුගතපාල)
ඌව පළාතේ පදිංචි විසිතුන් හැවිරිදි ඔහු රැුකියාව කළේ දකුණු පළාතේ ප‍්‍රධාන නගරයක පිහිටි පෞද්ගලික ආයතනයකය.
දිනක් රාති‍්‍ර ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබුණේය. ඔහු ”හලෝ” කියා පිළිතුරු දුන්නේය. ‘‘අනේ සොරි වැරදීමක්” යනුවෙන් මිහිරි කටහඬකින් පැවසූ තරුණියක් දුරකථනය විසන්ධි කළාය.
එහෙත් ඒ කටහඬ ඔහුගේ ආදර සිතුවිලි අවදි කළේය. ඔහු පසුබට වුයේ නැත. එම අංකය යළිත් එබුවේය. ඔහුගේ උත්සාහය සාර්ථක විය. ප‍්‍රතිඵලය වුයේ ටික දිනක් යනවිට දෙදෙනා එක්ව පේ‍්‍රමයේ කුඩා පැළයක් රෝපණය කිරීමය. මාස කිහිපයක් යනවිට එම පැළය මල්බර වන්නට විය. දැන් දෙදෙනාටම නොදැක සිටීමට බැරිය.
‘‘මේ අවුරුද්දට ඔයා අපේ ගෙදර එන්න. මං කාමරයේ ජනේලය ඇරල තියන්නම්.’’ ඇය ආදරයේ නාමයෙන් ඉල්ලා සිටියාය. එය ප‍්‍රතික්‍ෂේප කිරීමට ඔහුට නොහැකිවිය.
අවුරුද්දට පසුදින රාති‍්‍ර ඔහු ඇයගේ නිවස සොයා පියමැන්නේය. එවිට වේලාව රාති‍්‍ර දහය පසු වී තිබිණි. එක අතක චොකලට් පාර්සලයකි. අනෙක් අතේ ජංගම දුරකතනය විය. ජංගම දුරකතනය මඟින් දෙන මං සලකුණු ඔස්සේ ඔහු ඉදිරියටම ගියේය. මේ වනවිට ප‍්‍රධාන මාර්ගය සිට මීටර් පන්සීයකට වඩා දුරක් ගම ඇතුළට ගොස් සිටියේය.
ඇය දුන් මං සළකුණු ඔස්සේ ඇයගේ නිවසයයි සිතිය හැකි නිවසක් අසළට ඔහු පැමිණියත් එම නිවසේ කියූ පරිදි ජනේලයක් විවෘත කර තිබුණේ නැත.
ඔහුගේ හැසිරීම පිළිබඳ සෙවිල්ලෙන් සිටි අසල්වැසියෝ පිරිසක් වැඩි වේලාවක් යාමට පෙර ඔහු අල්ලාගෙන ප‍්‍රශ්න කරන්නට වූහ.
තමා එම තරුණියගේ පෙම්වතා බවත් ඇය හමුවීමට පැමිණි බවත් ඔහු කියා සිටියේය.
එහෙත් අසල්වැසියන් එම නිවසට ගොස් ඔහු පෙන්වා සිද්ධිය පැවසූ විට නිවැසියෝ අන්ද මන්ද වූහ. තරුණිය කැඳවා ඔහු හඳුනනවා දැයි විමසූ විට ඇය කිවේ තමා කිසි දිනයක ඔහු දැක නැති බවය.
ඔහු අත තිබූ චොකලට් පාර්සලය සීසීකඩ ගියේය. එවිට වේලාව මධ්‍යම රාති‍්‍රයට ද ආසන්න වී තිබූ නිසා පොලිස් ජීප් රථයක් පැමිණ ඔහුට ප‍්‍රවාහන පහසුකම් සැලසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න මේ ෆෝරම් එක කොතරම් වැදගත්ද කියල. දැන් අපි බේරෙන්න ක්‍රම දෙකක් ඉගෙන ගත්තා. 1. ෆෝන් එකේ කෝල් හිස්ට්‍රිය මකා නොදැමීම. 2. කෙල්ල නැතත් බල්ලා යාළුකර ගැනීම. තව දන්නා අය බහුජන හිතාය, බහුජන සුඛාය කියල ලියන්න. ස්තුතියි.(ස)
කෙල්ල බොරු කියලා නැහැ. කෙල්ල දුරකතනයෙන් කතාකළාට කවදාවත් කොල්ලව දැකලා නැහැ (නදී)
පව් කියල හිතෙනවා..මේවා දැක්කම ඉස්සර බලපු හින්දි චිත්‍ර පටි වලටත් අන්තයි (ස).
