නවීන පන්නයේ ජංගම දුරකථනයේ ගබඩාකර ගෙන තිබූ සිය ජාතික හැඳුනුම්පතේ දෙපස ඡායාරූප පෙන්වා තම ඡන්දය දැමීමට අවසර පැතූ තරුණියකට ඒ සඳහා ඡන්ද පොළ නිලධාරීන්ගෙන් අවසර නොලැබීම නිසා බලාපොරොත්තු සුන්කරගෙන ඡන්දපොළෙන් පිටව යාමට සිදුවීමේ පුවතක් කොළඹ දිසාවේ ඡන්ද පොළකින් අසන්නට ලැබිණ.
නවීන පන්නයේ විලාසිතාවන්ගෙන් සැරැුසී ඡුන්ද පොළ වෙත කඩිමුඩියේ පැමිණි තරුණිය සිය නිල ඡුන්ද දැන්වීම්පත නිලධාරීන් වෙත ඉදිරිපත් කර ඇත.
එවිට ඔවුන් ඇයගෙන් හැඳුනුම්පත ඉල්ලූ විට හැඳුනුම්පත නැතිවී ඇති බැව් පවසා නැතිවීමට පෙර තම ජංගම දුරකථනයේ ගබඩා කරගත් එහි දෙපස ඡායාරූප පෙන්වා ඡන්දය දැමීමට අවසර පතා ඇත.
නීතිය අනුව එයට අවසර දිය නොහැකි බව නිලධාරීන් පැවසීමෙන් පසු තරුණිය ඡන්ද පොළෙන් පිටව ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නවීන තාක්ෂණයෙන්, ඉලෙක්ට්‍රොනික් බෝඩින් පාස් දුරකථනයෙන් පෙන්වා ගුවන් යානාවල ගමන් කරන්නට මගීන්ට හැකියාව තිබේ. (අ)
හැඳුනුම් පත මොකටද ඡන්දෙට?(නදී)
මේ වගේ මෝඩ රැලක් සිටින රටක මීට වඩා ලොකු ඡන්ද ප්‍රතිපලයක් බලාපොරොත්තු වෙන්න බැහැ. (නදී)
ගාල්ලේ නෙමෙයි බෙලිඅත්තේ (ම)
පාස්පෝර්ට් එකෙන් ඡන්දේ දාන්න පුළුවන් නේද? (නි)
මනෝරි නංගි, ගම ගාල්ලේ ද?? (නි)
අපේ රටේ තිබෙන පසුගාමී තත්වය මේ පෙන්වන්නේ.මුළු ලෝකෙම දැන් විද්‍යුත් හැඳුනුම්පත් පිළිගන්නවා. අපිට ලොකු දේවල් කරන්න ඕනෑ නම් මීට වඩා වෙනස් වෙන්න වෙනවා. (නි)
මනෝරි දඹානේද? ඔච්චර තරහ ගන්නේ ඇයි? මෝඩකම ගැන දුකයි (නි)
ඡන්දෙට හැඳුනුම්පතක් අනිවාර්යයි (ම)
ඡන්දෙ දාන්න හැඳුනුම්පත අනිවාර්යයි කියලා නැහැනේ. මට පෙනෙන්නේ නවීන විලාසිතාවලට ඉරිසියා කරන රජයේ සේවකයෝ ටිකට පොඩි අමාරුවක් ඇවිල්ල වගේ.(නදී)
යල් පැනගිය නීති අද කාලයට ගැලපෙන ලෙස අලුත් කල යුතුයි. හැඳුනුම් පත ඉල්ලුවේ ස්කෑන් කරන්න නෙමෙයි නම් පින්තුරේ හොඳට තියෙනවා නම් අැයි පිළිගන්න බැරි? (නදී)
මනෝරි, ඔබ මනෝ වෛද්‍යවරයෙකු හමුවන්න (නි)
දුරකථනය අරන් ජන්දෙ දාන්න ගිය තරුණිය ගැනත් මනෝරි ගැනත් කනගාටු වෙනවා ඇරෙන්න මොනවා කරන්නද? (ම)
නියම දෙයියෝ සාක්කි කතාවක්! (නි)
ගොඩක් අය හිතාගෙන ඉන්නේ දුරකථනයෙන් හැමදේම කරන්න පුලුවන් කියලා (නි)
මනෝරි, ඡන්දෙට හැඳුනුම්පතක් අනිවාර්යයි.නමුත් ඇඳුම් නම් අනිවාර්ය නැහැ. (අ)
මනෝරි ඔබේ නොදැනුවත්කම හා මෝඩකම පිළීබඳව මම කණගාටු වෙනවා. රජයේ සේවකයෝ හරියට මෙතනදි රාජකාරිය කරල තියෙනවා. ජන්දය දාන්න අනිවාර්යෙන්අවශ්‍ය හැඳුනුම්පත් වර්ග මොනවද කියලා ජන්ද කාඩ්පතේ පිටුපස පැහැදිලිව සඳහන් කරල තියෙනවා. ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු ගුවන් ගමන් බලපත්‍රය, විශ්‍රාම වැටුප් හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, මැතිවරණ දිනයට පමණක් වලංගු වන පරිදි නිකුත් කෙරෙන තාවකාලික හැඳුනුම්පත යන ඒවායින් එකක් අනිවාර්යෙන්ම ජන්ද දායකයා ඉදිරිපත් කළ යුතුමයි. ජන්ද කාඩ්පත නොමැති වුවත් වලංගු හැඳුනුම්පතක් ඉදිරිපත් කරන ජන්ද නාම ලේඛණයේ ලියාපදිංචි අයෙකුට ජන්දය භාවිතා කිරීම සඳහා නිලධාරින්ට ඉඩ ලබාදිය හැකියි. නමුත් වලංගු හැඳුනුම්පතක් නැතිව ජන්දය දීමට ඉඩදීමට කිසිම නිලධාරියෙකුට බලයක් නැහැ. ජන්දය දීමට සුදුසුද නුසුදුසුද යන්න තීරණය කරන්නේ පවත්නා නීති රාමුවට අනුව මිසක් කාගේවත් පෙනුම හෝ කරන විලාසිතා අනුව නොවේ. මේ සඳහා රජයේ සේවකයන්ම යොදා ගැනෙන්නේ ඔවුන් වගකීම් සහගතව මේ රාජකාරිය ඉටු කිරීමට සියලු නීති රීතිවලින් බැඳී සිටින නිසාවෙනි. (අ)
මනෝ ඔයා කොමද එහෙම කියන්නේ අනිවාර්යෙන් හැදුනුම්පත අවශ්‍යයි නැත්නම් හොර ඡන්ද දාවි (බ)