ඔවුහු අනුරාධපුරයේ පදිංචි යුවළකි. දිනක් මහනුවර ප‍්‍රදේශයේ ඥාති සොහොයුරියක් ඔවුනට දුරකථන ඇමතුමක් දෙමින් තම දියණියගේ මංගල්‍යය නුවර හෝටලයක පවත්වනු ලබන බවත්, වැඩ කටයුතු අධික බැවින් පැමිණ ආරාධනා කිරීමට නොහැකිවීම ගැන අමනාප නොවන ලෙසත් නොවරදවාම එයට සහභාගි වන ලෙසත් ඉල්ලා සිටියාය.
ඒ අනුව උත්සවයට සහභාගි වීම සඳහා සැමියා සහ බිරිය තීරණය කළහ. ඒ වෙනුවෙන් ඔවුහු අධික මුදලක් ගෙවා ඇඳුම් ආයිත්තම් මිලදී ගත්හ. විවාහ මංගල්‍යයට පෙරදින කාන්තාව රූපලාවන්‍ය ආයතනයකට ගොස් මුහුණද පේෂල් කරවා ගත්තේ කාටත් නොදෙවෙනි ලෙසට සහභාගි වීමටය.
එදින රාත‍්‍රියේ කාන්තාව නුවර තම ඥාති සොයුරියට දුරකථන ඇමතුමක් ලබාදී නංගී හෙට අයියයි මමයි වෙඩින් එකට කෙලින්ම හෝටලේට එනවා. අපිට හෝටලේට එන පාර කියන්න යැයි කීවාය. මොකටද හෝටලේට එන්නේ? නෝක්කඩු ස්වරූපයකින් ප‍්‍රශ්නයක් ඇසිණි. ඇයි මොකද වෙඩින් එක කල් ගියාද? අනුරාධපුර අක්කා යළිත් ඇසුවාය. වෙඩින් එක තිබ්බේ දාහතර නේ. ඥාති සොහොයුරිය පැවසුවේ අමනාපයෙනි. ඇයි එදා නංගීනේ ටෙලිෆෝන් කරද්දී කීවේ වෙඩින් එක දාහත් වෙනිදා කියලා යැයි කීවිට දුරකථනය විසන්ධි විය. ටෙලිෆෝන් එකෙන් වෙඩින් වලට ඉන්වයිට් කරන කාටත් ඕවා හොඳ පාඩම් අඩුගානෙ එස්.එම්.එස්. එකක් වත් ගැහුව්වා නම් ඉවරයිනේ. අනුරාධපුරයේ සැමියා තම බිරියට පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමක් නැහැ ඇදුමට විතරනේ සල්ලි ගියේ. තෑග්ග දුන්නේ නැහැනේ.(නදී)
ඊළඟ මගුල් ගෙදරට අලුතෙන් කරන්න ඕන පේෂල් එකක් විතරයි. මහත්තයට ලාබයි. (ස)
දැන් ඉතින් බිරිඳට සතියක් විතර නාන්නේ නැතිව ඉන්න කියන්න.. අපරාදේ පේෂල් එක (ස)
මගේ නෝනේ නුඹ නාඩන් ඊළගට හොද මගුලක යන්... (නි)
අපරාදේ! පොඩි ෂොට් එකක් දාගන්න තිබුණු අවස්ථාව.... (නි)
මංගල උත්සව වලට ආරාධනා කරන්න දුරකතන මොකටද? අපේ පැරණි විදියට බුලත් අතක් පාවිච්චි කරලා ඇයි ඒක කරන්න බැරි? (නි)
OIC මහත්තයා අදත් කථාවක් ලියලා වගෙයි. මෙයා සේවය කරන්නේ අපේ ආයතනයේ. දවසම හොද කථා හොයහොය ලියනවා.(නදී)