නියම පිරිමියෙක් වගේ දවල් කාලේ කෙල්ලගේ ගෙදට්ට ගියානම් ඉවරනේ මලේ .(ස)
සඳුන් , තව එකක් තියෙනෙව. ගෙදර බල්ලා යාලු කර ගැනීම. (කමල් ගේ අත්දැකීම ) කෙල්ල / ස්ත්‍රිය පිටු පෑවට බල්ලෝ එහෙම නෑ. උන්ට කල ගුණ මතක තියෙනවා. (ස)
ඕක මොකක්ද ? මගේ යාලුවෙකුට මහා රෑ ගෙදරට එන්න කියල ගෙදරට ගියහම පුතා දැක්ක කියල හොරෙක් හොරෙක් කියල කෑගහුවෙත් ඔය ජාතියේ කෙනෙක් තමයි (බ)
සරත්ගේ මොළේ තමයි මොළේ. පින්නට අහුවෙන්න දෙන්න එපා (නි)
මේකා මහ පුදුම මෝඩයෙක්නේ! (නි)
රෑට ජනෙල් වලින් පනින්න ගියාම ඔය වාගේ වැඩ තමයි සිද්දවන්නේ. (ස)
මල්ලි, එන්න කිව්වා නම්, ඉස්සලාම කරන්න තිබුනේ "දිවා කාලේ ඒ පැත්තේ රවුමක් දාල එන එකනේ " (ස)
පුතා තාත්ත ගෙන් ඇහුව කසාද බදින්න කොච්චර යනවද කියල ? තාත්ත කිව්වා එ්කනම් පුතේ මම හරියට දන්නේ නැහැ එත් මම තාම ගෙවනවා . කියලා (ස)
පෙම්වතාගේ සහ සැමියාගේ වෙනස දන්නවද ?විනාඩි 45 යි .පෙම්වතියගේ සහ බිරිදගේ වෙනසනම් කිලෝ 45. (ස)
මම මගේ පෙම්වතියගෙන් ඇහුව, තමාලි ඔයා හිතනවද මගේ පඩිය ප්‍රමාණවත් කියල ?අපෝ ඇති පහන් එත් ඔයා කොහොමද ජිවත් වෙන්නේ? (ස)
ගෑනු ඔහොම තමයි. බිල්ලක් ඕන වුනොත් තමන්ගේ අාදරවන්තයව හරි දෙනවා. එක මල්ලි ලෝකේ හැටි. ඉතින් අපේ මල්ලිලා ටික මේකෙන්වත් පාඩමක් ඉගන ගත්තොත් අගෙයි. (ස)
මොන මගුලකටද නොදන්න අයත් එක්ක පෙම් කෙලින්න ගියේ..! (බ)
ගෑනු ඔහොම තමයි බිල්ලක් ඕන වුනොත් තමන්ගේ අාදරවන්තයව හරි දෙනවා. එ්ක මල්ලි ලෝකේ හැටි. ඉතින් අපේ මල්ලිලා ටික මේකෙන්වත් පාඩමක් ඉගන ගත්තොත් අගෙයි. ((බ)
කමලුත් එහෙනම් කොටු පැනල තියෙනවා රෑට රෑට නේද ?(බ)
මොනවාටද ඔය දුරකථන මල් කැඩිල්ල කරන්න ගියේ ? (අ)
මටත් ඔහොම ගුටි කන්න අවස්ථාවක් උදාවී අනූනවයෙන් බේරුනා. ගමේ අය මාව අල්ලගත්විට බියට පත් පෙම්වතිය මාව අදුරන්නේ නැති බව කීවත් ඇයගේ ගෙදර සැර බල්ලා මාව අදුරාගත් බැවින් සියල්ලන්ටම කාරණය වැටහී මාව නිදහස් කළා. බල්ලාට තුති (බ)
ඩයස් හරි ගැනවෙන්නනම් ඕනතරම් කර්ම තිබිල තියෙනවා. (ස)
කෙල්ල කලබලේට ලේජ්ජාවට නැහැ කියන්න ඇති දැන් මෙයා කරපු වරද මොකක්ද පොලිසියෙන් අල්ලන් යන්න මට තේරෙන් නැහැ. (ස)
පරව ගිය පෙම් කැකුළ (බ)
කොල්ලට තිබුණේ දුරකතන අංකය කට්ටියට පෙන්නලා ගැළවෙන්න (නි)
කෙල්ල දීලා තියෙන්නේ නියම ළණුවක් (නි)
ජංගම දුරකතනයෙන් ලැබෙන වැරදි ඇමතුම් ඔස්සේ ජංගම ආදර සම්බන්ධතා චොකලට් වලින් රස ගැන්වීම කළනොහැකි බව මේ සිද්ධියෙන් පැහැදිලි වේ. (නි)