රාත‍්‍රී කාලයේ නිවසකට ඇතුළු වී ජංගම දුරකතනයක් සොරා ගෙන යමින් සිටියදී අතර මගදී එම දුරකථනයට ආ ඇමතුමක් නිසා දුරකතනය අතහැර පළා ගිය බල්ලකු ගැන පුවතක් සාලියවැව නීලබැම්ම ජනපදයෙන් වාර්තා වෙයි.
මෙම ජංගම දුරකතනයේ හිමිකරු ප‍්‍රදේශයේ ගොවි මහතෙකි. ඔහුම පවසන අන්දමට දිය නෑම සඳහා සිය ගෙවත්තේ ළිඳට ගොස් සිට ඇත. එවිට දුරකතනය තිබී ඇත්තේ නිවසේ සාලයේ පුටුවක් මතය. දිය නා ආපසු නිවසට පැමිණි ගොවි මහතාට තම දුරකතනය පුටුව මත නැති බව පෙනී ගොස් ඇත. ඒ ගැන වටපිට විපරම් කළද පළක් නොවූ තැන ගෙතුළ සිටි බිරිය හා දරුවන්ගෙන් ද දුරකතනය ගැන විමසීමක් කර ඇත. නමුත් ඔවුන් ද ඒ ගැන දැන සිට නැත.
තම පවුලටම ඇති එකම දුරකතනය හිටි හැටියේ මෙසේ අතුරුදන්වීම පිළිබඳව කලබල වූ නිවැසියන් තවදුරටත් ඒ මේ අතට ඇවිදිමින් දුරකතනය සොයන අතරේ නිවසට ඉදිරියෙන් ඇති අතුරු පාරක් දෙසින් දුරකතනයක් නාදවෙන හඬ ඇසී ඇත. නාදයට අනුව එය තමාගේ දුරකතනය විය හැකි බවට අනුමාණ කළ ගොවි මහතා වහාම ඒ දෙසට දුව ගොස් බලනවිට ඔහුගේ අනුමානය නිවැරදි විය. ඒ වනවිටත් නාදවෙමින් හා ආලෝකයද විහිදුවමින් බිම වැටී තිබූ දුරකතනය ඔහුගේ එකම විය.
මෙම අවස්ථාවේදී දුරකතනය වැටී තිබූ තැනට නුදුරින් බල්ලෙකු ඒ දෙස බලාගෙන සිට තමා දැක පළා ගිය බවත්, අතට ගත් දුරකතනය පරීක්‍ෂා කර බැලීමේදී එහි තිබූ සලකුණු අනුව අදාළ බල්ලා එය රැුගෙන යමින් සිටි බවට තහවුරු වූ බවත් ගොවි මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ කතාවක් (නි)
හරිම රසවත් කතාවක්. (නි)
ෆෝන් එකත් බල්ලට ගියා එහෙනම්. (ර)
නියම කතාවක්!
කාලෙකින් රස කතාවක් ඇහුවා (නි)
නියම කතාව! (නි)
හරි සතුටුයි බණ්ඩාරගේ කතාවට (නි)
මේවා මෙහෙම වෙන එක පුදුමයක්ද? (නි)
දැන් සෙල්ෆෝන් එක බල්ලට ගිහින් කියලද කියන්නේ. බල්ලෝ කරන්නේ ඉතින් ඔය වැඩමනේ. එත් මිනිස්සුත් කරන්නේ කොහොමටත් බල්ලන්ගෙන් සෙල්ෆෝන් විතරක් නොවෙයි අපිත් පරිස්සම් වෙන්න ඕන. ටිකක් හොයල බලන එක හොදයි බල්ලව පුරුදු කරලද කියලා. (ර)
අනේ හරිම ලස්සන කතාවක්. පව් අසරණයා. (නි)
හරිම රසබර ලිපියක්. (ර)
බලුවැඩ බලුකතා අහල දැන්නම් මට එපාවෙලා.(බ)
බල්ලා රට ගිහින් රට බල්ලට ගිහින්. (බ)
දෙපා සතුන් කෝටිගණන් හොරා කද්දී, අපි ඔය පොඩි ෆෝන් එකක් හොරා ගත්තාට මොකද කියලා බලු පෝතකයාට හිතෙන්න ඇති.බල්ලෝ වුණත් හැමදාම හොරු අල්ල අල්ලා ඉන්නේ නැතුව වෙනසක් බලාපොරොත්තු වෙන්න ඇති. (අ)
බල්ලන්ට ගිය කල.? අරහේ සල්ලි කනවා, මෙහෙ ෆෝන් උස්සනවා,අනේ මන්දා..? (ර)
ෆෝන් එක බල්ලට ගියා බල්ලා හඳට ගියා. (ර)
බල්ලොත් එක්ක බෑ. (ර)
ආපු දුර කතන ඇමතුම නිසා ගොවි මහතාගේ නැතිවෙන්න ගිය දුරකතනය 99 න් බේරුනා. මේකෙන් පේනවා දැන් බල්ලන්ටත් දුරකථන අවශ්‍ය බව. (ර)
අපේ ගෙදර ඉස්සර බල්ලෙක් හිටියා ඌ කෑම අරගෙන ගිහිල්ලා තියා ගන්නවා කන්නේ නැතිව. පස්සේ කන්න වෙන්න ඇති. දැන් බල්ලන්ගේත් අවශ්‍යතා වෙනස් වෙලා මම හිතන්නේ. (ර)
බල්ලට හිතෙන්න ඇති බැල්ලිත් එක්ක මල් කඩන්න. (ර)